කූරගල වගේම දෙවනගලත් අනිවාර්යයෙන්ම බෞද්ධයින්ට දිනා දෙනවා..!

10003582_720997641277767_2100162129_o

මාවනැල්ල මහ සමුළුවේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ දේශනය –

http://vocaroo.com/i/s1xPFdCmtDBc

මේ තුන් සිංහලයේ සෑම බිම් අඟලක්ම ජාතියට දිනාදීම බොදු බල සේනාවේ වගකීමයි..” මාවනැල්ල බොදු මහ සමුළුව..!

“මිසදිටු බල බිඳින – බොදු මහ සමුළුව” තේමා කොටගත් තවත් දැවැන්ත බොදු බල සේනා මහ සමුළුවක් ප්‍රදේශයේ ශතාධික දේශමාමක භික්ෂුන් වහන්සේලාගේ හා සිංහල බෞද්ධයින් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් ඊයේ, එනම් 22 වන දින මාවනැල්ල නගර මධ්‍යයේදී පැවැත්වුණි. ඓතිහාසික දෙවනගල සිංහල බෞද්ධ උරුමය යළි දිනාගැනීමේ අරමුණ මෙන්ම, දිනෙන් දින උත්සන්න වන ජාතික ව්‍යසන පිළිබඳ රටට හෙළිදරව් කිරීමත් මෙම සුවිශේෂී බොදු සමුළුවේ මුඛ්‍ය පරමාර්ථ වී තිබුණි. වගකීමකින් තොර පාලකයන්ගේද, අදාළ අංශයන්ගේ වගකීම් පැහැර හැරීම නිසාද දෙවනගල ඓතිහාසික බොදු උරුමය ජාතියට අහිමිවෙමින් පවතින බව සමුළුවෙදී අවධාරණය විය.

http://bodubalasena.net/මාධ්‍ය-නිවේදන/දෙවනගල-විතරක්-නොවේ-අයථා/http://bodubalasena.net/මාධ්‍ය-නිවේදන/දෙවනගල-විතරක්-නොවේ-අයථා/

“දෙවනගල කියන්නේ මේ රටේ උපදින හැම සිංහලයටම දෙමළ මිනිහටම, හැම මුස්ලිම් මිනිහටම අයිති ජාතික උරුමයක්..ඒක වැනසීම කියන්නේ ජාතියට ජාතියේ ඉතිහාසය අහිමි වීම…” පැමිණ සිටි පිරිස ඇමතූ බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ. මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම් ආන්ඩුව තුළ වගකිවයුතු කැබිනට් ඇමතිවරයෙක් ලෙස කටයුතු කරමින්, ජිනීවා යෝජනා වලට පක්ෂපාතීව අත්තනෝමතික වාර්තා සැපයීම සිදු කරද්දී තවදුරටත් ඔහු ආණ්ඩුව තුළ සිටින්නේ කුමන පදනමකින්ද යනුවෙන්ද උන් වහන්සේ ප්‍රශ්න කළහ. “අපි මේ සටන කරන්නේ කිසිවෙකුට එරෙහිව ගල්කැටයක් වත් අතට අරගෙන නෙමෙයි..බොහොම අවිහිංසාවාදීව..මතවාදීව…හැබැයි අපේ සතුර එන්නේ පොල්ලෙන් නම් අපිත් පොලු අතට ගන්න කිසිසේත්ම පසුබට වෙන්නේ නෑ..”ඤාණසාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

මුස්ලිම් අන්තවාදය විසින් හා මෙරට ක්‍රියාත්මක බොහෝ රාජ්‍ය නොවන සංවිධාන වල දායකත්වයෙන් ජාතිය වැනසීම පිණිස ක්‍රියාත්මක බොහෝ කුමන්ත්‍රණ, වන්ද්‍යාකරණ උපක්‍රම පිළිබඳ හෙළිදරව් කිරීමක් බොදු බල සේනා ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් විසින් සිදු කරන්නට යෙදුනි. දෙවනගල මුදාගැනීම සම්භන්ධයෙන් යෝජිත ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන සිය ගණනක් පිරිසකගේ තොරතුරු ලබා ගැනීමද සමුළුව අතරතුරදී සිදු කෙරිණි. බොදු බල සේනා මාවනැල්ල සම්භන්ධීකාරක පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්ගේ මූලිකත්වයෙන්, බොදු බල සේනා කෑගල්ල දිස්ත්‍රික් සංවිධානයේ සම සංවිධායකත්වයෙන් මෙම ‍ ඓතිහාසික බොදු සමුළුව සංවිධානය කරනු ලැබූ අතර ඒ සඳහා බොදු බල සේනා මහියංගන සංවිධානය, ඇතුගල්පුර සංවිධානය, මහනුවර දිස්ත්‍රික් සංවිධානය ආදී ප්‍රාදේශීය සංවිධාන ද නන් අයුරින් දායකවූ බව වාර්තාවිණි. සමුළුව ආරම්භයෙදී බුද්ධ වන්දනාව පවත්වන ලද්දේ බොදු බල සේනා මහනුවර දිස්ත්‍රික් සම්භන්ධීකාරක පූජ්‍ය ලියන්වෙල ශාසනරතන හිමියන් විසිනි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s