රජ දැක්මට අවසරයි..!

 

10614362_802591086451755_9079138364671563332_n
චිත්‍රපටියක් හැටියට මහ රජ ගැමුණු අද හෙට නිකුත් වෙයි. ඒ සම්බන්ධ පූර්ව ප්‍රචාරක කෙටි දර්ශන පෙල අන්තර් ජාලයට මුදා හැරල තියෙනවා. ගැමුණු නැත්නම් ගාමිණී අභය…දෙටු ගැමුණු (දුටු ගැමුණු නොවේ) සිංහලයේ දෙවන ජාතික විමුක්තිකාමියා. හැම දර්ශනයක්ම ජවනිකාවක්ම ප්‍රවේශමෙන් බලාපල්ලා කොල්ලනේ..කෙල්ලනේ.

ඇහැලේපොළ කුමාරිහාමි බැලුවද කියල ඇහුවම අලුත් අම්මන්ඩි කෙනෙක් කියපි…‘අනේ ඒක බලල දරුවො බයවෙයිද දන්නෙ නෑ..හරියට වයලන්ස් () තියනවලු නේද සර්‘…කියලා. මම මටම ‘නොදකිං‘ කියාගත්ත. අවුරුදු 300ක ඉතිහාසයක් තියන ඇමෙරිකාවෙත් ඉතිහාසය ඒ වීරත්වය ඒ හැටියෙන්ම දරුවන්ට කියා දෙද්දී, අවුරුදු 2400 ක විතර ලිඛිත ඉතිහාසයක් තිවුනට නිකං වුඩී වුඩ් පැකර්ලගේ, බෙන් ටෙන්ලගේ පාංකඩ රූකඩ ප්‍රේක්ෂකයෝ වෙච්චි අපේ දරුවන්ගෙ ඔළු ටිකක් හරි වෙනස් කරන්න පුලුවං ඇහැලේපොළ කුමාරිහාමිලව, ගාමිනී අභයලව ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයෙන් රූප භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කරන්න සමත්වුණු සුගත් සමරකෝන්ලට, ජයන්ත චන්ද්‍රසිරිලට.

මහා වංශයත් ‘සද්ධාර්මිකයෙක්‘ හැටියට යම් පමණකට වැරදි අර්ථකතනයක් දෙන ඉන්දියානු උපමහද්වීපයේ, දක්ඛින භාරතීය ව්‍යාප්තවාදයේ අතිශූර සටකපට නියෝජියා..එළාර… එළාරගේ විසිමහ යෝධයො එක්ක ඒ මහ බලැති සොළී හමුදාව කීතු කීතු කරන්න කාවන්තිස්සට දාව වෙහෙර මහදේවිය බිහිකරපු ඒ අසහාය සිංහලයා සේනා සංවිධානය කරපු ලස්සන, උපක්‍රම එළඹ සිටි සිහියෙන් බලන්න ඉටාගනිල්ල දරුවනේ..මේ නිකං විත්තරපටියක්.. බයිස්කෝප් එකක් නෙමෙයි… මේ අපේ ලේ ධාතුවේ තියන කථාවක්! අපේ තාරුණ්‍යය සන්සන්දනය කරාපියව් බොලල්ලා ගාමිණී අභයගේ තාරුණ්‍යය එක්ක.

කථාව බලද්දි, ඒ අසහාය සිංහල බලසෙනගේ හඩ ඇසෙද්දී බලාපල්ල උඹලගේත් කම්මුල් රත්වෙනවා… කන්පෙති වල ලේ ගලනවා දැනෙනවාද කියල. එහෙනම් එදා ගාමිණී පස්සෙන් කඩුවක්, හෙල්ලක් තෝමරයක් අරන් විජිතපුරේට ගිය පරපුරේ එකෙක් උඹත්. සතුටුවෙයල්ල….

ගාමිණී ආයෙත් ඉපදිලා ඉන්නවා බොලව්.. ඉන්තේරුවෙන්ම ඒ මහා හිංගලය කොයි මොහොතෙ හරි ගුගුගෙන මතුවෙනව.. තුණුරුවන් වැඳලා, ඉෂ්ඨදේවතානුස්මරණයේ යෙදිලා.. ලකලෑස්ති වෙයව්… මේක අවසාන අවස්ථාව අපේ මාතෘ භූමිය පූර්ණ නිවහල් රාජ්‍යයක් කරගන්න !

(බොදුබලසේනා අධ්‍යයන හා පර්යේෂණ අංශ ප්‍රධානී චමිල ලියනගේ මහතාගේ සටහනකින් උපුටාගන්නා ලදී)

‘මහරජ ගැමුණු’ සිනමා කෘතියේ පූර්ව ප්‍රචාරක පටය පහත සබැඳියෙන් නරඹන්න >>>>>
https://www.youtube.com/watch?v=aggKC_crQ_o

මහරජ ගැමුණු – නිල facebook පිටුව >>>
https://www.facebook.com/GemunuMaharaja

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s