2014-03-17 බොදුබලසේනා මාධ්‍ය සාකච්ඡාව – රිෂාර්ඩ් බදුර්දීන් ගේ විල්පත්තු අභය භුමිය වැනසීම හා ඉඩම් මංකොල්ලය..!

10003523_719006538143544_886251501_n

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ දේශනය –
http://yourlisten.com/bbspuwath/idam-mankollaya

ආචාර්ය ඩිලන්ත විතානගේ මහතාගේ අදහස් දැක්වීම –
http://yourlisten.com/bbspuwath/idam-mankollaya-dilanthe

මාධ්‍ය නිවේදනය- බොදු බල සේනා – 2014 මාර්තු 20

විෂය : ත්‍රස්තවාදී යුද්ධය නිසා අවතැන්වූවන්ට නිවාස ඉදිකිරීම හරහා විල්පත්තු වනයට සිදු විය හැකි හානි කර තත්වය හා සමාජ ඒකාබද්ධතාවයක් ඇති කලයුතු සමාජයක වේනම් මුස්ලිම් කලාප ඇති කරමින් මුස්ලිම් ගම්මාන ඇති කිරීම

අවතැන් වුවන්ට ගෙවල් ලබා දිය යුතුයි. එහිදී මුලින්ම කල යුත්තේ ඔවුන් යුද්ධයට පෙර පදිංචි වී සිටි ප්‍රදේශ වල පනිවාස සාදා දී පදිංචි කල යුතුය. ශ්‍රී ලංකාවේ හරිත වනාන්තර විනාශ වෙමින් පවතින යුගයක විල්පත්තු වනාන්තරය අසල එළිපෙහෙළි කරමින් නිවාස සැදීමට කටයුතු කිරීම අතිශය භයානක පරිසර විනාශයකි. මේ රටේ පදිංචි වීමට කෙතරම් ඉඩ තිබියදීත් සිය දේශපාලනික අරමුණු සඳහා මෙලෙස වනාන්තර හා විශේෂයෙන් විල්පත්තු අභයභුමිය හෙළි කර විනාශ කිරීම හා එයට අනුමැතිය දීම භයානක අපරාධයක් බව බොදු බල සේනා අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරමු.

රටේ බොහෝ අංශ වලට මෙන්ම අවතැන් වුවන් පදිංචි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි. උපායමාර්ගික සැලැස්මක් රටට තිබිය යුතුයි. එසේ නොමැති වීම තුල එක එක පුද්ගලයින් තමන්ට ඕනෑ දේවල කිරීමට යාම නිසා මෙම තත්වය ඇති වී තිබේ.

රිෂාර්ඩ් බදුර්දීන් යනු මේ රටේ කර්මාන්ත ඇමැතිවරයාය. ඔහු මැදපෙරදිග රටවලට ගොස් මුස්ලිම් වරුන් සඳහා පමණක් නිවාස සැදීමට එම රටවල රාජ්‍ය නොවන සංවිධාන සමග ගිවිසුම් ඇති කරගැනීම පොදුවේ රාජ්‍ය පාලනය පිළිබඳ ගැටළුවක් ලෙස අපි දකිමු.

අවතැන්වූවන්ට නිවාස ලබා දිය යුතුය. ඔවුන්ගේ ජනවාර්ගික හා ආගමික පදනම් ගැන නොසලකා ඔවුන්ට වහාම පහසුකම් සැලසිය යුතුය. නිදහසින් පසු හැම පාලනයක්ම කලේ විදේශ රටවල ඩොලර් වලට අනුව ඕනෑම කෙනෙකුට නිසි ලෙස කටයුතු කිරීමට ඉඩ සලසමින් දියාරුව කටයුතු කිරීමයි. සුනාමියෙන් පසුවද එය අපි පැහැදිලිව දුටුවෙමු. අදද එය සිදු වීම කණගාටුවට කරුණකි.

යුද්ධයෙන් පසුව කලයුතු වන්නේ සියලු පාර්ශව සමග කතා බස් කොට විශ්වාශය ඇති වන ලෙස හා සහයෝගිතාවය ඇතිවන ලෙස සමාජ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කරනු ලබන යලි පදිංචි කිරීමක් සිදු කිරීමය. එහෙත් මෙලෙස නව මුස්ලිම් ගම්මාන ඉදි කිරීම අනාගත අර්බුධයක මූලාරම්භයක්ද , එය සමාජ ඒකාබද්ධතාව පිලිබඳ ප්‍රතිපත්තියට එකඟ ද?, ඔවුන් අනාථ වී ඇත්නම් ඔවුන්ගේ මුල් ගම්බිම් මොනවද?

ඔවුන්ට දීම සඳහා විලපත්තු අභය භුමිය විනාශ කිරීම කල හැකිද?. ඒ සඳහා අවසර ලබා දීම කල හැකිද? අවසර දුන්නේ කවුද? පාර්ලිමේන්තු මන්ත්‍රී වරු හා පරිසර ඇමති මේ සම්බන්දයෙන් නිහඩ ද ? ශ්‍රී ලංකාවේ නිවාස ඉදි කිරීම් ඇමතිවරයා මේ ගැන කියන්නේ කුමක්ද? පරිසර රාජ්‍ය නොවන සංවිධාන නිහඩ ඇයි? මේ සඳහා රජයට මුදල් ලැබුනේද? රාජ්‍ය ඇමතිවරයෙක් රාජ්‍ය වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කල පසු එම මුදල් රාජ්‍ය නොවන සංවිධානයකට ලැබුනේද? එසේ නම් එය රාජ්‍ය මුල්‍ය විනයට පටහැනි නොවේද?

ශ්‍රී ලංකාවේ මුහුදු බඩ තීරය ඇල්ලීමේ මුස්ලිම් අන්තවාදීන්ගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙන බව හා ඒ පිලිබඳ සාකච්චා කිහිපයක් රටතුලත් , ජාත්‍යන්තරවත් තිබු බවට අපට ලැබුණු වාර්තා අනුව පුත්තලම්- මන්නාරම් මුහුදු බඩ ප්‍රදේශය ආක්‍රමණය මෙහිදී මෙම සැලැස්ම අනුව සිදු වන්නේද හා එය ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය ආරක්ෂාවට භයානක තර්ජනයක් තිබෙන බවද ? යන කරුණු ගැන අප සොයා බැලිය යුතුය.

මෙම ගිවිසුම් පිලිබඳ තොරතුරු ලංකාවේ රාජ්‍ය වෙබ් අඩවිවල දැකිය නොහැකි වුවද පහත මැදපෙරදිග රාජ්‍ය නොවන සංවිධාන වෙබ් අඩවි වල දැකිය හැක.

http://www.jassimcharity.net/?ref=24&news=5

http://www.jassimcharity.net/?ref=24&news=12

මෙම නිවේදනය මුස්ලිම් වරුන් හෝ අප රටට උපකාර කරන පුද්ගලයන් හා සංවිධාන වලට එරෙහි වීමක් නොවන අතර අපගේ රටේ අන්තවාදීන්ගේ හා රජයේ වැරදි ප්‍රතිපත්තිමය කරුණු හා සම්බන්ධීකරනය පිලිබඳ අර්බුධයක් බව පැහැදිලිවම ප්‍රකාශ කරමු.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s