ඉන්දරතන හිමියන්ගෙ පරමත්ථ පාරමිතාවේ සෑබෑ කථාව..! (උන්වහන්සේ උතුම් ජීවිත පූජාවට පෙර සිදුකළ සම්පූර්ණ කතාව)

Saba Kathawa

තෙරුවන් සරණයි..! විශේෂයෙන්ම.. මම අද විශේෂ ආත්ම පූජාවක් සිද්ධ කිරීම සදහා දළදා මාලිගාව ඉදිරිපිටට පැමිණියා. විශේෂයෙන්ම මේ රටේ ගව ඝාතනය… ඒවගේම විශේෂයෙන්ම බෞද්ධයින් බලහත්කාරයෙන් අන්‍යාගම්වලට බඳවාගැනීමට එරෙහි පනත පාර්ලිමේන්තුවේ සම්මත කල යුතුයි. මේක බෞද්ධ රටක්…! ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ ඉන්න රටක්. බෞද්ධයාට ආවේනික වූ ව්‍යවස්ථාවක් මේ රටේ ස්ථාපිත විය යතුයි.
ඒ නිසා ඒ වෙනුවෙන් අනන්ත අප්‍රමාණව අපි හඩ නැගුවා. ජනාධිපති තුමා සමග මේ ගව ඝාතනය සම්බන්ධව මම පෞද්ගලික සාකච්ඡාවක් පවත්වල තියෙනවා. ඒ වගේම ඇඹිලිපිටියේ සිට අනුරාධපුරයේ ජයශ්‍රීමහ බෝධීන් වහන්සේ දක්වා පා ගමනකුත් සිද්ධ කලා… අධිෂ්ටාන පුජාවක්..!
ඊයෙ වෙනකනුත් මේ රටේ දහසක් බුදුන් බුදුවන සෑම හිමිදිරි උදෑසනකම හරක් පන්දාහකගෙ බෙලි කපල උදේ පාන්දර මිනිස්සු වැඩ පටන් ගන්නෙ. අඩුම තරමෙ බුදුහාමුදුරුවන්ගෙ තෙමගුල සිහි පත් කරන වෙසක් සතියක්වත්… විශේෂයෙන් වෙසක් එකට සතියක් ඉස්සරහවත් මේ ගව ඝාතනය නතර කලේ නැහැ. ඊයෙ වෙනකං ගවමස් කඩවල ගව මස් තිබුනා. සුරාහල් සම්පූර්ණයෙන්ම විවෘත කරල තිබුනා. ඒනිසා මෙවැනි මේ දුරාචාර ක්‍රියාවන් මේ රටේ නැවතිය යුතුයි.

ඒ නිසා අපි අද දළඳා හාමුදුරුවන්ට මාගේ මුලුමහත් ජීවිතය පූජා කරමින් දාන පාරමිතාවෙ පරමත්ත පාරමිතාව පූජා කරමින් දළඳා හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. දළඳා හාමුදුරුවනේ..! මේ රටට සැබෑ වූ සාමය උදාවෙන්ට.. මේ රටේ මිනිසුන්ට යහපත්ව ජීවත් වෙන්ට.. මේ ගව ඝාතනය ආදී මේ දුරාචාර ක්‍රියාවන් මේ රටෙන් වැළකිය යුතුයි. ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන්..! විශේෂයෙන්ම අපි ප්‍රාර්ථනා කරනවා.. ජනාධිපති තුමාට නුවන පහළ වේවා..! මේ උතුම් වූ තෙමගුල සිහිපත්කරන දවසෙ.. ජනාධිපති තුමාට නුවන පහල වේවා..! මේ දුරාචාර ක්‍රියාවන් මේ බෞද්ධ රටේ නවත්තල.. බෞද්ධයාට ආවේනික වූ ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න..! කියන අධිෂ්ඨානයෙන් යුතුව අද අපි ජීවිත පූජාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා.

මේ සම්බන්ධව මම ලිපියක් සඳහන් කරල තියෙනවා. මේක ලිපියෙ සදහන් කරන්න බලාපොරොත්තු වෙන්නෑ. ආත්ම ඝාතනය ගැන විනයෙහි පනවා ඇත්තේ.. “න ච භික්ඛවේ අත්තානං පාතෙතබ්බං, යො පාත්‍යෙය ආපත්ති දුක්ඛටස්ස” යන සිඛ පදය ය. එහි තේරුම.. “මහණෙනි ආත්මය නොනැසිය යුතුය. යමෙක් සියදිවි නසා ගන්නේ නම් ඔහුට දුකුලා ඇවතක් වන්නේය”. දුකුලා ඇවත පචිති ඇවතට කුඩා ඇවතකි. සියදිවි නසාගැනීමෙන් ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ නම්, තථාගතයන් වහන්සේ එහිද පාරාජිකා වන බව වදාරන්නාහ. ඒ නිසා මේක ජීවිත පුජාවක් මිසක් සියදිවි හානිකරගැනීමක් නොවෙන බවත් ඉතාම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේ මතක් කරනවා.
දළඳා හාමුදුරුවන්ට අපේ ජීවිතය පුජා කරනව..! මේ විතරක් නෙවෙයි අපේ හාමුදුරුවො පන්සියක් අපි සංගමයක් වශයෙන් පත්කරගත්තා. මගෙන් මේක.. මගේ ජීවිතේ පූජා කරල නොලැබුනොත්.. තව හාරසිය අනූනව නමක් ජීවිතය මේ වෙනුවෙන් ජීවිත පූජා කරන්ට ඉදිරියේ සූදානමින් සිටින බවද මා ඉතාම ඕනෑකමින් මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා.

……… මං තරුණ භික්ෂුවක්.. මට අවුරුදු තිහයි. මට ඒ අධිෂ්ඨානය තියෙනවා. බුදුහාමුදුරුවන්ට මේ සාසනේ මෙච්චර කැපවීමක් කරන්න පුලුවන් නම් අපිට මේ මේක සුලු දෙයක්.. එක ආත්මෙකින්. මොකද මේ ජීවිත පූජාවෙන් මේ රටේ යහපතයි අපි බලාපොරාත්තු වෙන්නෙ. එහෙම නැතුව අයහපත නෙවෙයි. ඒ නිසා මිනිස්සුන්ට මේව දැකලවත් අඩුම තරමේ, මේ රාජ්‍ය නායකයින්ට, මිනිසුන්ට මේ යහපත වෙනුවෙන් ක්‍රියාකරන්න ශක්තිය ලැබෙන්න කියල තමයි.. අපි නුවන ප්‍රාර්ථනා කරගෙන තමයි.. මේක වෛරෙකින් කරන වෛර චේතනාවකින් කරන සිතුවිල්ලක් නෙවෙයි.

මගේ පාගමනෙ විස්තර සම්පූර්ණෙන්ම මේ ඩයරියෙ තියෙනවා. අපි විදපු දුක… පිණ්ඩපාතෙ වඩිමින්… පාත්තරේ අරගෙන.. නාන්න වතුර පොදක් නැතුව.. සමහර දවස්වලට දානෙ නැතුව… ඒ ගිය ගමන සම්පූර්ණයෙන්ම මගේ මේ දිනපොතේ සඳහන් කරල තියෙනවා. ඒ නිසා ඒ ගිය ගමන.. ඒකත් දුෂ්කර ගමනක්.. ඒකෙනුත් බලාපොරොත්තු වුනා… ඒකෙනුත් සිද්ධ වුනෙත් නැහැ. ඒ නිසා මේක වහා නැවතිය යුතුයි. එහෙම නැතිවුනොත් තව ජීවිත පන්සීයක්.. ඒක අපි කියන්නෙ නැහැ. හොර රහසේම සිද්ධවෙනවා.. මේකෙ මූලාරම්භය තමයි අද මේ සිද්ධ කරන්න බලාරොත්තු වෙන්නෙ. මින් ඉදිරියට දළඳා මාලිගාව ඉදිරිපිට… ජයසිරි මහ බෝධීන් වහන්සේ අභියස… ජීවිත පුජාවන්… මේ රටේ පරමත්ථ පාරමිතාවන්… ඒ පුජාවන් ඉදිරියේදී 500 ක් සිද්ධවෙන්න නියමිතයි. ඒ නිසා තමයි අද අපි මේ අධිෂ්ඨාන පූජාව කරන්න බලාපොරාත්තුවෙන් මේ ජාතිය වෙනුවෙන් ශාසනය වෙනුවෙන් කරන්න පුලුවන් ඉහලම දේ දැන් කරනවා…!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s