දස වැදෑරුම් දළඳා ප්‍රතිඥාව >>>>>>>>

10514734_772182899492574_6278067618205675458_n
https://drive.google.com/file/d/0ByoNnbsemXfONWh1RXRZMGRnUG8/edit?usp=sharing

2014-06-24 දින ශ්‍රී දළදා වහන්සේ අභියස පැවැත්වූ මහා අධිෂ්ඨාන පූජාව..!

කන්ද උඩරට, ඓතිහාසික සෙන්කඩගලපුර ශ්‍රී දළදා මාළිගාවේ විරාජමානව වැඩසිටින – මේ තුන්සිංහලයද, සිංහලයාද, ශ්‍රී සම්බුද්ධ ශාසනයද ආරක්ෂා කරන්නාවූත්, තුන් සිංහලයට සර්ව ‍‍‍ඓශ්චර්යය ලබාදෙන්නාවූත් – සකළ ලෝකවාසී බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ බඳුවූත්- සිය අපරිමිත බුද්ධ රශ්මි ආලෝක ධාරාවන්ගෙන් සිංහල දේශය නහවන්නාවූත් – ශ්‍රී දන්ත ධාතූන් වහන්ස‚ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූ අසූ දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය පළමුව ලත් ශ්‍රීමත් ශ්‍රී වාම දාඨා ධාතූන් වහන්ස….
උතුම් හේමමාලාවන් හා දන්ත කුමරුන් ගෙන වැඩමවා වදාරනු ලදුව දක්ඛිණ මේඝගිරි විහාරයේ පටන්, අනුරාධපුර දළදා ගෙයි පටන්, පොළොන්නරුව, මාගම, බෙලිගල, දඹදෙනිය, යාපහුව, කුරුනෑගල, කෝට්ටේ, කුරුවිට, කොත්මලේ, මැදමහනුවර ආදී ස්ථානයන්හි වඩා හිදුවා අද සෙන්කඩගල ශ්‍රී දන්තධාතූ මන්දිරයේ විරාජමාන වාම දාඨා ධාතූන් වහන්ස,
අලුයම් තේවාව, නව පෑ තේවාව, හැන්දෑ තේවාව, නානුමුර මංගල්‍යය, අලුත් සහල් මංගල්‍යය, අවුරුදු මංගල්‍යය, කාර්තික මංගල්‍යය හා උපසම්පදා මංගල්‍යයෙන්ද

මාළිගාවේ පෙරහැර, නාථ දේවාලයේ පෙරහැර, විෂ්ණු දේවාලයේ පෙරහැර, කතරගම දේවාලයේ පෙරහැර, පත්තිනි දේවාලයේ පෙරහැර කියන්නාවූ පස්විධ විචිත්‍ර පෙරහැරින් සැදුනා වූ රන්දෝලි මහ පෙරහැරින් අලංකෘත ඇසළ මංගල්‍යයෙන්ද පුද ලබන මහානුභාව සම්පන්න දළදා හාමුදුරුවන් වහන්ස,
ත්‍රි සිංහලයද, සිංහලයාද, සසුනද රක්නා, විරූඩ, විරූපාක්ෂ, ධෘතරාෂ්ට, වෛශ්‍රවණ යන සතර වරම් දෙවියෝද, මහා උත්පලවණ්න විෂ්ණුන්ද, මහසෙන් සිකියහන්ද, විභීෂණද, සමන් බොක්සැල්ද, දැඩිමුන්ඩ බණ්ඩාරද, අයියනායකයෝද, මංගර, කළු, සත් පත්තිනි, හෙනකඳ බිසෝ බණ්ඩාර, රන්වල, බටහිර රජ්ජුර් බණ්ඩාර, ඔඩ්ඩිබිරි සූනියම් ආදී වූ සියලු ගම්බාර දෙවි දේවතාවුන් වහන්සේලාගේද,
ගුරුළු, නාග, ගිනි දැල්, රත්න කූට, පූර්නක ආදී වූ සියළු හෙළ රාක්ෂයින්ගේද, කලුකිරි අම්මා හාමීන් වහන්සේගේ පටන් දොලොස් කට්ටුවක් ගරා, ගිරි, මහසොහොන්, රීරි, කළු, ආදී වූ සිවු හෙළ යක් දෙවිවරුන්ගේද නිති වන්දනයට, ගෞරවාදරයට පාත්‍රවූ දළදා හාමුදුරුවන් වහන්ස…

ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය පනස් අටක් වූ පොසොන් අව එකොළොස්වක නම් තිථිය ලත් කුජ දින හෙවත් ව්‍යවහාර වර්ෂ දෙදහස් දහ හතරක් වූ ජුනි මස විසි හතරවන අද දින- රුහුණෙන් – පිහිටි ‍රටෙන් – මළය රටෙන් – මායාවෙන් – තුන් කෝරළයෙන් – හත් කෝරලයෙන් – සතර කෝරළයෙන් – බෙලිගල් කෝරළයෙන් – පස්දුන් කෝරළයෙන් – ඌවෙන් – වෙල්ලස්සෙන් – බින්තැන්නෙන් – දිඝාමඩුල්ලෙන් – දක්ඛිණ දේශයෙන් – කෝට්ටෙන්- රජ රටින් වන්නියෙන් – ආදීවූ සිව් හෙළයෙන් – භික්ෂූ භික්ෂුනී උපාසක උපාසික ආදී වූ සිවුවනක් සපිරිවරින් මේසා පිරිසක් කැටුව ඔබ වහන්සේ බැහැ දකින්නට අප වැඩමවා වදාළේ, පැමිණියේ, දෘඩතර ජාතික අධිෂ්ඨානයක් කරනු රිසියෙන් බව සැලකරන්නට අවසරයි.

මේ භද්‍ර කල්පය දක්වාම ලොව පහලවී වදාළාවූ සියලු බුදුවරයන් වහන්සේලාගේ ශ්‍රී පාදස්පර්ශයෙන් අතිපාරිශුද්ධියට පත්වූ, එදා මෙදා තුර සිංහලයේ පහළවූ ත්‍රී සිංහලාධීෂ්වර, දශරාෂ්ඨපති, ශ්‍රී පුලතිසි රාවණ පරපුරෙන් උපන්, ගාමිණි අභය, වට්ටගාමිනී අභය, ගජබා, කීර්ති විජයභාහු, පළමු-දෙවන පරාක්‍රමබාහු, මහසෙන්, නිශ්ශංක මල්ල, කීර්ති ශ්‍රී මේඝවර්ණ, නිශ්ශංක අලගක්කෝනාර, පළමු-දෙවන රාජසිංහ, විමලධර්මසූරිය, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, ආදී කොට ඇත්තාවූ සිංහල නරේන්ද්‍රයන් විසින් නිරන්තරයෙන් තථාගතයන් වහන්සේට, උන්වහන්සේලා දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මස්කන්ධයට, උන් වහන්සේලා ස්ථාපනය කොට වදාළ ශ්‍රී සම්බුද්ධ ශාසනයට නිරන්තරයෙන් පුදන්නට යෙදුන හෙයින් බුද්ධ දේශය බවට පත්වූවා වූ මේ දේශයේ උපත ලබන්නාවූ සිංහලයෝ නම් සිය දිවි දෙවැනි කොට ජාතිය සසුන හා රට රකින්නය වරම් ලැබ දිවුරා පොරොන්දු වූවෝ මයි.

ඵුස්සදේව, සුරනිමල, ලභියවසභ, නන්දිමිත්‍ර, ගෝඨයිම්බර, ජයසේන ආදී වූ දසමහා යෝධයෝද, කුඩාපොළ රහුල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, වාරියපොල සුමංගල, හික්කඩුවේ ශ්‍රී සුමංගල, ආදී කොට වැඩසිටි සඟ පිතෘන්ද, කැප්පෙටිපොල, පුරන්, ගොන්ගාලේගොඩ, කිවුලේගෙදර මොහොට්ටාල පමණක් නොව කුඩා මද්දුම බණ්ඩාරද, පසුකාලීනව අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර වැනි දහස් ගණනක් විරුවන්ද සිය ජීවිතයට වඩා රට දැය සසුන උතුම් කොට සිතුවෝමය!

යුග යුග විරාජමාන ඒ සිංහල වීරත්වයට සදා පණදුන්, ආධ්‍යාත්මික මාර්ගෝපදේශකත්වය දුන් රටද දැයද සසුනද සිය කමටහන, භික්ෂාව, භාවනාව කොටගත් උජුපටිපන්න වූ සුසිල්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාත් – භික්ෂූණීන් වහන්සේලාත් – උන් වහන්සේලා පෙන්වා වදාළ ඒ මාර්ගයෙහි ත්‍රි සිංහලය මෙහෙය වූ උපාසක උපාසිකාවනුත් ස්ව සමයාභිවෘද්ධිය උදෙසා පටිසෝතගාමීව දියත් කළ මේ අප්‍රතිහත, දෘඩතර ධර්ම සංග්‍රාමය වනාහී, ත්‍රි සිංහලය බුද්ධාභිෂේකයෙන් ඒකාලෝක කරනු පිණිසම නිස්සරනාධ්‍යාසයෙන් කරන්නාවූ යුග මෙහෙවරක් වන්නේය.

ඔබ වහන්සේ අභිනන්දනය කෙරෙන තේවාවෙන් ඒකීය වන මේ ශුද්ධ බුදු භූමිය බුදු බිමකට අයෝග්‍ය සකළ පාපී දුෂ්චරිතයන්ගෙන් පිරෙමින්ද, ත්‍රි සිංහලයද, සසුනද වනසන සතුරු බලමුළු වල ආක්‍රමණයන්ට දිනෙන් දින නතු වෙමින්ද, පවතින බව බැගෑපත්ව අපි සැළකර සිටින්නෙමු. සිංහලකමත්, බෞද්ධත්වයත් අතර ඇති වසර දහස් ගණනාවක් අතීතයට දිවෙන අවිච්ඡින්න සබඳතාව බිඳ දමන, ගම පන්සල අතර ඇති අවියෝජනීය සබඳතාව බිඳ දමන, සිංහල බෞද්ධ කුටුම්බ තුල ඇති ආර්ථික, ශ්‍රම, බල ගතිකත්වයන් සුනුවිසුනු කර දමන, තනි තනි පුද්ගලයන් වශයෙන්, කුඩා දරුවාගේ සිට වියපත් පිරිස් දක්වා ගැහැණුන් හා පිරිමින්, ශාරීරිකව, මානසිකව අඩපන කරවන හා සමාජීය, සංස්කෘතිකමය වශයෙන් අකර්මණ්‍ය කරවන හා දේශපාලනිකව අතරමං කරවන බලවේග රාශියක් අප වටා, සිංහල බෞද්ධ අප ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක බව අපි සැළකර සිටින්නෙමු.

උතුම් වාම දාඨා ධාතූන් වහන්ස, මේ සියලු සතුරු බලමුළු දිනෙන් දින, එදා සිදුහත් බෝ සතුන් අභියසට ආ ඝෝර මරසෙන් ලෙසින් අප අභිමුවට එන්නේය. ඒ සඳහා අභීතව සටන් වැද සිටින පැවිදි ගිහි සැම මඩින්නට සිය ධනය බලය යොදමින් සිටින්නේය. දේශය, ජාතිය, ආගම සිය පණ දෙවැනි කොට රකින සුජාත දේශප්‍රේමීන් වෙනුවට – අවස්ථාවාදී දූෂීත විඥානයන්ගෙන් සමන්විත මිත්‍යාදෘෂ්ටිකයන්, කේවට්ටයන් නිසා අවුල් වියවුල් වන සමස්ථ රාජ්‍ය තන්ත්‍රයම රාජ්‍ය පාලනයම නොමග යවමින් සිටින්නේය. මේ ලෝක ධාතුවේ සිංහලයාට අයත් එකම බිම් කඩ අසිංහලයන් විසින්, අබෞද්ධයන් විසින් උදුරා ගනිමින් සිටින්නේය.

උතුම් වම් දාඨා ධාතූන් වහන්ස, දෙමළ බෙදුම්වාදයද, මුස්ලිම් අන්තවාදයද, ක්‍රිස්තියානි මූලධර්මවාදය, අයථා අන්‍යාගමිකකරණය, සිංහල හදබිම් ආක්‍රමණය, අධිරාජ්‍යවාදය, ශාසනික පරිහානිය, බෞද්ධ සමාජයේ ස්වයං පරිහානිය, හා වන්ද්‍යාකරණය යන නව වැදෑරුම් ශාපයන් පිළිබඳ සංවේදී වූ සබුද්ධික, එඩිතර, දේශමාමක, සුජාත පැවිදි ගිහි භුමිපුත්‍රයන් පිරිසකගේත් චින්තකයන්ගේත් සුසංකලනය විසින් ව්‍යවහාර වර්ෂ 2012 වෙසක් මස හත් වන දින බොදු බල සේනා සංවිධානය බිහි කරනු ලබන්නේ එකී ශාපයන්ගෙන් අපේ මේ බුද්ධ භූමිය මුදා ගනු පිණිසමයි. ඒ දෙවසර පුරාවට අපේ අවනඩු කියන්නට අපට සිටියේ ඔබ වහන්සේම පමණයි. අපට සවන් දුන්නේ ඔබ වහන්සේම පමණයි. සෑම තීරණාත්මක සටනකම දුනු දිය ඇදීමට මත්තෙන් ඔබ වහන්සේ පාමුල සත්‍යක්‍රියා කලේ ඔබ වහන්සේගේ ඒ ආනුභාවය, ආශීර්වාදය නොමදව ලබනු පිනිසයි.
දහසකුත් එකක් බාධක, අවළාද, අවදානම් මධ්‍යයේ, නොසැලී ඒ සිව්වනක් පිරිසේ අධිෂ්ටානශීලි පෙළගැස්මට නායකත්වය දෙන සත්‍යානුභාවයෙන් ඔබ වහන්සේ බැහැදැක – ඔබ වහන්සේ පාමුළ දණ්ඩ නමස්කාරයෙන් බැගෑපත්ව අපි මේ ඉෂ්ඨාර්ථ සිද්ධීන් අයැද සිටිමු.

• අප ජාතිය රට හා සම්බුද්ධ ශාසනය හමුවේ ඇති අභියෝග පිළිබඳව අප සිදුකරන පුරෝගාමී අනාවරණයන් ත්‍රි සිංහලය දසත පැතිරී, මේ උවදුරු පිළිබඳව සවිඥානිකව ක්‍රියාත්මක වීමට සිංහලයන්හට, නුවණැස, දිරිය පහළ වේවා.

• දිනෙන් දින අප වෙලා ගන්නා දෙමළ බෙදුම්වාදයද, මුස්ලිම් අන්තවාදයද, ක්‍රිස්තියානි මූලධර්මවාදය, අයථා අන්‍යාගමිකකරණය, සිංහල හදබිම් ආක්‍රමණය, අධිරාජ්‍යවාදය කියන්නා වූ බාහිරාන්ධකාරයන් ධූරීන්භූත වේවා.

• ශාසනික පරිහානිය අවබෝධ කොට ගෙන සසුන රැකගැනීම ජීවිතය කොට ගත් උජුපටිපන්න සංඝ පීතෘන්, මහ යතිවරුන් පහළ වේවා.

• ත්‍රි සිංහලය සුන්නද්ධූලි කරනු රිසි සර්වාගමික කූටෝපායන්ට එරෙහිව භික්ෂූ භික්ෂූනී උපාසක උපාසිකා සිව්වනක් පිරිස එකාවන්ව සිංහනාද කරන්නට පෙළ ගැසෙත්වා.

• ත්‍රි සිංහලය අරාජික කරනු රිසි අනාගමික නොරටින් ආ දේශපාලනික ක්‍රමෝපාය වෙනුවට සිංහල බෞද්ධ දේශපාලන මුළධර්ම පදනම් කරගත් නව ව්‍යවස්ථාවක්, නීති පද්ධතියක් බිහිවේවා.

• තිස් වසරක යුද්ධය නිමවා ලෝ පුරා නමක් රැන්දූ ත්‍රිවිධ හමුදාවන්ගේ, පොලිසියේ සේනාධිනායකයාගේ පටන් සොල්දාදුවා දක්වා අභීත අදීන අපේ සිංහල දූ පුතුනට උපහාර වේවා – තවදුරටත් රට – දැය සසුන රකින්නට – යෝධ බල යෝධ ශක්තිය, වීරිය ලැබේවා

• උතුම් තුණුරුවන්ගේ සූවිසි අනන්ත මහා ගුණ බලයෙන් මගේ මාතෘ භූමියට සකල සෞභාග්‍ය ඓශ්වර්ය සම්පත්තියම සැලසේවා.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s