තිසරණයට දිවි පුදමි…!

සසරට වැදී දුක්විදින සත්වයා කෙරෙහි අනුකම්පාවෙන්ම, සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා උතුම් වූ බුද්ධත්වය අවබෝධ කොටගත් අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මාගේ ජීවිතය පූජා කරමි…!

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් තම සර්වඥතා ඥානයෙන් අවබෝධකොට ගෙන, අප කෙරේ අනුකම්පාවෙන්ම දේශනාකොට වදාළ, න්‍යෙර්යානික වූ ශ්‍රී සද්ධර්මය උදෙසා මාගේ ජීවිතය පූජා කරමි….!

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල නිර්වාණ මාර්ගය අප හට පෙන්වා දෙමින් ඒ උතුම් නිර්වාණ මාර්ගයේ ගමන් ගත්, ගමන් ගන්නා කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නය උදෙසා මාගේ ජීවිතය පූජා කරමි…!

Advertisements

2 thoughts on “තිසරණයට දිවි පුදමි…!

  1. තෙරුවන් සරණයි !

    බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව අන්තර් ජාල පිටපත මුද්‍රිත පොතේ ස්කෑන් පිටපතක් වන අතර එහි සමහර අකුරුවල වෙනස අදුරගත නොහැක. උදාහරණයකට “ඛ” සහ “බ” වෙනස, “හ” සහ “භ” වෙනස “ඡ” සහ “ජ” වෙනස සහ තවත් බොහෝ.

    මෙය නැවත පරිගණකයේ නැවත ලිවිය හැකිනම් ප්‍රමාණයෙන් කුඩා (ධාරිතාවය) සහ ගුණාත්මක භාවයෙන් ඉහල තත්වයේ පවත්වාගත හැක. (නව pdf copy එකක් ලෙස – දැනට ඇත්තේ pdf copy එකක් උනාට එය scan copy එකකි ). ප්ර්ත්යග ශිලින්ගෙන් මේසදහා උපකාර ලබාගැනීමට උන්ද කැකි අතර විදේශ ගත සහ පරිගණක භාවිතාකරන තරුණ සිංහල බෞද්දයන්ට නිවැරදිව දර්මය ඉගනීමට රුකුලකි. මිය මගේ යෝජනාවක් වන අතර ඒසදහා යම් ආයතනයක් පෙරමුණ ගනීනම් මමද එම කුසල පින්කමට දායක වෙමි. ය්කරුනාකර මෙය අදාල තැනක් දනිනම් යොමුකර මාද දැනුවත් කරනමෙන් කාරුණිකව ඉල්ලමි.

    • ඔබගේ යෝජනාව ඉතාමත් වටිනා එකකි.

      ඔබගේ මේ අදහස අනුවම, මා විසින් සංයුක්ත නිකාය පරිගණක අක්ෂරයෙන් ටයිප් කර අවසන් කර දෙවන ග්‍රන්ථයෙන් යම් ප්‍රමාණයක් ද (සිංහල පමණක්) ටයිප් කර ඇත. නමුත් එය තනිව පටන් ගත්තද තනිව කරගෙන යා නොහැකි කර්තව්‍යයක් බව දනිමි. විශේෂයෙන් කෙදිනක හෝ පාලි ත්‍රිපිටකය පරිගණක ගත කරන්නේ නම් පාලි භාෂාව ගැන දැනුමැති විශේෂ උපදෙස් යටතේ එය සිදුකළ යුත්තේය. යම් වචනයක හෝ අඩුපාඩුවක් සිදුවන්නෙ නම් එය, ධර්මයටත්, මෙතෙක් කලක් ධර්මය නිර්මලව රැකගෙන ආ මහා සංඝරත්නයටත් කරන අගෞරවයකි.

      ඒ නිසා යථා කාලයේදි යම් කිසි වැඩපිලිවෙලක්, යම් ආයතනයක අනුග්‍රහයක් යටතේ, ඔබ යෝජනා කළ, මා කරගෙන යාමට උත්සාහගත් වැඩපිලිවෙල සම්බුද්ධ ශාසනයේ නාමයෙන් සිදුකළ යුතුය. එසේ නොවුනහොත් අනාගතයේ ධර්මය ලෙසට ඉතිරිවනුයේ, යම් කිසිවෙකුගේ මතවාද ගොඩක් පමණකි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s