ධර්මපාල හඬ යළිත් රැව් පිළිරැව් දෙන කාලයයි මේ..!

Dharmapala handa

මීළඟට අනගාරික ධර්මපාලතුමා පිළිබඳ ප්‍රශ්නය ගැන යමක් ලියමි. කලකට පෙර නිල්වක්කේ සෝමානන්ද තෙරුන් සමඟ නාඩි අනාවැකි කරුවෙකු වෙත ගොස් අනගාරික ධර්මපාලතුමා ගැන මනෝමය ප්‍රශ්නයක් විචාළමු. එයට උත්තර වශයෙන් එවකට එතුමා හිමාලයේ බූමාටු දෙවියකු වී සිටින බවත්, 1963 වර්ෂයේ ලක්දිව රත්නපුර උපදින්නට අදහස් කර සිටින බවත්, ඒ මාපිය දෙදෙනාගේ නම් දෙකත් දැන ගතිමු. මම රත්නපුරයට ගොස් විමසා ඒ දෙදෙනා හමුව මේ ශුභ ආරංචිය දුනිමි. එහෙත් ඉතා ධනවත් වූ හෙතෙම ස්වල්ප කලෙකින් බේබදු කමට බැස, මඳ කලකින් කලුරිය කළේය. එයට පසු ඉන්දියාවට ගිය වරෙක සිදුවූ දෑ කියා තව වරක් නාඩි වාක්‍යයක් ගත්තොත් මැනැවැයි නිල්වක්කේ සෝමානන්ද තෙරුණට කීමි. 

පසුවතාවෙක උන්වහන්සේ හමුවී දෙවෙනි වර ලබාගත් නාඩි වාක්‍යයයේ තොරතුරු කීය. බූමාටු දේවතාවා රත්නපුරේ උපදින්නට සිතා සිටි නමුත් පියා වශයෙන් තෝරාගෙන තුබුණු තැනැත්තා බේබදුකමට බැස්ස බැවින් ඒ අදහස අත්හළ බවත්, තව ටික කලෙකින් ලක්දිව වෙන තැනෙක උපත ලබන අදහස ඇතිව සිටින බවත් දැනගත් බවත් කීය. එයට පසු කලෙකින් ඉන්දියාවට නොගියෙමි. උන්වහන්සේ මෑතක ලංකාවට අවුත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නොදුරෙහි වූ ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලය විහාරයේ වස් වැස සිටින බව ආරංචි වී එහි ගියෙමි.

ධර්මපාලතුමා ගැන ඇසූ විට අනාවැකියක් ලැබුන බවත්, දැන් එතුමා ඈත ගමෙක ඉපදී සිටින බවත් දැන් නම……………… බවත් කීය. (මේ නම හෙළිදරව් කිරීමට නොහැකිය.) ඒ අනාවැකිය ලියාගත් ලියැවිල්ලේ විස්තර ඇති බවක්, වසින් පසු මදුරාසියට ගොස් එන විට ඒ සියලු ලියවිලි ගෙන එන බවත් කීය. එයින් ටික දිනකින් පසු මම එංගලන්තයට ගොස් ඇමෙරිකාවටද ගොස් ආවෙමි. උන්වහන්සේ ගැන සොයා බැලූ විට උන්වහන්සේ කෑගල්ල අසල ස්වකීය පන්සලේ දී අසනීපව අපවත් වූ බව අසන්නට ලැබිණ. උන්වහන්සේ ඇවිත් තිබෙන්නේ මදුරාසියේ පන්සලට දෙමළ මිනිසුන්ගෙන් තර්ජන හිරිහැර ඇතිවූ බැවිනි.

අද රටේ තිබෙන සියලු කලබල තව ටික දවසකින් සංසිඳේ. එහෙත් 1999 අවසන් වන විට ලෝකයේ ආණ්ඩුක්‍රම වෙනස් වේ. ලෝක යුද්ධයක් නොවුණොත් ඇමෙරිකා ආදි රටවල භූමිකම්පා, ජලගැලුම් ආදිය වෙයි. කරදර සහිත කාලයක් යුරෝපා, ඇමෙරිකා ආදී රටවලට ඇතිවේ. එය ඉන්දියාවටත්, ලංකාවටත් තරමක් බලපායි. 2010 න් පසු ඉතා ශුභ කාලයක් උදා වේ. මුළු ලෝකයටම හොඳ කාලයකි. ඒ ඒ රටවල දේශකයෝ ඇති වේ. බුද්ධාගමය මුළු ලොවටම අවශ්‍ය වෙයි. ධර්මපාලතුමා නැවත ඉදිරියට එන්නේ ඒ යුගයේදී ය.

(අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන්ගේ අප්‍රකට ලිපියකිනි)

________________________________________________

අනගාරික ධර්මපාලතුමාගේ අභීත ස්වරයට සවන් දෙන්න..

https://www.facebook.com/video/video.php?v=142785332581507&saved
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s