තම නිරුවත හෙළිවී කොටි පල්ලිය කැළඹේ..!

1506699_704850726225792_1236370770_n
දිනෙන් දින උත්සන්න වන දෙමළ බෙදුම්වාදයේ බලපෑම, කතෝලික සභාවේ කුමන්ත්‍රණ, හා මුස්ලිම් අන්තවාදයේ අනතුර

http://bodubalasena.org/sinhala/2014/02/kadinal/

ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව විසින් පදනම් විරහිතව ශ්‍රී ලංකාවට එරෙහිව නගා ඇති යුධ අපරාධ චෝදනා සම්භන්ධයෙන් ලබන මාර්තු මස පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරය හා එහි ප්‍රතිඵල පිළිබඳව විවිධ විචාර, ප්‍රතිචාර, තැති ගැන්වීම් ඉදිරිපත්වීමට පටන්ගෙන ඇත. ඒ අතරතුර, කවදත් “කල දුටු කල වළ ඉහ ගැනීමට” මාන බලා සිටින දෙමළ බෙදුම්වාදයේ භාවිතාවත්, කුමන්ත්‍රණකාරී හැසීරීමක නිරත බවට ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ රටට අනාවරණය වෙමින් පවතින මෙරට අග රදගුරුවරයාගේ හා කතෝලික සහාවේ හැසිරීමත් ඉතා පිළිකුල් සහගත බව බොදු බල සේනාව ලෙස පළමුව ප්‍රකාශ කළ යුතුව තිබේ.
වීරෝධාර සිංහල ආරක්ෂක හමුදා විසින් සුනුවිසුනු කර දැමූ මිනීමරු කොටි සංවිධානයේ යුධමය සැළසුම් හා එහි නායකත්වයට යළි ජීවය පිඹීමට දෙමළ බෙදුම්වාදයේ දේශපාලනික පෙරමුණ වන දෙමළ ජාතික සන්ධානයට සවි ශක්තිය ලැබෙන්නේ කොහෙන්දැයි යන්න තවදුරටත් රහසක් නොවේ. ලෝකයේ දෙමළ ඩයස්පෝරාව ස්ථානගතවී සිටින එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව ආදී රටවල් වලිනුත්, තමිල්නාඩු සාධකය මත දෝළනය වන ඉන්දියානු බලපෑමත් මත කටමැත දොඩවන දෙමළ ජාතික සන්ධානයේ, විශේෂයෙන්ම උතුරු පළාත් මහ ඇමතිවරයාගේ හා ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රජාතන්ත්‍රවිරෝධී, නීති විරෝධී ප්‍රකාශ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි අපි රජයේ වගකිවයුත්තන්ගෙන් ප්‍රශ්න කරමු. දෙමළ ජාතික සන්ධානයේ මේ නොපනත්කම් ඇරඹෙන්නේ පිරභාහරන්, කැප්පෙටිපොල හා සමානයෙක්යැයි කීමෙන් හෝ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉවත් කරන්නැයි රජයට බල කිරීමෙන්, යාපනය නාවක්කුලී හි පදිංචි සිංහල පවුල් වලට පිටව යන්නැයී කීමෙන් පමනක් නොවේ. ඊට බොහෝ කලකට පෙර සිටම ඉතා සැළසුම් සහගතව ඇරඹි මෙම බෙදුම්වාදී හැසීරීම්, මෑතකදී ජාතික ගීය, ජාතික ධජය ප්‍රතික්ෂේප කරන තැන දක්වාම වර්ධනය වී ඇති අතර, එය අවසානය නොවන බවද අපි වගකීමෙන් මතක් කර සිටිමු. මුදල් නාස්තියක්ම පමණක් වූ ඊනියා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුව අතරතුර බ්‍රිතාන්‍ය අගමැති, චැනල් ෆෝ ප්‍රධානී කැලම් මැක්රේ ආදීන් සමග රහසේ සංවිධානය වූ එක්සත් ජාතික පක්ෂයේ සිටින ජාතිභ්‍රෂ්ටයින්, මෙරට “හිවල් සමාජ ක්‍රියාකාරීන්” පැවැත්වූ යුධ අපරාධ සංදර්ශන වලින්ද දෙමළ බෙදුම්වාදය තවදුරටත් ශක්තිමත්ම විය. ජාත්‍යන්තර කොටි නායකයා ලෙස දැනට පිළිගැනෙන රුද්‍රකුමරන්, “2014 යනු සිංහලයා කොන් කර ඊළාම් රාජ්‍ය පිහිටුවන වර්ෂය” බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන්නේ එහි ප්‍රතිඵල වශයෙනි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ ලේකම්වරිය වන නවනීදන් පිල්ලෙයිගේ ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් ඇය එදා පැවසූ පරිදි ඇගේ තවත් නියෝජිතයෝ මෙහි පැමිනෙන්නට පටන් ගත්හ. කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාධිකා සීතා සෙබෙස්තියන්, දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් නිෂා බිස්වාල්, යුධ අපරාධ පිළිබද එක්සත් ජනපද තානාපති ස්ටීවන් රැප් ආදීන් මෙරටට එන්නේ ඒ අනුවය. මේ සියලු මැදිහත්වීම් වලින් ශ්‍රී ලංකාව බියවැදීදීමට උත්සහ දරණ ඊනියා ජගත් සංවිධානයේ දෙබිඩි යුධ අපරාධ ප්‍රතිපත්ති, චෝදනා හා ඊට සහය දක්වන රටවල නිර්ලජ්ජී රාජ්‍ය තාන්ත්‍රිකත්වය බොදු බල සේනාව තරයේ හෙළා දකී. ලෝක බලවතුන් යැයි පිළිගන්නා බොහෝ රට වලට තවමත් නොහැකිවූ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සාර්ථකව සිදුකළ ශ්‍රී ලංකාව ලොවට ආදර්ශයක් කරගනු වෙනුවට, තමතමන්ගේ දෑත් වල තැවරී ඇති රුධිරය සඟවා සඳහා ශ්‍රී ලංකාව වෙත යුධ අපරාධ චෝදනා එල්ල කීරීම බරපතල අයුක්ති සහගත තත්ත්වයකි. ඊටම නොදෙවෙනිව සිය දේශපාලන හා බෙදුම්වාදී පරමාර්ථ මුදුන් පමුනුවා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය සමග අසම්මත සන්ධානයකට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස්, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය වැනි සමාජයෙන් ප්‍රතික්ෂේප වෙමින් සිටින වාමාංශික පිරිස් අවස්ථාවාදීව එක්වීමද පිළිකුල් සහගත දේශපාලන හැසීරීමක් බව බොදු බල සේනාවේ මතයයි. එසේම, අපේ වෑයම මේ සාවද්‍ය යුධ අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කිරීම මිස, කිසිදු පාර්ශවයක දේශපාලන පරමාර්ථ ඉටු කිරීම නොවන බවද ඉතා වගකීමෙන් අවධාරණය කරමු.
මෙම ව්‍යාකූල රාජ්‍යතාන්ත්‍රික වාතාවරණය තුළ, 2009 වසර අග භාගයේ මෙරට අග රදගුරුවරයා එක්සත් ජනපද තානාපතිනිය වූ පැට්‍රීසියා බියුටෙනිස් සමග “යුධ අපරාධ” චොදනා පිළිබදව කළ බව කියන සාකච්ඡාවක විකිලීක්ස් උදෘත යළි සමාජගතවී තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලන දිශානතිය සම්භන්ධයෙන් ජාත්‍යන්තර තීන්දු තීරණ වලදී මැදිහත් වීමට කතෝලික පල්ලිය සතු ‘බලපුළුවන්කාරකමත්’ පිළිබදවත්, එම ‘බලපුළුවන්කාරකම’ පදනම් කරගනිමින් මෙරට පාලනයට අතපෙවීමට කතෝලික පල්ලිය සතු ‘බලයත්’ ඉන් ගම්‍යමාන වේ. මන්නාරම රදගුරු රායප්පු ජෝශප්, යාපනය රදගුරු තෝමස් සවුන්දනායගම් ආදී කුප්‍රකට කොටි පූජකයන් “යුධ අපරාධ ගැන ඇසින් දුටු සාක්ෂි ඇත”යි පවසන්නට එඩිතර වන්නේද මේ අදිසි ජාත්‍යන්තර බලය නිසා බව පැහැදිළිය. මෙම මෙහෙයුම් වනාහී ජාත්‍යන්තරය විසින් අටවන උගුලකින් රජය බේරා ගැනීමේ එකඟතාව මත පල්ලියේ අවශ්‍යතා ඉටු ගැනීමේ සූත්‍රයයි. මෑතක සිට සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා නින්දිත හා අලජ්ජී ලෙස අපහරණයට කතෝලික පල්ලිය කටයුතු කරමින් සිටින බව පැහැදිළිය. මේ කෙණෙහිළිකම් සියල්ලම මැද පෙනීයන්නේ කතෝලික පල්ලිය තමන් සතු බලය පිළිබඳ අධිතක්සේරුවක සිටින බවයි. මේ සියලු කාරණා පදනම් කරගනිමින් බොදු බල සේනාව දකින්නේ එකම එක සත්‍යයකි. එනම් මෙරට අති බහුතර සිංහල බෞද්ධ ඡන්ද වලින් පිහිටුවන ආණ්ඩු වලට වගකියන්නට සිදුව ඇතිතේ පල්ලියට බවය. මේ ඛේදවාචකයට සිංහල බෞද්ධයා කාලාන්තරයක් තිස්සේ මුහුණ දෙන බවද සංවේගයෙන් සිහිපත් කළ යුතුව ඇත.
මේ අතර පසුගිය 14 වනදා මාදම්පේ ප්‍රෙද්ශයේ මුස්ලිම් දෙපිරිසක් අතර ඇතිවන ගැටුමක් “පුංචි යුද්ධයක්” තරමට දුරදිග ගිය බව ජනමාධ්‍ය වාර්තා කළේය. මෙරට මුස්ලිම් ප්‍රජාවේ විවිධ පිරිස් අතර පුංචි යුද්ධ ඇතිවූ පළමු අවස්ථාව මෙය නොවේ. දොඩම්ගස්ලන්ද, වැලිගම ආදී ප්‍රදේශ ඇතිවු එවැනි ගැටුම් පිටුපස ඇති දීර්ඝ කාලීන අනතුර පිළිබද අප පෙන්වා දී ඇත්තේ වරක් දෙවරක් නොවේ. පළමුව සිහිපත් කළයුත්තේ මුස්ලිම් රටවල විවිධ කල්ලී අතර නිමක් නැතිව හටගන්නා මහා මිනිස් සංහාරයන්ගෙන් කෙළවර වන ම්ලේච්ඡ සටන් ශ්‍රී ලංකාවේද ඇතිවීමේ පෙරනිමිති පහළ වන බවයි. දෙවනුව සාමිප්‍රදායික, මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාවන්ගේ පැවැත්මට මෙම වහාබ්අන්තවාදී කල්ලී වල බලපෑම බරපතල තර්ජනයක් එල්ල කර දේශයේ ඒකියත්වය බරපතල අර්බුධයක් කරා ගෙනයන බවයි. එහෙයින් එබඳු සිද්ධීන් හුදෙක් ප්‍රජා මට්ටමේ ඇතිවන නොසන්සුන්තාවන් ලෙස සළකා බැහැර නොකර පුළුල් විධිමත් පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවද බොදු බල සේනාව දැඩිව අවරධරණය කරයි.

බොදු බල සේනා
2014.02.18

ජනමාධ්‍ය නිවේදනය

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s