වසර 166කට පෙර රට වෙනුවෙන් දිවි පිදූ කුඩාපොළ හිමියෝ..!

10603604_805901652787365_6804302421284248959_n

අදින් වසර එකසිය හැට හයකට පෙර 1848 අගෝස්තු 26දා පෙර අපරදිග ලෝකයේ ශිෂ්ටත්වය හා සභ්‍යත්වය අතින් ඉහළම තැනක සිටි සිංහල ජාතියේ මුදුන් මල් කඩ ලෙස සැලකෙන ශ්‍රී සෙංකඩගලපුර දළදා මන්දිර භූමියේදී මුළු මහත් ශිෂ්ට සම්පන්න ලෝකයාම කම්පාවට පත් කරන මහත් තිරශ්චීන සිදුවීමක් සිදුවිය.

ඒ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක සිවුර පිටින්ම වෙඩි තබා මරා දමනු ලැබීමයි. මේ අහස පොළොව නුසුලන අපරාධයෙන් හෙල්ලී ගියේ මහනුවර රාජ්‍ය පමණක් නොවේ. හිරු නොබසින අධිරාජ්‍ය යැයි තමන් විසින්ම මහත් උජාරුවෙන් හඳුන්වා ගත් මහා බි්‍රතාන්‍යය යටතේ ඇති රටවල්, නීතියෙන් අවනීතියෙන් හා දණ්ඩනයෙන් පාලනය කරමින් සිටි බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවද වෙව්ලා ගියේය.
ඊට හේතු වූයේ භික්ෂුන් වහන්සේ නමක් සිවුර පිටින්ම වෙඩි තබා මරා දැමීම පමණක් නොවේ. භික්ෂුව මරා දැමීමේ දී බි්‍රතාන්‍ය රාජ්‍ය බලධාරීන් ක්‍රියා කොට ඇති ආකාරයද බරපතළ ලෙස තිරස්චීන වීමය.

මෙම භයානක සිදුවීම පිළිබඳ සොයා බැලීමට පත් කරනු ලැබූ පාර්ලිමේන්තු කාරක සභාවේදී ඉදිරිපත් වූ සාක්ෂිවලට අනුව බෞද්ධ භික්ෂුවක් මරා දැමීමට නියමිතව ඇති බව දැනගත් අග්‍රවිනිශ්චයකාර ඇන්තනි ඔලිෆන් ඒ පිළිබඳ ආණ්ඩුකාර ටොරිංටන්ගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහුගේ පිළිතුරු වී ඇත්තේ ‘මේ රටේ සිටින සෑම නීතිඥයකුම ඒ මිනිසා නිවැරැදිකරු වෙතැයි කියතත්, ඔහු හෙට උදේම වෙඩි තබා මරා දමන්නෙමි’ යන්නයි.
මෙසේ (1848 අගෝස්තු 26දා ඊයේ) වැනි දිනයක උදෑසන 7.00ට සිවුර පිටින්ම වෙඩි තබා මරා දමනු ලැබුවේ මහනුවර පාතදුම්බර උඩගම්පහ කෝරලයේ කහල්ල විහාරස්ථානයේ වැඩ සිටි කඩහපොළ හෙවත් කුඩාපොළ හාමුදුරුවන් වහන්සේය.

සිවුර පිටින්ම වෙඩි තබා මරා දැමීමට උන්වහන්සේ කරන ලද අපරාධය වූයේ ‘ මේ රටේ අයිතිකාරයන් වන්නේ සිංහල අපියි, අපේ රටේ ඉඩකඩම් අපෙන් උදුරාගෙන ඒවායේ දෙමළුන් මරක්කලයන් පදිංචි කරවන්න සුද්දන්ට ඉඩ දෙන්න බැහැ. සුද්දන්ට අපි දීලා තියෙන්නේ මේ රටේ භාරකාරත්වයක් පමණයි. උන්ට රටේ අයිතියක් දීලා නැහැ. අපි අපේ අයිතිය ආරක්ෂා කරගන්න ඕන’ යනුවෙන් ප්‍රකාශ කරමින් සිංහලයන් ඒ සඳහා පෙලඹවීමයි.

ඉංග්‍රීසීන් මේ රට අල්ලා ගත්තේ මේ රට ආරක්ෂා කරන්නට නොවේ. මේ රට හැකිතාක් සූරා කන්නටය. එමඟින් තමන්ගේ රට ධනවත් කරගන්නටය. එය කළ හැක්කේ වෙළෙඳාමෙනි. විවෘත වෙළෙඳාමෙනි. ඒ සඳහා වූ වගන්තියක් මේ සිංහල රටේ භාරකාරත්වය ඉංග්‍රීසීන්ට පැවැරීම සඳහා 1815 මාර්තු 2-10 දිනවල අස්සන් කළ ගිවිසුමේ අන්තිමට ඉතා සූක්ෂ්මව ඇතුළත් කරගනු ලැබිණි. වගන්ති 12කින් යුත් ගිවිසුමේ අන්තිම වගන්තියේ එය මෙසේ සඳහන්ව ඇත.

‘මේ රටවල වෙළහෙළඳාම් වර්ධනය වෙන පිණිස මෙහි උපදන දේ වෙළෙ¼දාම් පිණිස ගෙනයෑම පහසු වෙන හැටියටද මුදල්, රෙදි, ලුණු නොහොත් සිංහලේ වැසියන් වැඩි කැමැති ඇතිවෙන බඩු ඒ පිණිස ගෙන ඒම පහසු කරන ලෙසද එතකලට පඟාර්තුවක් කර මහරාජෝත්තමයන් වහන්සේ වෙනුවට රාජ්‍ය වර්ධන කරන කුමාරයන් විසින් ඒ පඟාර්තුව ඒත්තු ගන්නා ලෙස ගරුතර ගෙවැර්නඉන්රු උතුමාණන් වහන්සේ විසින් ඉල්ලා අරින්සන් යෙදෙනවා ඇත.’
මේ අන් කිසිවක් නොව ආර්ථිකය විවෘත කර ගැනීමය. ඒ අනුව මේ රටේ මුලින්ම විවෘත ආර්ථික ක්‍රමයක් ඇති කරනු ලැබුවේ ජේ.ආර්. ජයවර්ධන නොවේ. ඉංග්‍රීසීන්ය.

– ගාල්ලගේ පුණ්‍යවර්ධන ප්‍රධානී ස්වර්ණහංස පදනම

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s