සිංහල බෞද්ධයින්ගේ සැබෑ පියවරු හඳුනාගන්න..!

1962856_712067048837493_623662501_n
“1905 දී (1905 නොවැම්බර් 05) වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා බලංගොඩට ආවා. එතකොට මට අවුරුදු නවයයි. ඒ මහතා කුමාර විද්‍යාලයේ හැන්දෑවේ කථා දෙකක් පැවැත්වුවා. ළමයින්ට ගැළපෙන භාෂාවෙන් හොඳට තේරුම් ගන්නට පුළුවන් අවවාද මහා රාශියක් දුන්නා.

උන්නැහැ මහා දක්ෂ පුදුම කථිකයෙක්. කථාව ගැඹුරුයි. බොහෝම කාරුණිකයි.

උන්නැහේගේ ස්වරූපය ඉතාම ලස්සන ශාන්ත දාන්ත තාපසයකුගේ ආකාරයයි. කටහඬ ගැඹුරු බොහොම කාරුණික කටහඬක්. කථාවේ වචන යොදන ක්‍රමය මහා පුදුමයි. වචනයෙන් වචනය ශබ්දය ඉහළ නැගීගෙන නැගීගෙන ගියාම හැර ගහන්නා වාගේ. අසාගෙන ඉන්න පිරිස හැම වචනයක් පාසාම මහා උද්දාමයකින් යුක්තව ඒ අතටම කන් යොමු කරන ඉන්නවා. ආයෙ වෙන දේකට සිත යොමු කරන්න හිතෙන්නෙම නෑ. ඒ තරම් පුදුම කථා විලාසයක් උන්නැහැට තිබුණේ.

ඉතින් ඔය මා කියාපු වර්ෂයේදී එතුමා බලංගොඩට ගොහින් කළ කථාවේදී මගේ හිතේ එතුමාගේ ස්වරූපය තදින් වැදුණා. දෙවැනි දිනයේ උදේ මම ආතාගෙන් ඇහැව්වා ‘කවුද ආතේ ඒ මහත්මයා’ කියලා. ආතා කිව්වා ‘ඔය තමයි වලිසිංහ හරිශ්චන්ද්‍ර උන්නැහැ. උන්නැහැ බ්‍රහ්මචාරි’. ‘ඉතින් උන්නැහැ මොකද කරන්නේ..?’ මම ඇහැව්වා. උන්නැහැ බුද්ධාගම දේශනා කරමින් හැම තැනම පළාත්වල ඇවිදිනවා. බණ කියනවා. මිනිසුන් හොඳ දේවල යොදවනවා’. ‘ආත්තේ මාත් එහෙම නම් මේ හරිශ්චන්ද්‍රතුමා වගේ වෙන්ට ඕනෑ ලොකු වුනාම’.

පසුවදා උදේ ආතා මාවත් එක්කරන් ගියා හරිශ්චන්ද්‍ර මහත්මයා ළඟට. ගිහිල්ලා වලිසිංහ හරිශ්චන්ද්‍ර මහත්මයාට කිව්වා ‘මේ ළමයටත් බ්‍රහ්මචාරී කෙනෙක් වෙන්න ඕනෙ කියලා කියනවා’ කියලා. එතුමා එකවරටම කිව්වා ‘හොඳයි මම බාරගන්නම්’ කියලා. අපේ තාත්තාටත් මේ කාරණය කිව්වා. තාත්තා ඒ වේලාවේ කිව්වා ‘මෙයා පුංචි ළමයෙක් නෙ. ලොකු වුණාම මෙයාවත් එවන්නම් කියලා’. එතැන සිට හැමදාම මම කිව්වා මම බ්‍රහ්මචාරී කෙනෙක් වෙන්න ඕනෙ කියලා.

අනුරාධපුරයේ සිද්ධස්ථානවල දියුණුවට කටයුතු කරමින් හරිශ්චන්ද්‍ර මහත්මයා පළ කළ ‘මහා බෝධී’ සිංහල සඟරාව අපේ ඒ පන්සලට ගේනවා. මම ඒක කියනවා. ඔය විදිහට හරිශ්චන්ද්‍රතුමා ගැන වඩාත් මගේ හැඟීමක් ඇතිවුණා. ඉතින් ඔය කාලය වෙනකොට මට ඉංග්‍රීසි පුලුවන් හත්වෙනි ප්‍රමාණයට තරම්. මුලින්ම මා කියවපු ඉංග්‍රීසි පොත තමයි බෞද්ධ පොතක් වශයෙන් ‘අනුරාධපුර ශුද්ධ නගරය’ වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා මුලින්ම පළ කළ ඉංග්‍රීසි පොත. ඉතින් ඔය විදිහට වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා නිසයි මා ආගමික පැත්තට විශේෂයෙන් අවනත වුණේ. ඒ නිසා උන්නැහැගේ නම මතක් වෙනකොට මගේ හිතේ බලවත් ගෞරවයක්, ආදරයක් ඇති වෙනවා. උන්නැහැ පසු කාලයේ කළ කථවාවල් ඔය ග්‍රැමෆෝන් තැටි මගින් මා ඇහැව්වා. මට දැනිච්ච හැටියට නම් ඒ විදියේ කථා විලාසයක් ඇති කෙනෙක් කවරදාවත් මා දුටවේ නැත. ඇහැව්වේ නෑ. ඒ තරම් පුදුම ලස්සණ කථා විලාසයක් උන්නැහැට තිබුණා. උන්නැහැගෙ කථාව බොහෝම ශාන්තයි හරියට කෙනෙකුගේ ඔලුව අත ගගා කතා කරනවා වගෙියි. උන්නැහැට තිබුණේ මිනිසුන් සනසන්න පුළුවන් මහා පුදුම ශක්තියක්.

ජාත්‍යාලයයි, ආගමාලයයි දෙක මනුෂ්‍යයන් තුළ බොහොම තදින් කාවද්දමින් රට නිදහස් කර ගැනිමට මිනිසුන් උනන්දු කරවපු අයගෙන් අනගාරික ධර්මපාල තුමාත්, බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමාත් ප්‍රමුඛත්වය ගත්තු අයයි.

අද යම් නිදහසක් අප ලබා තිබෙනවා නම් අප හැම විටම ඒ දෙදෙනාට ණයයි.

(අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන්ගේ 90 වන ජන්ම දිනය නිමිත්තෙන් ජාතික රූපවාහිනී සේවයේ විකාශය වූ විශේෂ වැඩසටහනකදී උන්වහන්සේ විසින් පළ කළ අදහසකි.)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s