ජාතියේ අධිෂ්ඨාන පූජාව..!

Adishtana Poojawa

මේ මාතෘ භූමියේ – පින්වන්ත දේශයේ
අපේ බුදු රදුන්ගේ – පාදස්පර්ශයෙන්
තෙවරක්ම පුද ලැබූ – සද්ධර්ම රාජ්‍යයේ
නිදහසට උරුමයට – දේශාභිමානයට
දිවි පිදූ වැඩ සැදූ – රජ ඇමති මැති වරුන්
රණ ශූර මීමුතුන් – නොමියෙනා මිනිසුන්ය..!

පසුකලෙක පෘතුගීසි – ලන්දේසි ඉංග්‍රීසි
සතුරු උවදුරු නසා – අපේ ලක් දූ පුතුන්
දේශයට රැකවරණ – සැලසුවා සත්‍යයි..!

වසර තිහකට නොඅඩු – කාලයක් අප පෙලූ
කුරිරු යුධ ගිනි නිවූ – අපේ ජනපති තුමන්
ඇතුළු රණ ශූරයන් – දැයම එක් සේසත් කලා සත්‍යයි..!

මව්බිමේ උරුමයට – ජීවිතය දන් දුන්
සියළු දූ පුත් වරුන් – පාරමී දම් පුරන
උතුම් බෝ සතුන් වේ..!

බෙදන්නට අපේ රට – වෙර දරන බලවේග
එක් සිත්ව අපි සැවොම – අදිටනින් පරදවමු..!

බෙදෙන්නට තිබූ රට – යළි එකතු වූ විටක
ජාති ආගම් ඇතුළු – භේද අතහැර දමා
එක මවගෙ දරු කැලක් – විලස දිවි ගෙවන්නට
සපථ කර සිටින්නෙමු..!

මේ අපේ මව්බිමයි – නිජ බිමයි ජය බිමයි
මෙයින් මතු අපි බෙදා – වෙන් වෙන්ව තබන්නට
කිසිවෙකුට කිසිදු රටකට – කිසිදු බල මුළුවකට
කිසිවිටෙක ඉඩ නොදෙමු..!

මව්බිමේ උරුමයට – ඒකීය භාවයට
දෑ බැතින් කැපවෙමූ..!

ඒ අපේ යුතුකමයි – ඒ අපේ අදිටනයි
ඒ අපේ ජය මගයි – ඒ අපේ උරුමය යි
මේ මගේ මව්බිමයි..!

– රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි –

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s