ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ දිවි ගමනේ මතක සටහන් – 1

mathaka satahan 1 front
https://docs.google.com/file/d/0ByoNnbsemXfOa292TllseXdGWXM/edit?usp=sharing

(මෑත කාලයේ බිහිවූ ජාතික ව්‍යාපාරවල කැපී පෙනෙන භික්ෂු චරිතයක් වූයේ රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ය. ජාතික සංඝ සම්මේලනය, සිහළ උරුමය, ජාතික හෙළ උරුමය ඇතුළු ජාතික ව්‍යාපාර බිහිකිරීමෙහි ලා උන්වහන්සේ සුවිශේෂී කාර්යයක් ඉටු කළහ. මෙකල රටේ ඉමහත් ආන්දෝලනයට ලක්වූ බොදු බල සේනාවේද කැපීපෙනෙන චරිතය උන්වහන්සේය. මේ උන්වහන්සේගේ ජීවිතයේ මතක සටහන් පෙළක පළමු කොටසය.)

ශ්‍රී ලංකාවේ සමහර ඈත ගම් ප්‍රසිද්ධ වන්නේ භික්ෂූන් වහන්සේගේ නම් නිසා. ගලගොඩඅත්ත ප්‍රසිද්ධ වුණේ ඔබවහන්සේ නිසා නේද?

ගාලූ‍ දිස්ත්‍රික්කයේ ඛෙන්තර වළල්ලාවිට කෝරළේ ඇල්පිටියට යාබදව තමයි ගලගොඩඅත්ත ගම පිහිටා ඇත්තේ. අපේ ගම බත බුලතින් සශ්‍රීක ප්‍රදේශයක්. ඇළදොළ ගලා හැලෙන බොහෝ සුන්දර ගමක්.

ඔබ වහන්සේ උපත ලැබුවේ –

ගාල්ල මහ මෝදර රෝහ‍ලේ

උපන් දිනය –

එක්දහස් නමසිය හැත්තෑපහේ මාර්තු මාසයේ

පවු‍ලේ කී දෙනෙක් හිටියාද?

පස්දෙනයි. සහෝදරයන් තුන්දෙනෙකු හා සහෝදරියක මට හිටියා. මම පවු‍ලේ බාලයා.

දෙමාපියන් කවුද?

මගේ අම්මායි තාත්තායි දෙන්නාගේම මුල්ගම මාතර වැලිගම. පසුකලක ඔවුන් ගාල්ල කරන්දෙ‚යේ පදිංචියට ආවා. මගේ අම්මාගේ නම ඩබ්ලිව්.ඩී.ගුණවතී. පියා නාමෙල් සිංඤො. මගේ පියානම් මිය ගිහින්.

ඔබ වහන්සේ පැවිදි දිවියට පත්වුණේ මොන කා‍ලේද?

අවු.14දි තමයි මහණ වීමට ගෙදරින් ගියේ.

ඔබ වහන්සේගේ ගිහි නම

නුවන් සිසිර කුමාර

මුලින්ම අධ්‍යාපනය ලැබුවේ කොහේද?

යක්කටුව කනිටු විදුහ‍ලේ මුලින්ම ඉගෙන ගත්තා. පහ වසර ශිෂ්‍යත්වයෙන් පසුව කරන්දෙ‚යේ බන්දුල සේනාධීර විදුහලට ඇතුළු වුණා.

ඉස්කෝ‍ලේ යන කාලයේ පටන් ඔබ වහන්සේට ආගමික නැඹුරුවක් තිබුණාද?

ඔව්. ඒකට අපේ ගමේ පන්සල ලොකු බලපෑමක් වුණා. බටකැ‍ලේ මහ පන්සල මෙන්ම ජයබිම ආරණ්‍ය සේනාසනයට මා නිතර ගියා. මම පැවිදි බිමට පත්වුණෙත් ජයබිම සේනාසනයේ. එය වතුරවිල වනවාසී නිකායේ මූලස්ථානයට සම්බන්ධ තැනක්.ඒ කාලයේ මාසයේ අන්තිම ඉරිදාවකම අප ශීල ව්‍යාපාරයක් සංවිධානය කළා. අපේ තාත්තා තමයි ශීල සංගමයේ සභාපති. ගමේ බහුතරයක් සිල් ගත්තා. දොඩංගොඩ අස්සජි හාමුදුරුවෝ සෑම මාසයකම අවසාන සති අන්තයේ අපේ ගමට ඇවිත් ශීල ව්‍යාපාරය පැවැත්වූවා. අපේ ගමේ ශීල ව්‍යාපාරය කොතරම් ජනප්‍රිය වෙලාදැයි කියනවානම් අනුරාධපුරයේ මහමෙවුනා උයනේ අපේ ගමටම වෙන්වූ කොටසක් තිබුණා. —යක්කටුව කොටුව˜ කියලා. ඒ අපි හැමදාමත් අනුරාධපුරයේ ගිහින් සිල් සමාදන් වූ නිසා.

මේ ආගමික නැඹුරුතාව නිසා මම පුංචිකා‍ලේ ඛෙඩ්ෂීට් එකක් සිවුර වගේ ‍පොරවාගෙන රටදෙල් කොළපතින් වටාපතක් හදාගෙන බණ කියනවා. අපේ ගෙදර කට්ටිය බණ ඇහුවේ නැති වුණොත් මම අ~නවා කියලා අම්මා කියනවා.

පාසල් යන කාලයේ වූ රසවත් සිද්ධීන් ඔබවහන්සේගේ මතකයේ ඇති?

අපි පාසල් යන කාලයේ ටීටර් කළා. එළාර දුටුගැමුණු යුද්ධය රඟ දැක්වූවා. කුරුඳු කැලෑවල දෙපැත්ත ඛෙදිලා සටන් කළා. ගොඩපර ගෙඩිවලින් ගහ ගන්නවා. ‍පොල්පිතිවලින් තමයි කඩු හදාගන්නේ. අපට නාන්න ගඟක් තිබුණා. නාට්‍ය කරලා කෙළින්ම යන්නේ ගඟට පනින්න. ඒ කා‍ලේ අපට තිබූ ලොකුම විනෝදාංශයත් වුණේ ගමේ තනියෙන් සිටින වැඩිහිටියන්ට සැලකීම. අපි ගමේ වෙල් ඉපනැලිවල තිඛෙන ගොටුකොළ පළා විකුණලා එහෙම නැතිනම් වැලිගොඩ දමලා ඒ සල්ලිවලින් වැඩිහිටියන්ට උදව් කළා. ගමේ ‍පොදු ළිං ඉස්සා. පාරවල් ශුද්ධ කළා.

ඉස්කො‍ලේ යන කා‍ලේ ඔබවහන්සේ දක්ෂ ක්‍රීඩකයෙක් කියලා අප අසා තිඛෙනවා.

ක්‍රීඩා අංශවලින් මට සහතික මිටි ගණනක් ලැබුණා. වැඩිපුරම ගමට තෑගි ගෙනාවේ මමයි. දුර දිවීම, උස පැනීම, මීටර් සියය යන තරග ඉසව් මම කළා. මාත් එක්ක ගමේ කාටවත් දුවන්න බෑ. පුංචි කාලයෙත් මම නම් ගායනාවලට බොහොම දක්ෂයි. පසුකලක බෝධිපූජා පවත්වන්න ජනප්‍රිය වුණෙත් කුඩා කාලයේ සිටම මට තිබූ ගායන හැකියාව නිසා.

ඔබවහන්සේ පැවිදි බිමට පත්වන විට වයස කීයද?

අවුරුදු පහළොවයි. මම මහණ වුණේ අවුරුද්දක් වත්පිළිවෙත් පුරලා. මට මහණ වෙන්න ලොකුම බලපෑමක් වුණේ දොඩංගොඩ අස්සජී හාමුදුරුවෝ. උන්වහන්සේගේ ධර්මදේශනා, කවි ගායනාවලට මාගේ හිත ඇදිලා ගියා. මුල ඉඳලම මගේ හිතේ ග්‍රාමවාසීව වැඩවසන්න කල්පනාවක් තිබුණේ නෑ. වතුරවිල ආරණ්‍යය වගේ ආරණ්‍යවාසීව වැඩ සිටීමට තමයි මගේ ආසාව තිබුණේ ඒ කාලයේ අපේ ගෙදර දානයක් තිබුණා. වනවාසී භික්ෂුන් වහන්සේලා පහළොස්නමක් ග්‍රාමවාසී භික්ෂූන් වහන්සේ පහළොස්නමක් වැඩම කළා. වනවාසී හාමුදුරුවෝ දුටු වේලාවේ මටත් හිතුණා මමත් මහණ වෙන්න ඕනේ කියලා. ඒක තමයි මගේ ජීවිතයේ මහණ වීමේ නිමිත්ත. ඒකාලයේ මොන පන්සලට ගියත් නායක හාමුදුරුවරු මාව මහණ කරන්න ඉල්ලූ‍වා. ඒත් අපේ තාත්තා මාව මහණ කරන්න දැඩි ලෙස විරුද්ධ වුණා. තාත්තා විතරක් නොවේ, අක්කායි අයියලා තුන්දෙනාත් මා මහණ වෙනවාට කැමති වූණේ නෑ.

තාත්තා විරුද්ධ වුණත් ඔබවහන්සේ පැවිදි වුණාද?

තාත්තා විරුද්ධ වූ නිසා මම කාලයක් ගෙදරින් ගොස් ආච්චිගේ නිවසේ නතර වෙලා හිටියා. ඉස්කෝ‍ලේ යන්නේවත් නැතිව. ඇය තාත්තගේ අම්මා. මේ ප්‍රශ්න විසඳන්න ආච්චි අම්මාත්, අපේ අම්මාත් මැදිහත් වුණා. මේ දෙන්නා කීවා මට මහණ වෙන්න තාත්තගෙන් අවසරය අරන් දෙන්නම් කියලා. අන්තිමට තාත්තා මා මහණ වීමට අකමැති වුණේ නෑ. ඔහු මගේ මහණ පිංකමටත් ආවා.

ඔබ වහන්සේ මහණ වුණේ

එක්දහස් නමසිය අසූනමයේ නොවැම්බර් මාසයේ එකොළොස් වැනිදා තමයි මම මහණ වුණේ. පට්ටියවෙල සිරි රෝහණසිරි මහනායක හාමුදුරුවෝ තමයි මගේ කරේ සිවුරු පටිය බැන්දේ.

පවු‍ලේ ‍පොඩි පුතා මහණ වෙනවාට අම්මා කැමැති වුණේ කොහොමද?

ඒක තමයි පුදුමේ. අම්මා හරිම ශ්‍රද්ධාවන්තයි. පිනට දහමට කැමැතියි. ඇය හැමදාමත් කියනවා ‍පොඩිපුතා හරි මහණ කරලා මට සංසාරෙන් එතෙර වෙන්න පුළුවන් වුණොත් ඇති කියලා.

මහණ කාලය තුළදී ඔබවහන්සේ ඉගෙනගත්තේ

මහණ වෙනකොටත් මට පිරිත් ‍පොත කටපාඩම්. වතුරවිල ආරණ්‍ය සේනාසනයේ තමයි පැවිදි අධ්‍යාපනය ලැබුවේ. ඒක ඉතා ශික්ෂාකාමී ආයතනයක්. පැවිදි දිවියේ සියලූ‍ වත්පිළිවෙත් අපට ක්‍රමානුකූලව ඉගෙනගන්න ලැබුණා. මම අදත් විශ්වාස කරන්නේ හික්ෂුවක් හදන්න ඕනේ නම් වතුරවිල වගේ තැනක ඉගෙන ගන්න ඕනේ කියලා. උදේ හතරට අප නැගිට්ටා. පැයක් අපට වන පිරිත කීවා. පහහමාරට ගිලන්පස. ඊට පස්සේ තිබුණේ වන‍පොත් කිරීම. ගාථා ශබ්ද නගා කියමින් කටපාඩම් කරන්නේ ඒ වෙලාවේ. හයයි තිහේ සිට තිබුණේ වත් පිළිවෙත් කිරීම. මට ඒ කාලයේ පටන් හරිම ලස්සනට විවිධ රටාවලට මිදුල අමදින්න පුළුවන්. මිදුල අමදලා මා තෑගිත් දිනා ගෙන තියෙනවා. පාඩම් වැඩ කරලා වත්පිළිවෙත් ඉටුකරලා සැතපෙන්නේ රාත්‍රී දහයටයි. මම අදටත් ආරණ්‍යයේ ගත කළ පැවිදි දිවියට ආදරෙයි. ඒක සුන්දර කාලයක්.

ඔබ වහන්සේ ආරණ්‍ය සේනාසනයේ කොපමණ කලක් සිටියාද?

එක්දහස් නවසිය අනූතුන වෙනකම් මම ගතකළේ ආරණ්‍යවාසී ජීවිතයක්.

ආරණ්‍යයෙන් ආවේ ඇයි?

මට ඕනෑ වුණා මාලිගාකන්දේ විදේ‍යෝදය පිරිවෙනට ඇවිත් ඉගෙනගන්න. මොකද මට හොඳට ඉගෙන ගන්න හැකියාවක් තිබුණා. මේ නිසා පිරිවෙනේදී මම පන්තියෙන් පන්තියට ගියේ නෑ. එක පන්තියක විභාගය සමත් වුණාම ඊළඟ පන්තිය අතහැරලා ඉහළ පන්තියේ මට ඉගෙනගන්න ඉඩ ලැබුණා.
කෙසේ නමුදු මට විදේ‍යෝදයට යන්න අවසර ලැබුණේ නෑ. මේ නිසා මගේ සහෝදර භික්ෂුවක් මාව අනුරාධපුර සාරානන්ද පිරිවෙනට රැගෙන ගියා. මම ඒ පිරිවෙනේ අවුරුදු දෙකක් විතර හිටියා.
ඒ කාලයේ මා නිතරම අටමස්ථානය වඳින්න ගියා. විශේෂයෙන් ශ්‍රී මහා බෝධීන්වහන්සේ වැඩසිටි මහමළුවට යාමට මා බොහෝ ප්‍රිය කළා. පසුකලෙක මා කොළඹ ආවා. විදේ‍යෝදය පිරිවෙනේ ඉගෙනගන්න. මම රාජකීය පණ්ඩිත විභාගය සමත් වුණා. ඒ අතරතුරේ කැළණිය සරසවියෙන් එම්.ඒ. උපාධියත් ලැබුවා. විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ඩිප්ලෝමාවත් ටිකක් දුර හැදෑරුවා.

විදේ‍යෝදය පිරිවෙනේ හිටි සමකාලීනයෝ කවුද?

ආචාර්ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ මගේ සමකාලීනයෙක්. ඒ කාලයේ ජාතික ව්‍යාපාරවල මූලිකත්වය ගත් භික්ෂුන් වහන්සේලා හතළිස් නමක් පමණ පිරිවෙනේ හිටියා. මේ කාලයේදී මට රාජගිරිය ප්‍රදේශයෙන් පන්සලකුත් ලැබුණා. ඊට පස්සේ රාජගිරිය කළපළුවාවේ ශ්‍රී රාහුල භික්ෂු මධ්‍යස්ථානයේ ගුරුපත්වීමක් ලැබුණා. දෙදහස් එක දක්වා මම එහි සේවය කළා. අන්තිමේදි පරිවේනාධිපතිත් වුණා.

විදේ‍යෝදය පිරිවෙන, කැළණිය සරසවියේ ඉගෙන ගන්න කාලයේ ඔබ වහන්සේ තරුණ භික්ෂුවක්. ඒ කාලයේ ලැබූ අත්දැකීම් මොනවාද?

විශ්වවිද්‍යාලයේ වැඩිහරියක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ අය. නමුත් අපට ඕනෑ වුණේ ජාතිකවාදය ඉස්මතුවන ශිෂ්‍ය පරපුරක් ඇති කරන්න. අපට හොඳ කියවීමක් ලැබුණු නිසා අපේ වීරයෝ වුණේ සිංහල බෞද්ධාගමට සේවය කළ අයයි. විශේෂයෙන් විදේ‍යෝදයේ ඉගෙන ගත් නිසා හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් මෙන්ම අනගාරික ධර්මපාලතුමා අපේ වීරයෝ වුණා. අපට පක්ෂ දේශපාලනයක් කරන්න ඕන කමක් තිබුණේ නෑ. පක්ෂ දේශපාලනය කළ භික්ෂුන් පසුකලෙක සිවුරු හැරලා ඒ පක්ෂවල නියෝජිතයන් වූ නිසා ගුරුහිමිවරුන්ගේ හිත් රිදුණා. මේවා දැනගත්තාම මම අධිෂ්ඨාන කරගත්තා මොන ප්‍රශ්න ආවත් සිවුරු හැරයන්නේ නෑ කියලා.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s