සමන්ත භද්‍ර නොහොත් පිටිදූවේ සිරිධම්ම හිමි

1452457_660336487343883_2074707440_n
(මව්බිම – 2013-11-28)
http://cdn9.mawbima.lk/thumb/epaper-images/23475.jpg
_________________________________________________

1466271_660906590620206_494441121_n

– පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි – (‘අද’ පුවත්පත – 2013-11-29)

තමන් අරහත් යැයි කියාගන්නා සමන්ත භද්‍ර උමතු රෝගියෙකු බවත්, රජයේ ප්‍රබල දේශපාලකයෙකුගේ බිරිඳකගේ ශක්තිය ඔහුර පවුරක් වී ඇති බවත් බොදුබලසේනා සංවිධානයේ ලේකම් ඥානසාර හිමියෝ පවසති.කලින් පිටිදූවේ සිරිධම්ම ලෙසත් පසුව සිරි සමන්තභද්‍ර ලෙසත් ආන්දෝලනාත්මක චරිතයක්ව සිට මෑතකදී නැවතත් කරළියට පැමිණෙමින් ප්‍රසිද්ධ මාධ්‍යයන්හි තමන් අරිහත් යැයි පවසමින් සිටින උන් වහන්සේ ගැන ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් මෙලෙස අදහස් දැක්වූහ.‘එක පැත්තකින් මේ මනුස්සයා උමතු රෝගියෙක්. එහෙම ලෙඩ්ඩු පහල වෙන්වා. මම බුදුන්, මම අරහත්, මම අජාසත්ත, මම සිද්ධෝදන කියාගත්ත අය ඉන්නවා.මේ වගේ උමතු රෝගීන්ගෙන් බණ අහන ලෙඩ්ඩුත් ඉන්නවා. ඒ සියල්ලටම වඩා හාස්‍යජනක දේ තමයි මේ තරම් රටේ මහානයක හාමුදුරුවරු පවා මේ සම්බන්ධයෙන් යම් අදහසක් පළ කර තිබියදීත්, ඒ වගේමන් රටේ දැන උගත් අනෙක් හාමුදුවරුත් මේ පිළිබඳව අවධානය යොමු කරමින් කතා කර තිබියදීත් පසුගිය පෝය දවසේ වගේම ඊයේ පෙරේදාත් රටේ වගකිවයුතු පක්ෂ විපක්ෂ දේශපාලඝ්නයන් පවා මේ මිත්‍යාදෘෂ්ටිකයාගෙ බණ අහන ආකාරය අපි දැක්කා. ඇත්තටම රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ බිරිඳක් තමයි මේ මිත්‍යාදෘෂ්ටිකයාට හයිය දෙන්නේ. ඒක තමයි ඇත්ත. එතකොට මේ වගේ හොරු පහළ වෙනකොට, ඔය වගේ දේශපාලනික බලය, දේශපාලනික හයිය ඉස්සරලාම පවුරක් හැටියට පත් කරගන්නවා.වඳුරඹ සිරිවර්ධනටත් මේ දේම අදාලයි. කොහොම වුනත් අපි මේ රටේ පොලීසියවත්, අධිකරණයවත් නෙවෙයි. ඒ නිසා අපිට කරන්න පුළුවන් මාධ්‍යයෙන් කරනවා වගේ ජාතික හෝ ශාසනික පැත්තෙන් සිදුවන මේ වගේ දේවල්, ඒවයේ විපාක හෙළිදරව් කිරීම හා ඒවා වගකිවයුත්ටන්ගේ අවධානයට යිමු කරවීම පමණයි.ශාසනික වශයෙන් මේ ගැන පියවරක් ගන්න කෙනෙක් අපට නැහැ. මහානායක හාමුදුරුවරු හිටියත් උන් වහන්සේලා උත්තරිතරයි කියනවා හැරෙන්න මේ වගේ දේකට තියන වැඩ පිළිවෙල මොකක්ද?ඇත්තටම අපේ ප්‍රාර්ථනාව වගේම, ඒම් ප්‍රශ්න වලට තියන එකම විසඳුම වෙන්නේ අනාගතයේ සංඝරාජ හාමුදුරු කෙනෙක් පල කරගන, උත්තරීතර සංඝ මණ්ඩලයක් පත් කරගන කටයුතු කරන එක විතරයි’

______________________________________________

1470053_661263840584481_235290968_n

මාර්ගඵල ලැබුවයි කියන සමන්තභද්‍ර හිමි දැන් අභියෝගය මගහරිනවලු..!

ඉරිදා මව්බිම – 2013-12-01

_______________________________________________

1466118_662408563803342_419983921_n

වැරදි කොනින් අල්ලා ගැනීම..!
(මව්බිම පුවත්පතේ කතුවැකිය – 2013-12-02)
______________________________________________

1480573_662939937083538_536735298_n

සමන්ත භද්‍ර (පිටිදුවේ සිරිධම්ම) ශාසනය විනාශ කිරීමට පැමිණි කඳ පණුවෙක්..!

– පූජ්‍ය අක්මීමන දයාරතන හිමි – (‘අද’ පුවත්පත – 2013-12-03)
______________________________________________

1472896_663390267038505_1449876282_n

මම වත් බුද්ධ ශාසනය හා ධර්මය ගැන දන්නෙ නෑනේ..!

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් – අද පුවත්පත – 2012-12-04
_________________________________________

1452234_664376260273239_1422153946_n

සමන්තභද්‍ර හිමි අභියෝගයෙන් ලිස්සා යයිද..?

http://www.scribd.com/doc/189783898/abhiyogaya-pdf
_
________________________________________

1453401_664924673551731_717789195_n

_________________________________________

549608_665464920164373_1186389015_n

කිත්සිරි ආනන්ද මහතාගේ පිළිතුරු ලිපිය –

https://docs.google.com/file/d/0B1shXBojFFj_djJBOEctOWpHQms/edit?pli=1

1476659_667038333340365_989683323_n_______________________________________________

1229937_669057276471804_372123284_n

________________________________________________________

1492721_672209192823279_145162884_o

සමන්තභද්‍ර හිමි තවදුරටත් පළා යයිද? (ඉරිදා මව්බිම – 2013-12-22)

http://cdn9.mawbima.lk/thumb/epaper-images/24612.jpg

_____________________________________________________________

Lankadeepa-12-22

සියල්ලන්ට අභියෝග කළ සමන්තභද්‍ර හිමි, විපස්සී හිමියන්වත් මඟහරී ද?

(ඉරිදා ලංකාදීප පුවත්පත – 2013-12-22)
https://drive.google.com/file/d/0ByoNnbsemXfOUEhTODlmZU1FVTQ/edit?usp=sharing

_____________________________________________________________

main-15______________________________________________________________

1492157_674636465913885_1467004789_o

සමන්තභද්‍ර හිමියන්ට සඟරුවන රැකගෙන ආ ථෙරවාදී බුදු දහම විකෘති කරන්න ඉඩ දෙන්නේ නෑ..! (මව්බිම – 2013-12-26)
පිටිදූවේ සිරිධම්ම හිමියන් හෙවත් සමන්තභද්‍ර හිමියන්ට පොදු මහා සංඝරත්නය චිරාත් කාලයක් මැනවින් ආරක්ෂා කරගෙන ආ ථෙරවාදී බුදු දහම විකෘති කිරීමට ඉඩ නොදෙන බවත් උන්වහන්සේ ධර්මයට කරන හානිය කතිකාවතකින් සමාජයට පෙන්වාදිය යුතුව ඇති බවත් ආධ්‍යාත්මික ගවේෂක කිත්සිරි ආනන්ද මහතා පවසයි.මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ආනන්ද මහතා මෙසේ කරුණු පැහැදිලි කරයි.සිරිධම්ම හිමියන් සමාජගත කරන අවුල් සහගත ධර්ම විරෝධී මතවාද ධර්මානුකූලව නිරවුල් කර පිරිසුදු ධර්මය පිළිබඳ කතිකාවතක් ගොඩනැඟීම අවශ්‍ය පසුබිම ඉදිරියේදී ගොඩනැඟීමටද අපේක්ෂා කරමි. ශූර දේශපාලනඥයකුටත් නැති තරමේ මමත්වයක හිඳිමින් තමා උසස්ම, ප්‍රඥාවන්තම, ධර්මධර පුද්ගලයා ලෙස ඉස්මතුවීමට ඇති උන්වහන්සේගේම ආත්මාර්ථකාමී ගිජුබව උන්වහන්සේ වියවුලක පටලවා ඇත. එකී මානසිකත්වයෙන් ගෞරවනීය පොදු මහා සංඝරත්නයට හා අනෙකුත් ධර්මධර වියතුන්ව අවඥාවට හා අවතක්සේරුවට පත් කිරීම සමන්තභද්‍ර හිමියන් සිදුකරමින් සිටියි.අප රටේ වියත් ධර්මධර යතිවරයන්ට අභියෝග කිරීමට කටයුතු කරනුයේද ඉහත කරුණු නිසාය. ගෞරවනීය පිටිදූවේ සිරිධම්ම හිමියන්ව පොදු මහා සංඝරත්නය ප්‍රතික්‍ෂේප කර ඇති බව පැහැදිලි පෙනීයන කරුණකි. එහෙයින් නමක් ඇති මාහිමිපාණන් වහන්සේ නමක් සමඟ වාදයක පැටලී යළි මතුවීමට පිටිදූවේ හිමි මහත් ආයාසයක් දරයි. එහෙත් අවබෝධයෙන් සිටින වියත් ධර්මධර මහා සංඝරත්නය ප්‍රඥාවන්ත ලෙස උන්වහන්සේව හා උන්වහන්සේගේ සැහැසි බස් ප්‍රලාප ප්‍රතික්ෂේප කර ඇත.

සූත්‍රගත කරුණු මතකයේ රැඳුණු පමණින් අරහත් වූවා යැයි බෞද්ධයන් මුළා කළ එකම භික්ෂුව ලෙස පිටිදූවේ හිමියන් ඉතිහාසයේ හමස් පෙට්ටියට වැටෙනු ඇත.
මෑත ඉතිහාසයේ යම් යම් භික්ෂුන් වහන්සේ් තරුණ කල යම් ආකාරයක විප්ලවීය මතවාද සමාජගත කර කැපී පෙනීමට උත්සාහ ගෙන ඇති බවද පෙන්වාදිය හැකිය.

එහෙත් පරිණතියත් සමඟ ඒ පිරිස ද ධර්මයේ මූලික හරය පසුව පිළිගෙන නිහඬ විය. පිටිදූවේ හිමියන්ගේ මේ ක්‍රියාකලාපයද ඉස්මතුවීමට දරන ළාමක ප්‍රයත්නයක් ලෙස සමාජය සලකයි. උන්වහන්සේ මේ සඳහා දේශපාලනයට සම්බන්ධ පිරිසක්ද වටකරගෙන සිටියි. ජාතික ප්‍රශ්නවලදී පක්ෂ භේදයකින් තොරව පොදුවේ රට හා මහ ජනතාව ගැන සිතන සමහර යතිවරයන්ව සමහර දේශපාලනඥයන්ට මහත් හිසරදයක් වී ඇත. රට වෙනුවෙන් මහ ජනතාව වෙනුවෙන් ශාසනය වෙනුවෙන් කැප වන ඒ මහා සංඝරත්නයට අවමන් කිරීම සඳහා අදාළ දේශපාලනඥයන් පිටිදූවේ හිමියන්ව අතකොළුවක් කරගෙන ඇත. පිටිදූවේ හිමියන් දැන හෝ නොදැන ශාසනයට කරන හානිය සුළුපටු නොවේ. එහෙයින් විවෘත සංවාදයකින් උන්වහන්සේව පරාජය කළ යුතුව ඇත. එය ශාසනය වෙනුවෙන් කළයුතු අද දවසේ ප්‍රධාන කාර්යය වී ඇත.

මේ සඳහා සජීවී විවාදයක් පැවැත්වීමට අවශ්‍ය වේදිකාව රූපවාහිනි මාධ්‍යයකින් සලසා දෙන ලෙස සසුන් ළැදි පිරිසෙන් ඉල්ලා සිටිමි. උන්වහන්සේව මතවාදීමය වශයෙන් පරාජය කිරීමට මා හට හැකි බව උන්වහන්සේ දන්නා නිසාදෝ මඟහැරීමට උත්සාහ ගන්නා බවක් පෙනේ. උන්වහන්සේට පෞද්ගලිකව අවලාද නැඟීම අපහාස කිරීම මම අනුමත නොකරමි.

——————————————————————————

25464

පිටිදූවේ සිරිධම්ම හිමිගේ වීඩියෝවක් ලීක් වෙයි
(මව්බිම – 2014-01-08)
__________________________________පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමියන් තමන් මාර්ගඵල ලබා සිටිනු අයකු බව මාධ්‍යයට පැවැසුවේ තමන්ට අතිමහත් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට බව ඒ හිමියන්ම පවසන වීඩියෝවක් නිකුත් වී තිබේ.

පසුගිය දිනක සිරි සමන්තබද්‍ර හිමියන් ධර්ම දේශනයක් අවසානයේ තමන් සමඟ සිටි ශ්‍රාවක පිරිසකට මේ බව පවසන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇති අතර එහිදී සමන්තභද්‍ර හිමියන් පවසන්නේ මීට කලකට පෙර රිටිගල වනයේදී තමන් සිවුරු රහිතව ගත් ඡායාරූප සහිත පෝස්ටර් තමන් විසින්ම අලවා ප්‍රසිද්ධිය ලබාගත් බවයි.
අන්තර්ජාලයට මුදාහැර ඇති මිනිත්තු එකයි තත්පර 08ක ධාවන කාලයකින් යුත් එම වීඩියෝ දර්ශනයේදී සමන්තභද්‍ර හිමියෝ ධර්ම දේශනා පවත්වන ආසනයේ සිට සිය ශ්‍රාවකයන් වෙත මෙසේ පවසති.

“දැන් ඔය මම හිටිය ගමන් ඔය පත්තරවල දානවනේ… මට තමා ඔය මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ… එතකොට නැති එවුන් මොකක්ද වෙන්නේ… (හයියෙන් සිනාසෙයි…) කලබලයි… දන්නව ඒක…. මුං මෝඩයෝ…. මුං පොඩි බිලී කොක්කක් දාපු ගමන්, අල්ලගෙන…, හතරවටේ… අන්තිමට මට ඒකෙන් ලැබෙන්නේ මොකක්ද…? විශාල ප්‍රසිද්ධියක් ලැබෙනවා…. එතකොට ඒ ප්‍රසිද්ධිය යොදාගෙන මම මොකද කරන්නේ… දේශනාව පවත්වනවා… තේරුණද මේ කියන එක…? එතකොට ප්‍රසිද්ධිය ගන්න එක එක ඒව තියෙනවනේ… ඒව හිටි ගමන් බෝල කරල දානවා කාපන් කියල….

අරව කාල දිරව ගන්න බැරිව අහුවෙන අහුවෙන අහට දිදී දුවනවා…
දැන් අර… රිටිගල ගිහින් කැලේ සිවුරු නැතිව ඉන්න ෆොටෝ එක දාල “පබ්ලිසිටිය” දුන්නනේ… දැක්කද ගත්ත විදිහ….? දැක්කද ඒව ගත්ත විදිහ…? අපිම ඒ පෝස්ටරේ ගැහුවා. (සිවුරු හදමින් හයියෙන් සිනා සෙයි…)

දැන් එතකොට එපාවෙන්නේ නැද්ද…? තේරෙන්නේ නැද්ද මේ කියන එක…? ඔයාල කාට හරි බැන බැන යනවා… බැන බැන ගියාම බැනුම් අහපු ඒ මනුස්සය ඒක කිය කිය බැන බැන යනවා… එතකොට ඔයාලට එපා වෙන්නේ නැද්ද…? මොකද්ද මේ දාගත්ත තොප්පිය කියල…. ඒ තමයි ඥානය කියන්නේ… පැහැදිලි නේ කියන එක…. ලැජ්ජාවක් නෑනේ…

පිටුදූවේ සිරිධම්ම හෙවත් සමන්තභද්‍ර හිමියන් පසුගිය දිනවල මාධ්‍ය සාකච්ඡා කීපයකදී තමන් අරහත් මාර්ගඵලයට පත්වී ඇති බව ප්‍රකාශ කළ අතර ඒ හිමියන්ගේ ප්‍රකාශයන් බුදුදහමට පටහැනි මෙන්ම ශාසන විරෝධී බවද බෞද්ධයන් බොහෝ පිරිසකගේ මතය විය.

– වාර්තාව – සංජය දසනායක-

_____________________________________________________________
1606284_682965188414346_424848611_o
ලීක් වෙච්ච වීඩියෝ එක ගැන සිරි සමන්තභද්‍ර හිමිගෙන් මව්බිම ප්‍රශ්න කරයි..!

(ඉරිදා මව්බිම – 2014-01-12)
http://www.mawbima.lk/thumb/epaper-images/25614.jpg

Advertisements

2 thoughts on “සමන්ත භද්‍ර නොහොත් පිටිදූවේ සිරිධම්ම හිමි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s