හෙල බොදු උරුමය ලොවට හඬගා කියන අපේ හාමුදුරුවෝ..!

1966314_718089378235260_727621885_o
https://www.facebook.com/photo.php?v=1444241329144550&set=vb.100006760899666&type=2&theater

ඔබ නිර්ව්‍යාජවම සිංහල ජාතියට, නිර්මල බුදු දහමට, දිනූ හෙල බිමට …
දෑ හිතකාමී සිංහලුන්ට පමණයි.

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් මඩකලපුව පෙරිය පිල්ලුමලේ කොස්ගොල්ල සිංහල ගම්මානයේ ත්‍රස්ථවාදීන් අතින් අවතැන් වූ අප සිංහල සොයුරන් නැවත පදිංචි කරමින් ඔවුන්ට නව නිවාස බෙදා දුන් මොහොත.

මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරයට 1990 වෑඩම කොට, අඹ ගැට තම්බා කමින්, ත්‍රස්ථවාදීන්ගේ පහර දීම් වලට, සිරගත කිරීම් වලට හා නොයෙකුත් ජාතිවාදීන් ගේ පහරදීම් වලට ලක්ව අයෝමය ටැඹක් සේ නොසෙල්වී අදටත් නැගෙනහිර බෞද්ධ උරුම පනමෙන් සුරකිමින්, නැගෙනහිර මඩකලපුවේ ජාතිවාදී පිරිස් වෙතින් අසරණ වූ අපේම සිංහලයන්ට ඇති එකම පිලිසරණවෙමින්, මවක් පියෙක් වෙමින්, නැගෙනහිර සිංහල ගම්වැසියන්ගේ අයුතිවාසිකම් වෙනුවෙන් නිර්භයව පෙනී සිටිමින්, පහර දිය යුතු තැනට නිවැරදිව පහර දෙමින් අප උරුමය සු‍රැකීමට දිවා ‍රැ වෙහෙසෙන, අදටත් කිසිදු ස්ථිර සිංහල බෞද්ධ දායකයෙක් මංගලාරාම විහාරයට නොමැතිව වුවත් දහසක් දුෂ්කරතා මැද අප උරුමය සුරකින, පෙනීසිටින ඒ වෙනුවෙන්ම දිවි කැපකොට සිටින පූජ්ය අම්පිටියෙ සුමනරතන නාහිමියන්ගේ රට දැය සමය වෙනුවෙන් නැගෙනහිර අප උරුමය ‍රැකදීමේ මහා ප්රමයත්නයට සිරස නමා වන්දනා කරමු.

දහසක් නිෂ්ඵල ඝෝෂා මධ්‍යයේ, රටෙහි අනෙකුත් සිංහලයන් බොහෝ වෙසෙන පලාත් වල ඇති පහසුකම් වලින් එක බිඳක් නොමැතිව ,මාධ්‍ය සංදර්ශන නොමැතිව උන් වහන්සේ කරන්නාවූ මේ සේවය අගය කරන්නේ අද රටේ ජනතාවගෙන් අල්ප වූ ප්‍රමාණයකි. සිංහලුනි, සෙසු සියලු කටයුතු පසෙක ලා, ඊලාම් සිතියමට හා මනෝ රාජ්‍යයික වසරිස්ථාන් සැලසුම් වලට නතුකොට ගැනීමට සැලසුම් ඇති, අපේම සිංහල බෞද්ධ උරුමය පන අදින, උතුරු නැගෙනහිර ප්රෞ ඩ සිංහල උරුමය ‍රැකගැනීමට පෙල ගැසෙව්……. එකතු වෙයව්.

ත්‍රස්ථවාදීන් විසින් පලවා හැරි අපේම සිංහල ගම් වැසියන් නැවත් පදිංචි කිරීමට එකතු වෙන්න….. ජාතිය හා තවත් 2500 වසරක් අප පණ මෙන් සු‍රැකිය යුතු නිර්මල සම්බුදු දහම නැගෙනහිරත් සුරක්ෂිත කොට අප අනාගත පරපුරට සු‍රැකිව බාර දීමේ වගකීම අප හමුවේ පවතී. හැකි පමනින් දායක වනවාද, හැකි පමනින් ලද දිවියෙන් කොටසක් තම රට සමය වෙත පූජා කරනවාද නැතහොත් උපන් දේශයටත්, දිනූ ජාතියටත් ජීවනාලිය වන් සමයටත් බිව් මව්කිරි බිඳටත් පරම ණය කාරයන් වී මියයනවාද…………… හිතන්න, විමසන්න… තීරනය කරන්න……එකතුවන්න , එකතුව එන්න………….

ඇරයුම, මඩකලපුව ශ්රීන මංගලාරාම විහාරාධිපති පූජ්‍යය අම්පිටියේ සුමනරතන නාහිමියන්ගෙනි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s