අවළාද ව්‍යාපාර වලින් බොදු බල සේනාව අඩපණ කිරීමේ බලාපොරොත්තුව සිහිනයක් පමණි!

1960066_708080449236153_262818966_n

http://bodubalasena.org/sinhala/2014/02/mada/

(බොදු බල සේනා සංවිධානයටත් විශේෂයෙන්ම එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ටත් ඉතා ම්ලේච්ඡ ගෙස චෝදනා කරමින් පසුගිය සතියේ අවළාද ව්‍යාපාරයක් දියත් විය. මේ පිළිබද කරුණු පැහැදිළි කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද දින බොදු බල සේනා ජාතික මෙහෙයුම් මුලස්ථායේදී පැවැත්විණි. ඒ සදහා බොදු බල සේනා ප්‍රධානීන්ට අමතරව, කළපළුවාව ශ්‍රී සුදර්ශනාරාමාධිපති, කළපළුවාව සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යලයේ නියෝජ්‍ය විදුහල්පති, ශ්‍රී රාහුල භික්ෂු පුහුණු ආයතනයේ කෘත්‍යාධිකාරී උළුවිටියේ අනුරුද්ධ හිමි, එම විහාරස්ථ දායක සභාවේ ලේකම්තුමා ඇතුළු පිරිස හා විහාරස්ථ කුළගන සමිතියේ සාමාජිකාවන්ද විශාල පිරිසක් පැමින සිටීම විශේෂත්වයකි. පහත ඇත්තේ බොදු බල සේනාව විසින් අදාළ සිදුවීම පිළිබද නිකුත් කළ සම්පුර්න මාධ්‍ය නිවේදනයයි.)

– ජනමාධ්‍ය නිවේදනය –

පසුගිය සතියේ මේ රටේ බොහෝ දෙනාගේ අවධනයට ලක්වූ සිදුවීමක් වූයේ බොදු බල සේනාව නිසා උන්හිටිතැන් අහිමිවූයේයැයි කියාගනිමින් තමන් භික්ෂූන් වහන්සේ නමක යැයි කියාගන්නා පුද්ගලයකු විසින් බොදු බල සේනාවට එරෙහිව දියත් කළ අවලාද ව්‍යාපාරයයි. කිසිදු දේශපාලන පක්ෂයකට පුද්ගලයෙකුට සම්භන්ධ නැතැයි කියමින්, ඒ වන විට, සිංහල රාවය සංවිධානය ක්‍රියාත්මක කර තිබූ, ගව ඝාථනයට එරෙහි උද්ඝෝශනයට පමණක් ගියෙමියි කියමින් තම අවලාද නැගීම ඇරඹූ ඒ පුද්ගලයාගේ අභූත චෝදනා දෙස මෙරට දේශමාමක, ජාතිමාමක බුද්ධිමත් සිංහල, අසිංහල බෞද්ධ අබෞද්ධ ජනතාව කම්පනයෙන් හා උපේක්ෂාවෙන් බලා සිටිද්දී, අතලොස්සක් ජාතිභ්‍රෂ්ඨයින් ජයපැන් බොන්නට ඉක්මන් වන්නට ඇත. දැවෙන ජාතික අවශ්‍යතා වෙනුවෙන් කොළමක් වෙන් කරන්නට අකමැති ජනමාධ්‍ය, සිය වෙබ් අඩවි ඔස්සේ ශ්‍රව්‍යමය දෘෂ්‍යමය වශයෙන්ද, මුද්‍රිත පුවත්පත් වල පිටු ගණන් වෙන්කිරීමෙන්ද, මෙම පුවත උණු කැවුම් මෙන් අළෙවි කරගැනීමෙන් තම ලාභය තරකර ගන්නටද ඇත.

පළමුව අපි එම අභූත චෝදනා සියල්ල පිළිකුලෙන් යුතුව බැහැර කරමු! “කුළවාදයෙන් නොබෙදී එක්වව්”, “හාමුදුරුවනේ නිකාය පසෙක තබා අරගත් ධජය වටා එක්රොක් වන්න” ආදී ලෙස රටපුරා දේශනා කරන බොදු බල සේනා මහ ලේකම් හිමියන් විශේෂයෙන් ඉතා ම්ලේච්ඡ ලෙස ඉලක්ක කරමින් මෙම භික්ෂු චරිතය කියා සිටින්නේ කුළ ප්‍රශ්නයක් මුලික කර ගනිමින් තමා පන්නා දැමූ බවකි. ඒ ඇතුළු තවත් චෝදනා රැගෙන ඔහු යන්නේ එක්තරා මාධ්‍ය ආයතනයකටය. ශාසනික සම්ප්‍රදායන් දත්, විනයවත් භික්ෂූන් සිය අඩුපාඩු ගැටළු නායක හිමිවරුන් සමග විසඳා ගැනීමට යන්නේ පොහොය ගෙයට ය. පොහොය කරන්නට පත්තර කන්තෝරුවකට යෑමෙන්ම ඔහුගේ දැනුම් තේරුම් සහිත බව හා කුමන්ත්‍රණය පැහැදිළිය. හිස ගා, රැවුලද අඩ වශයෙන් කපා, දහවල සිවුරක් දා ගත් පමනින් පුද්ගලයකු භික්ෂුවකැයි සිතීම වැරදිය.

ශාසනයට නොගැළපෙන දුශ්ශීල චීවරධාරීන් පනහකගේ පමණ සිවුරු ගලවා සසුනෙන් නෙරපා හැරීමට බොදු බල සේනාව පසුගිය සමයේ කටයුතු පළ බව අපි සමාජයට කීවෙමු. එම පිරිස දැන් සැබෑ බෞද්ධ බලවේග වලට එරෙහි දේශපාලනඥයන්ගේද, මුදලාලිලාගේද, ඇතැම් ජනමාධ්‍ය ආයතන වලද කාරුණික අනුග්‍රහයෙන් සංවිධානය වන්නට පටන්ගෙන ඇති බව මෙම සිද්ධියෙන් පෙනී යයි. තමන් සමග පන්නා දැමීයැයි කියන සෙසු භික්ෂූන් වහන්සේලාට වළඳන්නට ඉන්නට හිටින්නට තැනක් නැතැයි කියන මේ භික්ෂුවට දිවයින පුරා පන්සල් වලට, පිටු ගණනක මුද්‍රිත ලිපි තැපැල් කර හැරීමට වත්කම් ඇත. අප “මේ රටෙහි සියලු ම කොණ්ඩ කැපීම එක් කරණවෑමියෙකුට කළ නොහැකි” යැයි කීවේ තවතවත් ජාතිමාමක ජාතික සංවිධාන බිහිවනු දැකීමටය. එහෙත් අද එසේ බිහිවන ඇතැම් සංවිධානයන්ගේ මුඛ්‍ය පරමාර්තය වී ඇත්තේ ජාතික සටන් නොව, මොකක් හෝ හේතුවකට හන්දියක උද්ඝෝෂනයක් අරඹා, විසි පහක් තිහක් එක්රැස් කරගෙන, බොදු බල සේනාවට පහර ගැසීමයි. අදාළ භික්ෂු වරිතයේ භාවිතාව පිටුපස ඇත්තේද එවැනි ඉඟියකි. මේ පළමු සතුරාද අවසාන සතුරාද නොවන බව නියත වශයෙන්ම දනිමු. විටෙක මෙම චරිතය පෙරහැරෙහි “කස කරුවකු” පමනක් විය හැක. තවත් බොහෝ දේවදත්තලාද, චිංචිමානවිකාවන්ද අප ඉදිරියෙහි ප්‍රාදූර්භූත වීමට නියමිතව ඇතැයි අපට දැනේ.

පුද්ගලයන් හට පහර ගැසීමට වඩා, ප්‍රතිපත්තිමය වශයෙන් පුද්ගලයන්ගේ ඇති දුර්වලතා නිරාවරණය කිරීම අපි අපේ ක්‍රමවේදය කර ගතිමු. එහෙත් ඉතා සහසික ලෙස බොදු බල සේනාවේ ඉදිරි ගමන විනාශ කිරීමට පැමිනෙන මෙවැන්නන් ගැන යමක් සමාජය ඉදිරියේ අණාවරණය කිරීම සමාජය යහපත හා ආරක්ෂාව උදෙසා සිදු කළ යුතුය. ඔහු ඉතා සූක්ෂම හා උපක්‍රමික ලෙස පුරුදු පුහුණු කරනු ලදුව, බොදු බල සේනාවට, එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට, බොදු බල සේනා ප්‍රධානී පූජ්‍ය කිරම විමලජෝති හිමියන්ට චෝදනා නගද්දී, අප ඉතා ප්‍රවේශමෙන් ඒවා අධ්‍යයය කළෙමු. ඒ විමර්ශන හා ගවේෂණ විසින් මේ වන විට බොහෝ කරුණු අනාවරණය කරගෙන අවසන්ය. බොදු බල සේනාවේ ‘අකටයුතුකම්’ ‘මැරකම්’ නිසා උන්හිටිතැන් අහිමීවීයැයි සමාජය ඉදිරියේ රංගනයක නියැළි මෙම චරිතයේ භාවිතාව අපි සහසුද්දෙන්ම දනිමු. සම්බුද්ධ චීවරය දැරීමට තබා, සාමන්‍ය ගිහියෙකුටවත් නොමනා ජීවන චර්යාවත් ඇති මෙම පුද්ගලයන් සමාජයේ ආරක්ෂාව පිණිස බන්ධනාගාරගතව පුනරුත්ථාපනය කළ යුතුය යන්න අපේ අදහසයි. මෙම පුද්ගලයා සතු ඉඩකඩම්, දේපොළ, ඒවා කෙසේ අයථා ලෙස මංකොල්ල කන ලද්දේද යන්න, සෙසු මැරවර ක්‍රියා, ඔහුගේ රහස් දේශපාලන සබඳතා සියල්ල දැන් හෙළි වී අවසන්ය.

අශූචි තවරාගෙන විත් සිංහයන්ට සටනට අභියෝග කරනා සූකරයා දෙස නොව, සූකරයා ඇති දැඩිකොට කවා පොවා, අශූචිතවරා එවන්නට ඇත්තේ කවුරුන් විසින් කුමන අරමුණක් ඇතිවදැයි සොයා බැලීම අපේ ක්‍රමවේදයයි. එහෙත් අපට සිටින්නේ සතුරන්ම පමනක් බැවින් මේ අවළාද ව්‍යාපාර පිටුපස සිටින්නේ කවුරුන්දැයි අනුමාන වශයෙන් හෝ සිතීම නිශ්ඵල ක්‍රියාවකි. එහෙත් එක් දෙයක් පමණක් පැහැදිය. ඒ, පසුගිය දිනවල අප කළ කී දෑ පිළිබද පල්ලියට හා සෙසු අබෞද්ධ බලවේග වලට දැඩිසේ රිදී ඇති බවය. එම සංවිධාන සමග බෞද්ධ වේශයන්ගෙන් පෙනී සිට කන්දක් විළිලා‚ කෙන්දක් වදා‚ රටටම ඇහෙන්නට කෑ මොර දෙන, හීනමානයෙන් පෙළන ඊනියා සංවිධානද, අතිශය පහත් භාවිතාවක නිරත, ජනමාධ්‍යද එක පෙරමුණකට පැමිණ ඇති බව පැහැදිළිය. අප යළි යළිදු අවධාරණය කරන්නේ එකම කරුණකි. එනම් අප දිවිහිමියෙන් ඇරඹු ශාසනික පුනරුදය, ජාතික විමුක්ති අරගලය කිසිදු හේතුවක් නිසාවෙන් එකදු අඩියකුදු ආපස්සට නොගන්නා බවය. එය ජයෙන් මෙපිට අවසන් නොවන සටනක් බව වගකීමෙන් මතක් කරමු.

මේ අවළාද ව්‍යාපාරයන්හී අරමුණ සුපැහැදිළිය. ජාතික ප්‍රමුඛතා යටපත් කර මේවා මතු කිරීමේ උවමනාව, රටෙහි මතුවන ජාතික හැඟීමෙහි පදනමට පහරදීම බව බුද්ධිමත්හු දනිති. මෙබඳු අවළාද ඔස්සේ අප පුද්ගලයන් සමග පෞද්ගලික සටන් සඳහා පොළඹවා ගනිමින් අප ජාතික සටනින් ඈත් කරවීමේ කූටෝපාය, නව භාවිතාවක් නොවේ. කවුරුන් හෝ තිර රචනය කර අධ්‍යක්ෂණය කරන මෙම ජවනිකා ප්‍රසිද්ධියට පත්කරන්නට උත්සුක වන ජනමාධ්‍ය ආයතන වලින්ද කාරුණික ඉල්ලීමක් කිරීමට තිබේ. ඒ, ජනමතය සමග සෙල්ලම් කරනු වෙනුවට හරවත් මාධ්‍ය භාවිතාවක් තුළ අප නිරතුරුව අවධාරණය කරන, ජාතියේ විනාශය, ජාතික ප්‍රමුඛතා ආවරණය කරන ලෙසය. අප පිළිපන්නේ ආරාමයකට වී බණක් දහමක් කරගෙන විමුක්තිය සොයා යන ශාසනික ක්‍රමවේදයට නොව, බොහෝ දෙනාගේ ඉලක්කයක් බවට පත්වන, අවදානම්, අසීරු ක්‍රමවේදයකට බව අප දනිමු. එම ක්‍රමවේදයට බොහෝ දෙනා අකමැතිය. ඒ නුරුස්සන පිරිස අතර බෞද්ධයෝද, සිංහලයෝද, අබෞද්ධ අසිංහලයෝද සිටිති. අප විකල්ප සොයන්නේ මේ සමාජ ඛේදවාචකයටය. අවසාන වශයෙන් මේ රටේ කිසිවෙකුගෙන් අපට චරිත සහතික නුවුවමනා බව ප්‍රකාශකර සිටින්නෙමු. අප පිළිබඳව පෞද්ගලිකවද, සංවිධානයක් ලෙස බොදු බල සේනාව පිළිබඳවද මේ රටේ සබුද්ධික ජනතාව, ඔවුන්ගේ හෘද සාක්ෂිය ඉතා හොඳන් දන්නා බව අපි ඉඳුරාම දනිමු. මේ අසීරු සටන සමග ආරම්භයේදී එක්වූ සීමිත පිරිස මෙන් දස දහස් ගුණයක් මේ වන විටත් අපවටා එක්ව සිටී. දැනුදු එක් වෙමින් සිටිති. අපට කළ හැක්කේ ඒ පිරිස ඉදිරියේ මේ සත්‍යය අනාවරණය කිරීම පමණි. කවුරු නිවැරදිද යන්න ඔවුන් විසින් විනිශ්චය කෙරෙනු ඇත.

බොදු බල සේනා
ව්‍යවහාර වර්ෂ 2014 නවම් මස විසිපස් වනදා කොලඹදී ය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ හෙළිදරව්ව..!
http://www.youtube.com/watch?v=rhcg-AqM4eg&feature=share

අනෙකුත් හෙළිදරව් කිරීම්..!
http://www.youtube.com/watch?v=b-6EcDaElbc&feature=share
https://www.youtube.com/watch?v=M_pK6_QvYBc#t=12
https://www.youtube.com/watch?v=QIv03Xuj_gY

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s