බොදු අභියෝග.. වත්මන් බොදු පුනරුදයේ නියමුවාණන්ගේ ඇසින්..!

Bodu Abhiyoga

බොදු අභියෝග ආරම්භ වන්නේ බොදු චින්තනයේ ප්‍රාතුර්භූතවීමත් සමගම බව මගේ විශ්වාසයයි. වරෙක මහාචාර්ය සංකරනාරායන් බොදු චින්තනය හඳුන්වන්නේ වෛදික දර්ශනයේ ‘අකීකරු දරුවා’ ලෙසිනි. ඒ ‘අකීකරුකම’ හෙවත් ප්‍රාග් බෞද්ධ භාරතයේ ගර්හිත සමාජ සන්දර්භය නිවැරදිව විනිවිද දැකීමටත් නව විමුක්ති ව්‍යාපාරයක් නිර්මාණය කිරීමටත් ගෞතම බුදුරජාණන් වහන්සේ එඩිතරවීම, අභියෝග සඳහා අත වැනීමක් විය. අද්‍යතන බෞද්ධයා මුහුණ දෙන අභියෝග ලැයිස්තුවක් සැකසීම පහසු කටයුත්තක් නොවේ. නූතන සමාජයේ නව හැඩතලයන් මත බොදු අභියෝග විවිධ ස්වරූපයන් ගෙන් පෙනී සිටියි. ආගම වානිජකරණය හෝ දේශපාලනීකරණය වැනි සමකාලීන ගැටළුවල සිට තොරතුරු සමාජයේ ආගමනය සමග අයථා අන්‍යාගමිකකරණ කූටෝපාය වඩාත් සාහසික ස්වභාවයක් ගෙන තිබේ. ලෝකෝත්තර විමුක්ති මාර්ගයක් ලෙස බෞද්ධ දර්ශනයට හිමි අමිල අද්විතීය ස්ථානයට අමතරව ලොව පුරා බොහෝ බෞද්ධ දේශයන් සිය ජාතික විමුක්ති අරගලයන් පණ ගැන්වීම සඳහා බෞද්ධ දර්ශනයත් ක්‍රමවේදයත් යොදා ගැනීමේ ප්‍රවණතාව නව භාවිතයක් නොවේ. බුරුමයේ පූජ්‍යපාද විරාතු හිමියන් ‘බෞද්ධ ත්‍රස්තවාදයේ මුහුණතක්’ ලෙස හඳුන්වා දෙන්නට ලෝ සුපතල ‘ටයිම්’ සඟරාව උත්සුකවීම ජගත් බෞද්ධ ප්‍රජාවේ කම්පනයට හේතු වන්නේ එය බොදු අභියෝගයන් නව මානයක් දක්වා ගෙන ගිය බැවිනි. මෙසේ මොහොතින් මොහොත වඩවඩාත් සංකීර්ණවන බොදු අභියෝගයේ ස්වභාවය පළල් අර්ථ විග්‍රහයකට ලක් කිරීමට ප්‍රවීණ ජනමාධ්‍යවේදී චතුර පමුණුව මහතා ගෙන ඇති ප්‍රශස්ත උත්සහය අප දකින්නේ එම අභියෝග ජය ගැනීමට අත්‍යාවශ්‍ය මුල පිරීමක් ලෙසිනි.

රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s