මේ බුදුන් උපන් දේශය යැයි කියනා නීතිවිරෝධී මිසදිටුවන්ගෙන් ප්‍රවේශම් වන්න..!

Budun Upan Deshaya
මීවනපලානේ හිමියන්ගේ ප්‍රකාශන තහනම් කළ බවට 2012-09-08 දින නෙත් නිවුස් හි පලවු වාර්තාව –
අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි තේමාව යටතේ මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලූ ග‍්‍රන්ථ පුස්තකාලවලින් ඉවත් කරන්නැයි පුස්තකාල මණ්ඩලයට නියෝග කෙරුණා. හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් කෙරුණු එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වන්නේ උන්වහන්සේ විසින් රචිත සෙසු ග‍්‍රන්ථද පුස්තකාලවලින් ඉවත් කළ යුතු බවයි. එකී ග‍්‍රන්ථ යළි මුද්‍රණය කිරීම නතර කරන්නැයි රජයේ මුද්‍රණාලයට නියෝග කෙරුණා.

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබුණේ එකී ග‍්‍රන්ථවලින් බුදු දහම විකෘති කර තිබේ දැයි වාර්තාවක් සපයන ලෙසයි. එම වාර්තාව ඊයේ ඉදිරිපත් කෙරුණු අතර එහි සඳහන් වුයේ එකී ග‍්‍රන්ථවලින් බුදු දහම විකෘති කර තිබෙන බවයි. ඒ අනුව, මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කෙරුණා. කෙසේවෙතත් රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත උන්වහන්සේ මුදාහළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. නඩුව ලබන මස 05 වනදා යළි කැඳවීමට නියමිතයි.

මේ අතර අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි යන තේමාව යටතේ බුදු දහම විකෘති කෙරෙන බව නෙත් බැලූම්ගල වැඩසටහිනන් අවස්ථා කිහිපයක දී පෙන්වා දුන්නා. මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් විසින් රචිත ග‍්‍රන්ථ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වූයේ ඒ අනුවයි. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම විමර්ශන මෙහෙයවනු ලබනවා.
_________________________________

නෙත් බැලුම්ගල වැඩසටහනින් මේ පිළිබඳ අවස්ථා දෙකකදී වැඩසටහන් කෙරුණා. මේ එම වැඩසටහන් දෙකයි…

පළමු වැඩසටහන –
https://www.youtube.com/watch?feature=player_embedded&v=Gm2mPtlv4AQ

දෙවන වැඩසටහන
https://www.youtube.com/watch?feature=player_embedded&v=0arr8qfNll4
_________________________________

ජම්බුද්වීපය මිත්‍යාවක්, මීවනපලානේ හිමි වරද පිලිගනී. අනුගාමිකයෝ නන්නත්තාරයි.

http://www.dhammikaweb.com/?p=13330

_________________________________

2009 – 12 – 24 දින බුදුසරණ පුවත්පතේ කතු වැකිය –

2009 – 11 – 09 වන දින බුදුසරණ පුවත්පතේ පලවූ ලිපියක් – පොතක මහිම දැක වැලපෙයි සිත මෙලෙස

http://www.lakehouse.lk/budusarana/2009/11/09/tmp.asp?ID=fea02

_________________________________

2012 – 04 – 01 දින සිළුමිණ පුවත්පතේ පළවූ ලිපියක් – බුදුන් උපන්නේ ලංකාවේද?

http://www.silumina.lk/punkalasa/20120401/_art.asp?fn=ar12040118

_________________________________

ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පලවූ ලිපියක් – හිස ඔසවන තවත් බෞද්ධ විරෝධයක්

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s