මහමෙව්නාව අභිධර්මය හෙලා දකියි..!

Abhidarma Prashnaya_2
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ විශිෂ්ටතම ධර්ම කොටස ඇතුළත් අභිධර්ම පිටකය ථේරවාදය තුල ඉමහත් ගරු බුහුමනට පාත්‍ර විය. එසේ පරම ගම්භීර වූ අභිධර්මය පිලිබද කිසිදු තැකීමක් නොකර සිටි මහමෙව්නාව අද වනවිට තම අභිධර්ම විරෝධී මත එළිදැක්වීමට ඉදිරිපත් වී සිටින්නේ අප ඇතුලු බොහෝ දෙනෙකුන් විසින් මතුකල හඬ නැගීම් නිසා බව පැහැදිලිය.

මහමෙව්නාවාසී ඇල්ලේ කුසලඥාන හිමියන් විසින් අභිධර්මය නිවනට අවශ්‍ය නොවන, නිවන් ගමන ප්‍රමාද කරන දෙයක් ලෙස හදුන්වා දෙමින් තම ශ්‍රාවකයින් නොමග යැවීමට උත්සාහ කරන අයුරු ඉතා ඛේදජනකය. උන්වහන්සේ පවසන්නේ අභිධර්ම දැනුම යනු, බයිබලය, කුරානය මෙන් මිත්‍යාදෘෂ්ටික ග්‍රන්ථ හැදෑරීමෙන් ලබාගන්නා දැනුමක් වැනිම වූ නිවන් මග පමා කරන්නක් බවයි.

පරම සූක්ෂම පරමාර්ථ ධර්ම විස්තර කිරීමෙන්, ලොව්තුරා බුදුවරයෙකුට පමණක් සිදුකල හැකි අභිධර්ම දේශනය මෙසේ හෑල්ලුවට ලක්කිරීම එසේ මෙසේ පාපයක් නොවන බව උන්වහන්සේ ඇතුලු මහමෙව්නාව දැන්වත් තේරුම් නොගතහොත් ඒ හරහා නිර්මල ථේරවාදී ධර්මයට සිදුවනුයේ මහත් හානියකි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පරමාර්ථ වශයෙන් දක්වමින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත අභිධර්මය යනු කෙලින්ම නිවනට උපකාර වන ධර්ම කොට්ඨාශයකි. අභිධර්මය නිවනට උපකාර නොවේ යැයි යමෙක් කියයි නම් ඒ කුමන කොටසදැයි ඔවුන් පෙන්වාදිය යුතුය. එසේ නොමැතිව බුද්ධ භාෂිතය මෙසේ හෙලා දකිමින් ඒ පිලිබඳ බෞද්ධ ජනතාව තුල තිබූ ගෞරවය බිඳ දැමීමට උත්සාහ කිරීම යනු, ඉතා භයානක ශාසන විනාසයක පෙර ලකුණකි.

මේ ආකාරයට තම ශ්‍රාවකයින් විශාල පිරිසක් තුල දැනටමත් අභිධර්ම විරෝධී කොට්ඨශයක් බිහිකරගැනීමට මහමෙව්නාව සමත්වී ඇති බව පෙනේ. මහරහතන් වහන්සේලා සංගායනා කරමින් පවත්වාගෙන ආ මේ උතුම් ත්‍රිපිටක දහමට මෙසේ පහර දෙමින් හෙලා දැකීමට ඉඩ නොදී මෙම හානිය සිදුකරන්නන්ට එරෙහි වීම සැබෑ බෞද්ධයින්ගේ වගකීමකි. එසේ නොවුනහොත් ඉතාම මෑතකදී අපට නිර්මල ථේරවාදී ත්‍රිපිටක ධර්මය අහිමි වී බුද්ධ භාෂිතය වැළලී යනු නොඅනුමානය..!

මහමෙව්නාවාසී ඇල්ලේ කුසලඥාන හිමියන්ගේ ඉහත ප්‍රකාශය ඇතුලත් දේශනාවට සවන්දෙන්න..!

http://www.youtube.com/watch?v=49MyJxlKXkc&feature=share

________________________________________________

මෙම දේශනාවෙන්, අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ ‘විදර්ශනා භාවනා ක්‍රමය’ ග්‍රන්ථය තම දුර්මත තහවුරු කිරීමට යොදාගනිමින්, උතුම් බුද්ධ භාෂිත අභිධර්මයට හා රේරුකානේ නාහිමියන්ට අගෞරව කරනා ආකාරය හෙළි කිරීමට අප විසින් කලින් සකස් කර පළකරන ලද ලිපිය කියවන්න..!

අභිධර්ම ප්‍රශ්නයට මහමෙව්නාවෙන් පිළිතුරු..!

http://wp.me/p1YNMm-9R

Advertisements

One thought on “මහමෙව්නාව අභිධර්මය හෙලා දකියි..!

  1. Abhdarmaya saha oya kikana lada anith dewal kisi dinka thabiya nohaka. Oya mansgatha kiyawanawata wada abhidahrmaya kiyawala mathaka thiyenwanam hodaya..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s