බොදු බලයට එරෙහිවන වාමවාදී පරයින්ට ඥානසාර හිමියන්ගෙන් පිළිතුරු…!

Vama vadeenta Pilithuru

දැන් මේ දවස්වල අපි දන්නව වාමාංශික බලවේග ගත්තොත්.. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ වගේ ගත්තොත් ඒ ගොල්ලො කථා කරනවනේ මේ පංතියක් ගැන.. මුලින්ම කාල් මාක්ස්ගෙ තාත්තා යුදෙව්වෙක්.. යුදෙව් ජාතික ඉතාම ධනවත් නීතීඥයෙක්.. මෙයා ජර්මනියට ආව පදිංචියට.. ජර්මනියට ආවට පස්සෙ මෙයාට ඕනි වුනා ජාතික පුරවැසි භාවය ලබාගන්න..

ඒ ජාතික පුරවැසි භාවය ලබාගන්න ගියාට පස්සෙ කාල් මාක්ස්ගෙ තාත්තට කියනව ජර්මනියෙ අදාල බලධාරීන්.. තමුන්නාන්සෙට ජාතික පුරවැසි භාවය ලබාගන්න නම් යුදෙව් ආගම අතෑරලා ක්‍රිස්තියානි වෙන්න ඕනි.. ඒ අනුව ඔහු ඒක නොකර ඔහුගේ පුතා වෙච්ච කාල් මාක්ස් අවුරුදු හතේදි ක්‍රිස්තියානියට හරවනවා.. බෞතිස්ම කරනව අවුරුදු හතේදි.. ඒ ගැන ලස්සනට ලියල තියෙනවා කාල් මාක්ස්ගෙ දුව එලනෝර් පොතක් ලිව්ව තාත්ත ගැන..ඒ පොතේ.. එලනෝර් කියනව තාත්තා මේ පංතිය ගැන කථා කලේ මෙන්න මේ ඓතිහාසික සිද්ධිය ඔලුවෙ තියාගෙන කියලා.. ජාතික පුරවැසි භාවය ලබන්න ක්‍රිස්තියානීය වුනා යුදෙව්ව අතෑරලා..

අන්තිමට ඔහු මොකද්ද කරන්නෙ කාල් මාක්ස්.. තරුණ වියට පත්වුනාට වුනාට පස්සේ.. සමාජවාදෙ පියා බවට පත්වුනාට පස්සේ ඔහු කියනවා.. ඔහුගෙ මතය ඇතුලේ අර අවුරුදු හතේදි වෙච්ච පෙරලියත් එක්ක.. ජිවිතේට මුහුණ දෙන්න වෙච්ච අත්දැකීමත් එක්ක ඔහු ලියනවා.. ජාතිය යනු මිත්‍යාවයි.. පංතිය යනු යථාර්ථයයි කියලා.. අදත් මෙන්න මේක පිලිගන්න කාලකණ්ණි වාමවාදී තක්කඩි.. තමයි මේ රටේ මේ ජන මනස මොට්ට කරන්නෙ.. මුං දන්නෑ ජාතිය මොකද්ද කියලා..ලෝකයේ තියෙනවා ජාතීන් හැටියට ගත්තොත්.. ඓතිහාසික ජාතීන් 24යි මේ ලෝකෙ හදුනගෙන තියෙන්නෙ.. ඓතිහාසික ජාතීන් 24ක්.. ජනවර්ග තියෙනව 7000 කට වැඩියෙන්.. ජනවර්ග කියල කියන්නෙ විජාතික පුරවැසි භාවය…………

(බොදුබලසේනා කුරුණෑගල භික්ෂු සංවිධානය පිහිටුවීමේ දේශනයේදී..)

 

————————————————————————————————————–

 

ඒ වගේම තව එවුන් ටිකක් ඉන්නව වාම වාදය හිසේ තියාගෙන අම්මත් තාත්තත් පාවදෙන කාලකණ්ණියො ටිකක්.. මුන් කැමති නැහැ ජාතිකවාදීව මේ රටේ මිනිස්සු නැගිටිනවට.. මුන් වගකියන්නෙ බටහිරට.. එහෙම නැත්තං රුසියාවට..

 

(කොලොන්නාව බොදුමහ සමුළුවේ දී..)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s