යේසුස් ක්‍රිස්තු නමැති බැටළු එඬේරාගේ උත්පත්තිය..!

1496156_673684899342375_942207357_o

මේ මස 25 වැනි දින කාලකණ්ණි පව්කාර වූ අප ගලවනු මැනව යි කියා ගල්දේවතාවුන් වහන්සේට යාඥා කරන කොටස ගලවාගන්ට කුරුසියේ ඇණ ගැසූ ‘ක්‍රිස්තු නම් බැටළු එඬේරා’ උපන් සම්මත දිනය පැමිණෙන්නේ ය. දෙසැම්බර් මස 25 වැනි දින යේසුස් ක්‍රිස්තු උපන්නේ යයි නිශ්චය කොට කරුණු පෙන්නීමට ඉඩ නොමැති යි. වර්ෂ තුන්හාරසියයක් ගත වුණාට පසු යේසුස් ක්‍රිස්තු උපන් දින දෙසැම්බර් 25 වැනි දින යයි රෝමානු සභාව විසින් සම්මත කරගන්නා ලදි. රෝම රටවාසීන් විසින් බොහෝ කාලයක සිට එය උත්සව දිනයක් වශයෙන් පවත්වාගෙන් එන ලදි. මිත්‍රාස් නම් සූර්ය දේවතාවා ද රෝම රටවාසීහු සරණ ගියෝ යි. මේ දේවතාවා ද උපන්නේ දෙසැම්බර් මස 25 වැනි දින යයි සම්මත කොට ඒ සඳහාත් උත්සවයක් රෝම රටවාසීහු පැවැත්වූවෝ ය. ඔවුහු ක්‍රිස්තු භක්තිය පිළිගත්තාට පසු පවත්වාගෙන ආ ඒ උත්සවය අඛණ්ඩ කොට පවත්වන්ට නියම කරගත්තෝ ය. යේසුස් ක්‍රිස්තු උපන් දින වත් කුරුසයේ එල්ලූ දින වත් නිශ්චය කොට සොයාගෙන නැත. පොතක පතක සාක්ෂ්‍ය වශයෙන් ක්‍රිස්තු මේ දින උපන්නේ යයි පෙන්නීමට ද කරුණු නැත. බයිබලයේ පෙනෙනාකාරයට ක්‍රිස්තු උපන් දා එඬේර කොටසට දේවදූතයෙක් පෙනුණේ යයි සඳහන් කොට තිබේ. සම භූමියක රාත්‍රි කාලයෙහි අබ්භොකාසයෙහි එළිමහනේ ආවරණයක් නැතිව බැටළු රැළක් පාලනය කරමින් සිටි එඬේරුන්ට දේවපුත්‍රයා පෙනුණා නම් ඒ කාලය ශීත කාලයක් වෙන්ට නුපුළුවනැ යි ප්‍රාඥයන් ගේ කල්පනාව යි. දෙසැම්බර් මාසය නම් ශීත සෘතුවට ම අයිති හිමපාත සමය යි. එසේ නම් අබ්භොකාසයේ ආවරණයක් නැතිව සම භූමියේ එඬේරුන්ට සිටීමට නුපුණවනැයි ඒ පඬිවරුන් ඒත්තුගෙන තිබේ. මේ කීම පිළිගත යුතු එකකි. මේ සැබෑ නම් යේසුස් ක්‍රිස්තු මේ කාලයේ උපන්නේ යයි විශ්වාස කිරීම උගහට යි. යුරෝපීය ඇතැම් ශාස්ත්‍රඥයන් ගේ කල්පනාව නම් යේසුස් ක්‍රිස්තු නමැත්තෙක් ලොව නූපන්නේ ය යනු යි.

– දාවිත් සහ සලමොන් කවරහු ද යන බව –

දාවිත්ගේ පුත්‍ර වූ සලමන් ගේ පරම්පරාවෙහි යේසුස් ක්‍රිස්තු උපන්නේ යයි බයිබලයෙන් පෙනේ. දාවිත් ද ශ්‍රේෂ්ඨ වංශයකින් පැවතෙන කෙනෙකු නොවෙයි.

ඔහු මිශ්‍ර ජාතිකයෙකි. ඔහුට දාව මිසර දේශයේ ස්ත්‍රියක් කුස උපන් සලමොන් ද උභයකුල පරිශුද්ධිකයකු නොවේ. අපවිත්‍ර සංකර ගෝත්‍රයකින් පැවතෙන යේසුස් ගැන බයිබලයේ පෙනෙන්නෙ ඔහුගේ පියා වන ජුසේ උන්නැහේ නාසරත්හි කුඩා ගමක වඩු කර්මාන්ත කරමින් සිටි කෙනකු හැටියට යි. දෙවියන්ගේ පුතා යයි ප්‍රකට කිරීම පුරාණ කාලයේ මනුෂ්‍යයන් අතර පැවතුණු චාරිත්‍රයකි. ශ්‍රේෂ්ඨ පදවියකට යම් කෙනකු පැමිණි කල ඔහු දෙවියන්ට ජාතක වුණා යයි ප්‍රසිද්ධ කිරීම ක්‍රිස්තු වර්ෂ හාරසියයකට පෙර සිටි ග්‍රීක්වරුන් අතර ද පැවතුණු චාරිත්‍රයකි. ඇලැක්සැන්ඩර් රජතුමා යුද්ධ කීපයකින් ජයගත් පසු තමා දෙවියන්ට ජාතක වූ කෙනකු හැටියට ප්‍රකාශයක් කෙළේ යි. දරුවන් ලැබීමට දේවතාවුන්ට යාඥා කිරීම නම් දඹදිව්වාසීන් අතර පුරාණ පටන් පැවතුණු චාරිත්‍ර ධර්මයකි. ශක්‍රයා, බෘහස්පති, බ්‍රහ්මයා දරුවන් දෙන දෙවිවරුන් මෙන් දඹදිව්වාසීන් විසින් පිළිගනු ලැබ තිබේ. කුස ජාතක කථාවෙන් ද ශක්‍රයා නිසා කුස කුමාරයා උපන්නේය යනු ප්‍රසිද්ධ යි. එහෙත් දෙවියන්ට ජාතක වූ මනුෂ්‍ය පුත්‍රයකු මේ ලොව ඉපදීමට නුපුළුවනැයි යුදෙව්වරුන් විසින් පිළිගනු ලැබ තිබේ. යම්කිසි යුදෙවු ජාතික පුරුෂයකු “තමන් දෙවියන්ගේ පුත්‍රයා යයි” ප්‍රකාශයක් කළොත් ඔහු ගල් ගසා මැරීමට පනවන ලද ආඥාවක් ඔවුන් අතර තුබුණේ ය. යුදෙවු දෙවියාට තැනූ යෙරුසලම් මහා දේවාලය කඩා දමනවා යයි යම් කෙනකු ප්‍රකාශයක් කළොත් ඔහු ද ගල්ගසා මැරීමට නියමයක් තිබුණේ යි.

– යේසුස් ක්‍රිස්තු නමැති මනුෂ්‍ය පුත්‍රයා කෙළේ කුමක් ද? –

දොළොස් අවුරුදු වයසේ සිට තිස් වැනි වර්ෂය තෙක් යේසුස් කොතැනක සිටියේ දැයි ප්‍රකාශයක් නැත. තිස් වැනි වර්ෂයේ සිට තිස් තුන් වැනි වර්ෂය තෙක් යේසුස් යෙරුසලම් ප්‍රදේශයේ සංචාරණය කරමින් මනුෂ්‍යයන් මුළාකරවන ගන්ධාරි විද්‍යාවලට අනුව ප්‍රාතිහාර්ය පාමින් යුදෙවු ජාතික පූජකවරුන්ට ද, පාර්සිවරුන්ට ද, ලියන්නන්ට ද නිග්‍රහ කරමින් “මම දෙවියන්ගේ පුත්‍රයා ය, මට චක්‍රවර්ති රාජ්‍යය අයිති ය, තොපගේ ඔය මහා දේවාලය කඩා සුණු විසුණු කර නැවත තුන් දවසකින් එය ප්‍රතිෂ්ඨාපනය කරන්නෙමි’ යනාදි උදාර වචන කී නිසා යුදෙවුවරුන් කෝප වී යේසුස් කෝලාහලකාරයකු මෙන් අල්වා රෝම රට අධිකරණයෙන් වැරදිකාරයකු කොට කුරුසියේ එල්ලා දමන ලදි. අලුත් ගිවිසුම නමින් බයිබලයේ කොටසක් විභාග කළාම මතෙව්, මාරුක්, ලූක්, ජෝන් නමින් තිබෙන කුඩා ප්‍රකාරණවල පෙනෙන කාරණා අපණ්ණක ලෙස නොපෙනේ. එක පුද්ගලයකු ගැන එක කාරණයක් සම්බන්ධ හතර දෙනෙක් හතරාකාරයකට ප්‍රකාශ කරන්නාහු නම් ඒ සාක්ෂ්‍ය සත්‍ය හැටියට පිළිගන්නට හැකි ද? අමාරුයි. යේසුස් විසින් ප්‍රථම කොට කරන ලද ප්‍රාතිහාර්යය නම් ජලය මද්‍යපානයක් කොට මනුෂ්‍යයන්ට බොන්ට දී ඔවුන් මත් කරවීමයි. නැවත යකුන් වැහී සිටිය මනුෂ්‍යයන් කීප දෙනෙකුට සුව ගෙනදීම, මරණයට පත්වූ දෙදෙනෙකු නැවතත් ප්‍රකෘතිමත් කිරීම, ආහාර නැතිව සිටි මනුෂ්‍යයන්ට ආශ්චර්ය ලෙස භෝජන වැඩි කිරීම යනුයි. ක්‍රිස්තු කර තිබෙන මේ ආශ්චර්ය කරුණු ඔහු උපදින්ට වර්ෂ දහසකට පෙර දඹදිව්වාසී සෘෂීන් විසින් ද කරනු ලැබ තිබේ.

– යේසුස් ගේ හපන්කම් –

යේසුස් ක්‍රිස්තු එක් තැනකදී එක්තරා මනුෂ්‍යයකුට වැහී සිටිය යකෙක් එළවන්නට ගොසින් දුප්පත් ගම්වැසියන් ගේ සූකරයන් 2000ක් ජීවිතක්ෂයට පැමිණ වූ බව ද, සබත් දිනවල (නිවාඩු දවස්වල) අන්‍යයන් ගේ ඉඩම්වලට ඇතුළු වී කිසි අවසරයක් නැතිව ඵල වර්ග භුක්ති වින්ද බව ද (අනුන්ගේ ඉඩමකට වැද එසේ අවසර නැතිව එහි තිබෙන ඵල උදුරාගෙන කෑම නීති විරෝධයි.) අකාලයේ පල නුදුන් වෘක්ෂයක් මරාදැමීම, ථුල්ලකුමාරිකාවන් සමඟ හැසිරීම, තමා ශක්‍ර දේවේන්ද්‍ර ලීලාවෙන් අහසින් දේව සමූහයක් පිරිවරාගෙන දිව්‍ය ලෝකයෙන් මෙලොවට තත්කාලික පරම්පරාව නැති වෙන්ට මත්තෙන් පැමිණෙන්නෙමි යි කියා මනුෂ්‍යයන් මුළා කරන ප්‍රලාප දෙසාබෑම, මත්පැන් බොන්ට දීම, ක්‍රෝධයෙන් කසයකින් දුගී වාණිජ සමූහයකට පහර දීම, මේස පෙරලා දැමීම, මනුෂ්‍යයන්ට නිග්‍රහ කිරීම, පරුෂ වචනවලින් බැණීම, අප්‍රිය වචන කීම, දෙමවුපියන්ට ගරු නොකිරීම, අනුන් නසත්වායි සිතීම, තමන් පකස්සේ නොඑන සකල ලෝකයා සදාකාලික මහා නරකයට දමනවා යයි ප්‍රලාප බස් බිණීම යන මේ ආදි වැරදි වැඩ කර තිබෙයි.

දේව පුත්‍රයා යයි තමන් විසින් ප්‍රකාශ කරනු ලැබූ නිසා යුදෙවු ආඥාචක්‍ර නිලධරයන් විසින් ක්‍රිස්තු ජීවිතක්ෂයට පමුණවන ලදී. දස අකුසලයන් කිරීම, පව් නැතැයි උගන්වන පරදේශික පාපතරයන් අනුව යන සිංහල පිරිස යෝනිසොමනසිකාරයෙන් කල්පනා කළොත් පරදේශික පාදිලි තැනලාගේ උදර පෝෂණය පමණක් හොඳට කරගෙන දුප්පත් සිංහලයන් දාස භාවයෙහි තබාගෙන යුරෝපීයයන්ට ප්‍රයෝජන වන පරිද්දෙන් සියලු කර්ම ඔවුන් අතට ගෙන ස්වදේශ හස්ත කර්මාන්ත නැති කොට පිදුරු, තොප්පි, කෝලම් ගවුම් ආදිය සිංහල ස්ත්‍රී-පුරුෂයන්ට ආභරණ මෙන් දී පුරාණ යහපත් කුලධර්ම අත්හරවමින් සිංහල ජාතිය නැති කිරීමට කටයුතු කරන බව පෙනේ. උදරාර්ථය පිණිස මේ යුරෝපීය පාදිලි රාලහාමිලාට යටත් වී සිටින සිංහලයන්ට විශේෂ ඥානයක් ද නැත. රාමනාදන් තුමා හින්දු භක්තිය විශ්වාස කරන ද්‍රවිඩ ජාතිකයෙකි. සිංහලයන්ට උන්නැහේගෙන් ලැබී තිබෙන ඵල ක්‍රිස්තියානිකාරයකුගෙන් ලැබෙන්නේ නැත. දිනෙන් දින හීන භාවයට යන සිංහලයනි! යෝනිසෝමනසිකාරයෙන් කල්පනා කර නොබලන්නේ මන්ද? මරක්කලයා, හම්බයා, නාට්ටා, පාර්සිකාරයා, දෙමළා, ඇප්ගන්බායියා යුරෝපීය වෙළෙන්දා දිහා බලනු මැනවි.

යුරෝපීය පාදිලි රාලලා අනුව යන ක්‍රිස්තියානි සහෝදරවරුනි, අප රට සිංහලයන්ට පැමිණ තිබෙන විපත්ති බොහෝ යි. එනම් මත්පැන් පානය කිරීම, ශිල්ප කර්මාන්ත නැතිකමින් දුගීව සිටීම, ඒ නිසා චෞරකම් කිරීම, එයට දඬුවම් ලැබ බන්ධනාගාරවල දැමීම යනාදිය යි. මාණික්‍ය රත්නයක් බඳු වූ අපේ චාරිත්‍ර ඉගෙනගෙන රටට ජාතියට ප්‍රේමයෙන් ක්‍රියා කරනු. සුද්දා අප රටට වී වර්ෂ සියයක් ගත විය. මේ කාලය තුළ කර්මාන්තාදි යම්කිසි ක්‍රියාවක් අපට නූගන්වා අබින්, අරක්කු, විස්කි, බ්රැන්ඩ් බොන්නට ද ගොඝාතක සූකරඝාතකයන් කරවා අපට මහා විනාශ ද මේ පර දේශිකයා විසින් පමුණවනු ලැබ තිබෙයි. සිංහල ජාතිය වර්ෂ 2358ක් මේ ලංකාව නිසා සාගරය පරදවන්ට ලේ පූජා කර තිබේ. සිංහලයනි, යුරෝපීයයන් ගෙන අපට ක්ෂාන්තියක් මේ තෙක් ලැබී නැත. අප අතර සමඟිය නැති කරන්ට යුරෝපීයයන් කටයුතු කරනු ලැබේ.

අපි හැමෝම එකතු වී අප ජාතිය දියුණුවට වැඩ කරමු. තුර්කි, පාර්සියන්, මිසර, අප්ගන්, සියම්, චීන, ජපන්, දඹදිව් වැනි නානා ජාති ඔවුනොවුන් ගේ කුලධර්මවලට අනුව දිනෙන් දිනම අභිවෘද්ධියට යන බව පෙනෙන්නේ නැද්ද? සිංහල සහෝදරවරුනි, මත්පැන් පානය සත්ත්ව ඝාතනය යන දුශ්චරිත අත්හැරදමා යහපත් මාර්ගයේ ගමන් කරමින් නැවතත් ප්‍රණීත භූමියට පැමිණීමට වීර්යයෙන් ක්‍රියා කරනු. අප උතුම් ජොර්ජ් මහරජතුමා දිල්ලි නගරට පැමිණ දඹදිව්වාසීන් ගේ අභිවෘද්ධිය සඳහා නානා දේ කර තිබේ. මේ සියල්ලම ලබාගත් දඹදිව් රටවාසිහු යුරෝපීයයන්ගේ කිසි චාරිත්‍ර ධර්මයක් නොගෙන පුරාණ කුලධර්ම වලට අනුවම කටයුතු කරති. කෝටි ගණන් ධන ඇති රාජරාජ මහා මන්ත්‍රීහු දඹදිව සිටිති. අතළොස්සක් පමණ සිටින සිංහලයන් පමණක් යුරෝපීයයන් අනුව ගොස් විනාශයට පැමිණීම ඉවසිය නොහැකි දුකකි.

(1911 දෙසැම්බර් 23 දින ‘සිංහල බෞද්ධයා’ පුවත්පතේ පල වූ අනගාරික ධර්මපාලතුමාගේ ලිපියකි.)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s