යළි උපන් බලංගොඩ නාහිමි අධ්‍යාපන ඇමති වෙයිද?

857356_731096556934542_5523541960304916308_o

අපේ නායක හාමුදුරුවන් භාවනානුයෝගීව වැඩ වසන වෙලාවක උන් වහන්සේගේ අතීත ආත්මය පෙනී තියෙනවා. ඉන්දියාවේ හයිද්‍රාබාද්වල “මිහිර්කුල් මිහර්චන්ද්‍ර” කියලා වේදාන්තවාදී බ්‍රාහ්මණයෙකු වෙලා පසුගිය ආත්මයට පළමු ආත්මයේ ඉඳලා තියෙනවා.

මා තුළ නැගී ආ කුතුහලයේ නොඉවසිලි ගතිය නිසා ඉතින් හාමුදුරුවනේ මේ ආත්මයේ අවසාන භාගය ගැන මොනවද? කියල තියෙන්නෙ කියා ඇසිය යුතු ප්‍රශ්නය කෙළින්ම අසනු බැරිව මම වෙනත් වචන වලින් ඇසුවෙමි. නන්දසාර හිමියන්ට මගේ අදහස වැටහී මෙසේ කීහ.

සමහරු කියනවා නායක හාමුදුරුවන් තව මෙච්චර කල් වැඩ ඉන්නවා. මෙච්චර වයස තියෙනවා කියා ඒ කතා බොරු. අප නාඩි වාක්‍ය අරන් බැලුවා. නායක හාමුදුරුවන් ගත්ත නාඩි වාක්‍යයත් තියෙනවා. ඒවයේ තියෙන්නේ නායක හාමුදුරුවන්ගේ ආයුෂ අවුරුදු අසූ තුනයි. එසේ වුවත් කැමැති නම් යෝග භාවනා ශක්තියෙන් තව කලක් ඉඳිත හැකියි. දැන් හිටියා ඇති කියා හිතුවොත් කල් නොගොස්ම මරණය සිදු වෙයි කියලා.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන්ගේ නාඩි වාක්‍ය පිළිබඳ විස්තරය නන්දසාර හිමියෝ වැඩිදුටත් මෙසේ හෙළ කළහ.

රාහු මහ දසාවෙන් ඉපැදුණු නායක හාමුදුරුවෝ දැන් රවි මහ දසාව ගෙවනවා. අපි දැන් නිතරම උත්සාහ කරන්නේ නායක හාමුදුරුවන්ට අර වගේ සිතුවිල්ලක් පහළ වෙන්න ඉඩ නොදී ලෝකයටත්, ශාසනයටත් උන් වහන්සේගේ තවත් ආශ්ර්වාදය ලබා දෙන්න. සෑම බෞද්ධයෙකුගේම අදහසත් ප්‍රාර්ථනයත් ඒකයි.

අපේ මිනිසුන් නායක හාමුදුරුවන්ට යෝග භාවනාවට ඉඩ දෙනවා නම් හරියට සම්පූර්ණයෙන් දවස 2 – 3 එක දිගට භාවනාවේ යෙදුණොත් ශරීරයෙ තියෙන ලෙඩ දුක් දුර්වලකම් ඉවත් වෙනවා. අමුතුම කායික මානසික ශක්තියක් ගොඩ නැගෙනවා.

මීළඟ ආත්ම භාවය පිළිබඳව නාඩි වාක්‍යයේ තියෙන්නේ මේ භවයෙ අවසාන භාවය සම්පූර්ණයෙන් භාවනානුයෝගීව සිටියොත් අපවත් වී බ්‍රහ්ම ලෝකයේ උපදින්න ශක්තිය තියෙනවා. නමුත් ජනයාගේ අවශ්‍යතා ඉටු කරන්නට යෑම නිසා ඒකට ඉඩ ලැබෙන්නේ නැහැ. මීළඟ භවයත් ලංකාවෙම ඉපැදී වැඩී අධ්‍යාපන ඇමතිවරයා බවට පත් වෙනවා. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඉතා පිරිසිදු බෞද්ධ හෙවත් ධර්මානුකූල අධ්‍යාපන ක්‍රමයකට පරිවර්තනය කොට දැහැමි පාලනයකට පදනම යොදා නැවතත් ගිහි ජීවිතය හැර පැවිදිව භාවනානුයෝගීව සිට අපවත් වී බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. මෛත්‍රෙය බුදුරදුන්ගේ සමයේ නැවතත් මිනිස් ලොව උපදිනවා මේ නාඩි වාක්‍යයේ තියෙන හැටියි. නමුත් බ්‍රහ්ම ලෝකයක ඉපදීමට නායක හාමුදුරුවන්ට ඕනෑකමක් නැහැ. බුදුසසුන පවත්නා වර්ෂ පන්දහස අවසන් වන තෙක්ම ලංකාවේ උපදිමින් සතුරන්ගෙන් බුදුසසුන බේරාගෙන පිරිසිදු ලෙස එය රැකගැනීමටත් සසර ඉන්න තුරුම පැවිදිව හෝ ගිහි බ්‍රහ්මචාරීව ඉඳීමටයි නාහිමියන්ගේ නිතරම කරන පැතුම.

නායක හාමුදුරුැවො මෛත්‍රෙෙය බුදු වෙනවාය කියන අදහස වැරදියි. මෛත්‍රෙය බුදුන්ගෙන් පසු අන්තඃකල්ප 59 කට පසු මේ ලෝකය විනාශ වී නැවත ලෝකය ගොඩනැගී කල්ප ගණනකට පසුයි උන්වහන්සේ ගේ පැතුම ඉටුවන්නේ.

(“අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ” කෘතියෙහි එන, පූජ්‍ය මැදබැද්දේ නන්දසාර හිමියන් සමඟින් මතුගම මහින්ද විජේතිලක මහතා පැවැත්වූ සාකච්ඡාවකින් උපුටාගන්නා ලදී)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s