දහමේ නාමයෙන් ධර්මය වනසන මහමෙව්නාව ගැන ඔබත් දැනුවත් ද?

dayame namayen

උතුම් බුද්ධභාෂිත අභිධර්මය හෙලා දකිමින් හා අතිපූජනීය රේරුකානේ නාහිමියන්ගේ අදහස් විකෘති කරමින් මහමෙව්නාවාසී ඇල්ලේ කුසලඥාන හිමියන් සිදුකරන අදහස් දැක්වීම…!

_________________________________________________

…නේද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන්මයි මේ සංයෝජන දහයෙන් නිදහස් වෙන්න පුලුවන් වෙන්නෙ. ඒ සදහා වැඩපිලිවෙල මේ බුදුරජාණන් වහන්සේගෙ බුද්ධ දේශනාවන් තුල තියෙනවා …එතකොට මේ දුකින් නිදහස් වෙන්න අවශ්‍ය වෙන වැඩපිලිවෙල මේ සූත්‍ර දේශනාවල තියෙනවද නැද්ද? ඉතාම පැහැදිලිවම තියෙනව.. ඇයි පංචඋපාදනස්කන්ධය ආයතන මොනවද කියල මේ සූත්‍ර දේශනාවල පැහැදිවම විස්තර වෙනවා. ඊලගට මේ තණ්හාව හැදෙන වැඩපිලිවෙල පටිච්චසමුප්පාදයත් ඉතාම පැහැදිලිවම විස්තර කරල තියෙනව. පටිච්චසමුප්පාද නිරෝධයත් පැහැදිලිවම විස්තර කරල තියෙනව. ආර්යෂ්ටාංගික මාර්ගයත් විස්තර ඇතුව දේශනා කරල තියෙනවා. එහෙනං කෙනෙකුට දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය වැඩපිලිවෙල සූත්‍ර දේශනා තුල නැද්ද? තියෙනව..!

දැන් එතකොට විශේෂයෙන් මහමෙව්නා භාවනා අසපුව තුල මේ සූත්‍ර පරිවර්තනය කරල මේ උතුම් බුද්ධ දේශනා තුල මේ තියෙන නිවන් මග පැහැදිලි කරල.. දැන් ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ, විස්මිත අවබෝධය වැනි පොත්පත් තුල ඉතාම පැහැදිලිව මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න අවශ්‍ය වැඩපිලිවෙල මතුකරල පෙන්වා දීල තියෙනවා. නමුත් ඔබට දැන් පහුගිය කාලෙ නිරන්තරයෙන් දකින්නට ලැබෙන්න ඇති. මේ මහමෙව්නාවෙන් සිදුකෙරන ධර්ම ප්‍රචාරය පිලිබද හරියාකාරව තෝරාබේරා ගන්න බැරිවුන බොහෝ දෙනෙක් මහමෙව්නාවෙන් කෙරෙන ධර්මප්‍රචාරය පිලිබද විවිධාකාර වැරදි මතවාද පතුරවනවා. මේ සූත්‍ර පරිවර්තනය කරපු නිසා බනිනවා. මේව සරලව පරිවර්තනය කරහම මේවෑ වටිනාකම නැතිවෙනවා. මේ බුද්ධ ශාසනය විනාශ වෙනව කියල ඒ අය මත පතුරවනව.. ඇයි? මේ සූත්‍ර දේශනාවල් සරලව පරිවර්තනය කරල ජනතාව ධර්මය ඉගෙනගන්න එකට ඒ අය අකමැතියි බයයි. ජනතාව නොදන්නා තැන ඉන්නව නං ඒ අය කැමතියි. නිවැරදිව ධර්මය ඉගෙන ගනිද්දි සමහර අය අකමැති වෙනවා. මොකද මෙතෙක් කාලයක් සමාජය තුල වැරදි මත පතුරවගෙන ප්‍රතිරූප ගොඩනගාගෙන හිටපු අය බයවෙනවා ජනතාව නිවැරදිව ධර්මය ඉගෙනගනිද්දි…!

අනිත් එක තව සමහර පිරිසක් මේ ජනතාව ධර්මය ඉගෙනගන්න එක වලක්වන්න මතයක් පතුරවනවා. මහමෙව්නා භාවනා අසපුවෙන් සූත්‍ර විතරයි උගන්නන්නෙ අභිධර්මය උගන්නන්නෙ නෑ. ඒ නිසා ඔය මහමෙව්නා අසපුවට බණ අහන්න යන්න එපා කියන පිරිසකුත් ඉන්නවා. මං ඒකට පුංචි කාරණයක් ඔයගොල්ලන්ට පෙන්නන කැමතියි. දැන් අභිධර්මය පිලිබදව මෑත කාලීනව ඉතාම හොද විග්‍රහයන් ඉදිරිපත් කරමින් වඩාත් අභිධර්මය පැහැදිලි කලේ කව්ද? සමාජයට. පසුගිය කාලය තුල බොහෝ පොත් පත් ලියලා අභිධර්මය පිලිබද විශේෂයෙන් සමාජයට උගන්නන්න වෙහෙස මහන්සි වුනා… අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මං උන්වහන්සේගේ ‘විදර්ශනා භාවනා ක්‍රමය’ කියන පොත.. කලිනුත් කියවල තියෙනවා. මේ පසුගිය දවස්වල නැවත උන්වහන්සේගේ මේ පොත පරිහරනය කරන්න මට අවස්ථාවක් ලැබුනා. මං ඒ පොත පරිහරනය කරද්දි උන්වහන්සේ ලියල තිබුන කරුණක් මේ දේශනාවත් එක්ක කියල දෙන්න ඕන කියල අදහස් වුනා. ‘විදර්ශනා භාවනා ක්‍රමය’ කියන පොතේ, රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවන්ගේ… 59 පිටුව.. මේ පිටුව ඔන්න බලන්න… ඔබ සවන්න දෙන්න කියන දේ..!

“දෘෂ්ටි විශුද්ධි භාවනාව කරනුයේ සත්වයෙකු පුද්ගලයෙකු වශයෙන් සලකන නාමරූප ධර්ම පිණ්ඩය හෙවත් බඹයක් පමණ ඇති විඤ්ඤාණය සහිත වූ මේ ශරීරය පරමාර්ථ ධර්ම කොටස් වලට බෙදා ඒ එක් එක් කොටසක් පාසාම ඒවායේ වෙන් වූ ලක්ෂණ හා සර්ව සාධාරණ ලක්ෂණය වූ නිස්සත්ව නිජ්ජීවතාව ද නැවත නැවත නුවණින් බැලීමෙනි. අභිධර්මයෙහි දැක්වෙන නාම රූප ධර්ම විභාගය ඉතා විස්තරය. එතරම් විස්තර වශයෙන් බෙදූ කල්හි ලැබෙන ධර්ම කොටස ඉතා සූක්ෂම ය. එබැවින් ඒවා යෝගාවචරයන් ගේ නුවණට අසුකර ගැනීම ඉතා අපහසුය. ක්ලේශ ප්‍රහාණයට හා මාර්ග ඵලයනට පැමිණීමට නාම රූපයන් පිළිබඳ සුපරිශුද්ධ දර්ශනයක් තිබිය යුතුය. අති සූක්ෂ්ම වූ නාම රූප ධර්ම කොටස් ඥානයට හොඳින් අසු නොවන බැවින් අභිධර්ම ක්‍රමයට ධර්ම විභාග බලා ඇසට පෙනෙන පෙනීම බඳු සුපරිශුද්ධ දර්ශනයක් ඒවා පිළිබඳව ඇති කර ගත හැකි නොවේ.

දර්ශනය ශුද්ධ නොවන කල්හි සත්ව සංඥාව දුරු නොවේ. එබැවින් විදර්ශනා කිරීමට ගත යුත්තේ වඩා විස්තර නොවූ ද වඩා සූක්ෂ්ම නොවූ ද සූත්‍ර පිටකයෙහි දැක්වෙන පරමාර්ථ ධර්ම විභාග ක්‍රමයයි. එබැවින් මේ භාවනා ක්‍රමය ලියනුයේ අභිධර්ම ක්‍රමයට නොව සෞත්‍රාන්තික ක්‍රමයට බව දත යුතුය. මෙය කියවන අභිධර්මය උගත් පින්වතුන්ට මෙහි දැක්වෙන ධර්ම විභාග ක්‍රමය තමන් උගත් ක්‍රමයට වෙනස්ව තිබීමෙන් විමතියක් ඇතිවිය හැකිය. ඒ ගැන කලබල නොවී ප්‍රශ්න කරන්නට නොගොස් මෙහි දැක්වෙන සැටියට විශුද්ධි භාවනාව කරත්වා.” කියල උන්වහන්සේ මේ පොතේ විග්‍රහ කරනවා.

එතකොට රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවො පැහැදිලිවම… අභිධර්මය ගැන ගොඩක් පොත් ලිව්වෙ කව්ද? රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවො. උන්වහන්සේම පැහැදිලි කරනවා… මේ මනුෂ්‍ය ලෝකය තුල ජීවත් වෙන මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරල දුකින් නිදහස් වෙන්න කැමති යෝගාවචරයන්ට අභිධර්ම ක්‍රමයට නුවණින් විමසල මේ ධර්මය අවබෝධ කරගන්න පහසු නෑ. ඉන්නිසා උන්වහන්සේත් මේ පොතේ සූත්‍ර තුලින්මයි විදර්ශනා භාවනා විග්‍රහ කරන්නෙ කියල උන්වහන්සේ පැහැදිලි කරල තියෙනවා. දැන් එතකොට මහමෙව්නා භාවනා අසපුවට ගොඩාක් දෙනෙක් චෝදනා කරන්නෙ මොකක් කියලද? අභිධර්මය කියල දෙන්නෑ සූත්‍ර විතරක් උගන්නවා කියලා. දැන් අපේ අරමුණ මොකද්ද? සංසාරය ගැන අපි දන්නවා. සංසාරෙට අපි බන්ධන දහයකින් බැදිල තියෙනව කියල දන්නවා. දැන් අපේ ඉලක්කය මොකද්ද? දැනුම ගොඩාක් දියුණුකර ගන්න එකද? දැනුම ගොඩාක් දියුණු කරගෙන අපි දන්නවා කියල අභිධර්මය තර්ක විතර්ක කර කර වාද විවාද කර කර ඉන්න එකද? නෑ..! අපේ ඉලක්ක මොකද්ද? අපි හිතමු අපිට මේ ජීවිතේ සෝවාන් වෙන්න බැරිවුනා කියමුකො. අපි අභිධර්මය කටපාඩම් කරගෙන ඉන්නව ත්‍රිපිටකයම… වැඩක් තියෙනවද? වැඩක් වෙන්නෙ නැහැ. ඇයි අපි සතර අපායෙන් නිදහස් වෙලා නැහැ. අපි අවදානමක ඉන්නෙ.

ඒ නිසා අපි අභිධර්මය නෙවෙයි තවත් තියෙන හැම පොතක්ම මහායාන පොතුත් කියෙව්වට කමක් නැහැ. හැම ධර්මයක්ම ඉගෙනගත්තට කමක් නැහැ. බයිබලය, කුරානය, භගවත් ගීතාව… හැම එකක්ම කියෙව්වත්… හැම එකක්ම ඉගෙනගත්තත් කමක් නැහැ. හැබැයි සසර දුකෙන් නිදහස්වෙන්න ප්‍රමාද වෙනව නං අපි දැනුම විතරක් දියුණුකරගත්තට වැඩක් වෙන්නෙ නැහැ. ඒ නිසා අභිධර්මය ඉගෙනගන්න එපා කියල අපිට මහමෙව්නාවෙන් කියන්නෙ නෑ. මහමෙව්නාවෙන් කියන්නෙ.. ඉක්මනින් සසරට තියෙන බැදීම් වලින් නිදහස් වෙන්න උත්සාහ කරන්න. ඉතින් මහමෙව්නාවට උවමනාව තියෙන්නේ මේ සසර දුක් විඳ විඳ යන ජනතාවට ඉක්මනින් සසර දුකින් නිදහස්වෙන මග පෙන්වන එක මිසක්කා.. නිකම්ම මේ සසර දුකින් නිදහස්වෙන්න උපකාර නොවන දැනුමක් ලබාදීම නෙවෙයි.

ඒ නිසා අභිධර්මයත් ඉගෙනගත්තට කමක් නෑ. දැන් රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවො පැහැදිලිවම දේශනා කරනවා. විදර්ශනා භාවනා වඩන්න සූත්‍ර තුලයි, සාමාන්‍ය මනුෂ්‍ය ලෝකෙ තුල ජීවත් වෙන මිනිස්සුන්ට මේ සූත්‍ර දේශනා තුලින් තමයි විදර්ශනා භාවනා වඩන්න පහසුවෙන්නෙ කියලා. මේ වාක්‍ය ඔබ නැවත නැවත සවන්දෙද්දි ඔබට තේරෙයි. ඉතින් ඒ නිසා මේ වාක්‍ය මං පෙන්නල දුන්න ඒ පිටුව ඔබට… 59 වෙනි පිටුව කියෙව්වහම ඔබට උන්වහන්සේගේ ඒ පැහැදිලි කිරීම පැහැදිලි වෙයි.

ඉතින් ඒ නිසා පින්වතුනි ඔබ එක එක්කෙනා පතුරවන වැරදි මතවාද වලට හසුවෙන්න එපා. මහමෙව්නාව පිලිබදව පතුරවන වැරදි මතවාද වලට හසුවෙන්න එපා. ඔබ මේ පරිවර්තනය කරල තියෙන පොත් පත් ගැන එක එක්කෙනා කියන වැරදි කථාවලට සවන්දෙන්න එපා. මේ සූත්‍ර පරිවර්තනය කරල සිංහලෙන් පිරිත් කියනව සිංහලට පරිවර්තනය කරල කියල ඒ දොස් කියන්නෙ මේ සසර ගැන දන්නෙත් නැති සසරෙන් නිදහස් වීමකට අවශ්‍යතාවයකුත් නැති නිකන් දැනුමක් ගොඩනගාගෙන නිකන් ධර්ම සාකච්ඡා දහම් කරුණු අවබෝධයට හෝ පාණ්ඩිත්‍ය ප්‍රකාශ කරන්න සාකච්ඡා කර කර ඉන්න කැමති අය මේ නිවන් මග මතුකරල කථාකරනවට විරුද්ධතාවයක් තියෙන බව පැහැදිලිව පේනවා. ඉතින් ඒ නිසා ඔබ ඒ වැරදි මතවාද වලට හසුනොවී ඔබට ඉතාම පැහැදිලිව නිවැරදිව විස්තර කරල තියෙන මේ ධර්මය ඔබ උවමනාවෙන් ඉගෙනගෙන ඔබේ සසරගමන කෙටිකර ගැනීමට ඔබ උත්සාහවත් විය යුතුයි. ඒ නිසා ඔබට මෙලොවෙ යහපත සලසා ගැනීම පිණිස පරලොව යහපත සලසා ගැනීම පිණිස සසරදුකින් නිදහස්වීම පිණිසම මේ ධර්ම දේශනාව උපකාර වේවා..!

___________________________________________________
ඉහත දේශනයෙන් ධර්මයට සිදුකරනා හානිය හෙළිකරමින් අප විසින් කලින් පළකරන ලද ලිපි බලන්න..!

අභිධර්ම ප්‍රශ්නයට මහමෙව්නාවෙන් පිළිතුරු..!

http://wp.me/p1YNMm-9R

මහමෙව්නාව අභිධර්මය හෙලා දකියි..!

http://wp.me/p1YNMm-a0

______________________________________________________
මහමෙව්නාවෙන් උතුම් බුද්ධභාෂිත අභිධර්මය හෙලාදකින බවට සාක්ෂි සහිතව අප විසින් කලින් පළකරන ලද ලිපි බලන්න..!

මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?

http://wp.me/p1YNMm-u

තිසරණ සරණ ගිය සැබෑ බෞද්ධ ඔබටත්, තිසරණය වෙනුවට මහමෙව්නාව පමණක් සරණ ගිය පින්වතුන්ටත්, නිර්මල ථේරවාදී ධර්මයේ චිරස්ථිතිය උදෙසාම ඇරඹෙන ධර්ම යුද්ධයකට මෙත් සිතින් ආරාධනා..!

http://wp.me/p1YNMm-5L

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s