තිසරණයට දිවි පුදන පරපුරක් බිහි කරමු..!

Hasalaka
‘අවදිවව්’ ධර්ම යාත්‍රාව හසලකට පැමිණි අවස්ථාවේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ දේශනය –

https://soundcloud.com/bbspuwath/ven-gnanasara-thero-hasalaka
_________________________________________________

– හසලක ගාමිණී විරුවාණන්ගේ කථාව –

… තම තරුණ දිවිය රට වෙනුවෙන් පුදකල අසහාය විරුවාගේ තතු පිළිබදවද විමසා බැලිය යුතුය. ඔහු උපන්නේ කොළඹින් සැතපුම් 150 කටත් වඩා දුරින් පිහිටි කෘෂිකර්මාන්තය ප්‍රධානකොටගත් මහියංග‍නයේ, හසලක නම් ප්‍රදේශයේය. 1966 සැප්තැම්බර් 4 වනදා උපත ලැබූ මෙම හසලක විරුවා පිරිමි දරුවන් පස් දෙනකු හා ගැහැනු දරුවකුගෙන් යුතු පවුලේ දෙවැන්නා විය. මෙම වීරෝධාර ලංකා පුත්‍රයාගේ පියා එස්. ජී. බබානිස් වූ අතර මව එස්. ජී. ජුලියට් නම් විය. ගාමිණීට සිය පිය සෙනහස අහිමි වූයේ වයස අවුරුදු 15 දී පමණය. පියාගේ වියෝවත් සමග ගාමිණීට සිය දිවි සරිකර ගැනීමට වූයේ බොහෝ කම්කටොලු බාධා මධ්‍යයේය. කීනපැලැස්ස කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ගාමිණී උසස් අධ්‍යාපනය ලද්දේ හසලක මහ විදුහලෙනි.

පසුකලෙක ගිහි ජීවිතයේ ලෞකික සැපතට ‍ලොල්වී සංසාර ගමන දිගුකරගන්නවාට වඩා එය කෙටි කරගැනීමේ අභිප්‍රාය ඇතිව පැවිදි බිමට පිවිසිමට සිතන ගාමිණි කුලරත්න, මහියංගනයේ ධම්මජෝති යන නමින් සාමණේර නමක් බවට පත්වේ. මෙසේ පැවිදි බව ලබා ධර්ම ගවේශනයේ යෙදෙන, ගිහි ජීවිතයේ ගාමිණි කුලරත්න ලෙස හැදින්වූ මහියංගනයේ ධම්මජෝති හිමිට ලක් ඉතිහාසයේ දුක්බර දිනයක් ලෙස සටහන් වූ දිනයක් වන 1987 ජූනි 2 වනදා තම දිවියේදි තීරණාත්මක දිනයක් බවට පත්වේ. ධම්මජෝති හිමි සහ තවත් භික්‍ෂූන්වහන්සේලා තිස්නමක් සහ ගිහි පින්වතුන් කිහිපදෙනෙකු සමග කැලණි රජමහා විහාරයට, අම්පාරේ විද්‍යානන්ද පිරිවෙනේ සිට වැඩමකරමින් සිටි අතර එහි ප්‍රධානත්වය දැරුවේ පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන්ය.

එහෙත් උන්වහන්සේලාට තම ගමණාන්තය කරා නිරුපද්‍රිතව යා නොහැකි විය. ඒ මන්දයත් භික්‍ෂූන්වහන්සේලා ඇතුළු කණ්ඩායම රැගත් බස්රථය නුවරතැන්න ප්‍රදේශයේදී සැඟව සිටි 20 ක් පමණ වූ ගිනි අවි හා කඩු රැගත් ත්‍රස්ථවාදීන් කණ්ඩායමක් විසින් නවත්වනු ලැබූ අතර ඔවුන්ගේ අනින් යාබදව තිබූ අරන්තලාව නම් කැලෑබද ප්‍රදේශයට රැගෙන යන ලදි. ඉන්පසු සිදුවූයේ වචනයෙන් විස්තරකල නොහැකි ආකාරයේ කුරිරු බිහිසුනු සිදුවීමකි. පළමුව මුදල් කොල්ල කා ගත් ත්‍රස්තවාදීන් භික්ෂූන්ට වෙඩි තබා ආයුධවලින් කපා කොටා ඝාතනය කළහ. “මා මරා දමපල්ලා, මේ පොඩි දරුවන් මරන්න එපා” යනුවෙන් හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඉල්ලා සිටියත් කිසිදු සිත්පිත් නැති ත්‍රස්තවාදීන් ඒ හඩට සවන් යොමු කළේ නැත.

මෙම බිහිසුණු ඉරණමට හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු පිරිස ලක්වෙද්දී මෙයින් තුවාල ලබා කෙසේ හෝ පැනගැනීමට භික්‍ෂූන් වහන්සේලා තුන්නමක් සමත්වූහ. එයින් එක් හිමිනමක් වූයේ මහියංගනයේ ධම්මජෝති හිමි හෙවත් පසුව හසලක වීරයා බවට පත්වූ ගාමිණී කුලරත්නය.

ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ මෙම තිරස්චීන ක්‍රියාවෙන් කම්පාවට පත්වූ ධම්මජෝති හිමි මෙම සිදුවීමෙන් තුවාල ලබා සුවවීමෙන් පසු තව නායක හිමියන්ගෙන් ඉල්ලා සිටියේ රටට පිළිලයක්ව ඇති මෙම ත්‍රස්ථවාදීන් මුලිනුපුටා දැමීමේ යුද්දයට සම්බන්ධවීම සදහා තමන්ටද අවසර දෙන ලෙසයි. ධම්මජෝති හිමි‍ගේ ඉල්ලීම ඉවත දැමීමේ හැකියාවක් උන්වහන්සේගේ නායක හිමියන්ට නොතිබුනි. ඒ අනුව නැවත ගිහියකුවීමේ අවස්ථාව ලැබූ ධම්ම‍ජෝති හිමියේ, ගාමිණී කුලරත්න ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට 1987 අගෝස්තු 27 වන දින එක්වූ අතර අම්පාර හමුදා සටන් ක‍්‍රම පුහුණු පාසලෙන් පාඨමාලා හදාරා අවසන් වූ පසු සිංහ රේජි‍මේන්තුවේ හයවන බල සේනාවට අනුයුක්තව අඹේපුස්ස, හම්බන්තොට, තංගල්ල, කන්කසන්තුරේ, පළාලි යන කඳවුරුවල සේවය කිරීමට ගාමිණීට සිදුවිය. අවසානයේදී ඔහු අලිමංකඩ කඳවුරේ සේවයට එක්විණ. මේ සෑම කඳවුරකදීම තමන්ට පැවරූ අකුරටම ඉටුකල ලාන්ස් කෝප්‍රල් ගාමිණී අවසාන‍යේදී තම රට රැකගැනීමේ සත් කාර්යය වෙනුවෙන්ද තම ජීවිතය පූජා කිරීමටද මැලිනොවීය. මේ උතුම් කැපවීම නිසාම විනාශකාරී බෙදුම්වාදී යුද්දය අවසන්වුවද එය පිළිබදව සිහිකරන සෑම මොහොතකම ගාමිණී කුලරත්න විරුවාගේ නාමයද සදාකාලිකව කෘතවේදීත්වයෙන් යුතුව ශ්‍රී ලාංකිකයන්ගේ සිත්තුල තැන්පත්ව පවතී.

සම්පූර්ණ ලිපිය කියවන්න >>>>
http://www.lakpedia.com/index.php?title=හසලක_ගාමිණී

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s