අභිධර්මය බැහැර කරන්නවුන්ට අතිපූජනීය තල්ගමුවේ සුධීරානන්ද නාහිමියන්ගෙන් පිළිතුරු..!

Abhidarma
___________________________

(මෙම වීඩියෝ ධර්ම දේශනාවේ මිනිත්තු 11:45 සිට..)

_____________________________________________

…..ඔහොම ඉතින් සංශෝධනය කරන්න ගියොත් හොඳට හිටියි. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයත් එක්කල ඕවට යන්න හොඳ නැහැ.. නේද? බුදුරජාණන් වහන්සේට අහුවෙන ඔක්කොම අපිට අහුවෙන්නෙ නෑනේ..! ඒ ටික තේරුම් ගත්තනං හරි..!

දැං බලන්නකෝ මේ කිසි වැඩක් නැති දේවල් පිලිබඳ සියයට සීයක් විශ්වාස කරනවනේ.. දැන් ඒව ගැන විශ්වාස කරනවනේ.. එතකොට මේක ඇයි එහෙම කරන්නේ..?

කට්ටියක් අභිධර්මය බුද්ධ භාෂිත නෙවෙයි කියල එහෙං ප්‍රතික්ෂේප කරනවා.. කට්ටියක් අට්ඨ කථා ප්‍රතික්ෂේප කරනවා.. කට්ටියක් දේවදූත සූත්‍රය බුද්ධ භාෂිත නෙවෙයි කියනවා.. තව කට්ටියක් මාර සංයුක්තය..

ආ ඔහොම කරන්න ගියොත් හොඳට හිටියි…අර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා.. ප්‍රතික්ෂේප කරනව නං ත්‍රිපිටකයම ප්‍රතික්ෂේප කරන්න.. තමන්ට අහුවෙන ටික විතරක් අරගෙන ඔය හානිය කරන්න එපා කියලා.

ඒ නිසා එහෙම දැන් බලන්නකො එතකොට සමහර දේවල්.. අංජනං එලි බලන්න යනවා, ශාන්ති කර්ම කරනවා, දෙහි කපනවා, පොල් ගහනවා.. ඊලගට හඳහනට සම්පූර්ණ විශ්වාසය තියල තියෙනවා.. නැතකට සම්පූර්ණ විශ්වාසය සියයට සීයක් තියෙනවා.. වාස්තු විද්‍යාවටත් තියෙනව.. මේ බලන්නකෝ.. දැන් ඒව ගැන කිසීම මතභේදයක් නෑ.. ඒව ඔක්කොම පිලිගන්නවා.. මේ ශුද්ධ බුද්ධ වචනයටනෙ ඔක්කොම මේ සංශෝධන කරන්න ලැහැස්ති වෙන්න.. හානිවෙන විදිහට තමන්ටයි.. අනුන්ටයි..

ඔය අපට පේන්නැත්තං ධර්මයෙ දෙයක්.. අපට අහුවෙන්නෑ වාගේ නං.. පොඩ්ඩක් බලන්න.. තම තමන්.. මේ පිරිසට නෙවෙයි මේ කියන්නේ.. මේ පිරිස ඉතින් එහෙමනං මෙහෙම එන්නෙත් නෑනේ.. ඒ නිසා අර එහෙම කරන අයට කියන්නේ.. හැබැයි ඉතින් ඕව පුදුමෙකුත් නෙවෙයි නේ? ජීවමාන කාලෙත් ඔය කථාන්දර ඇතිවුනා.. බෝ වුනා.. හැබැයි පැවැත්මක් නෑ.. දඹදිව පූජනීය ස්ථාන මෙහෙ තියෙනව කියල ඒවත් විශ්වාස කරන පිරිසක් ඉන්නවා.. කොච්චර ඔය වාගේ ජාති තියෙනවද? ඔහොම තමයි පින්වතුනි, ගුණ ධර්ම පුරන අයට.. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වැඩ කරගෙන යන භූමියක ඔය වාගේ උපක්ලේශ අර තැරැව්කාරයො වාගේ බෝවෙනවා.. පරෙස්සමෙන් යන්නට ඕන..

සීල සමාධි ප්‍රඥා පුරාගෙන පරෙස්සමෙන් යන්නට ඕන.. ඉතින් ඒකට මෙතනින් හොඳ ඉඩකඩක් හැදෙනවා.. මෙතන එහෙම ධර්මයට ශාසනයට හානි කරන මධ්‍යස්ථානයක් නෙවෙයිනේ.. ඒ නිසා තමයි මෙහෙ අභිධර්මයට හොඳ ඉඩක් දීල තියෙනවා. සුවාසූ දහසක් ධර්මස්කන්ධයටම ගුවන හරහා ශ්‍රව්‍ය දෘෂ්‍ය වශයෙන් මිනිසුන් අතරට යෑමට කොච්චර දෙයක්ද..?

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s