ඉන්දරතන හිමියන්ගේ ජීවිත පූජාව වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්න..!

uthukama

පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් ජීවිතය පූජා කොට අවසන්ය. ඒ උතුම් අරමුණු කිහිපයක් පෙරදැරිවය. බිහිසුණු ගිණිදැල් මැද තම සිරුර දැවෙද්දීත් මහා අධිෂ්ඨානයකින් උන්වහන්සේ කටයුතු කල අයුරු තවමත් ඔබගේ මනසේ මැවී පෙනෙනවාට සැක නැත. දැන් කාලය එලැඹ ඇත්තේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි පිදූ ඒ සැබෑ බුද්ධ පුත්‍රයා වෙනුවෙන් අපගේ යුතුකම ඉටුකිරීමට යි.

තම අවසන් ලිපියෙන් උන්වහන්සේ දැක්වූ කරුණු පහෙන් ගව ඝාතනය නතර කිරීමට අමතරව අනෙක් කරුණු හතරම, අපගේ රට ජාතිය හා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඉතා වැදගත් වන කරුණුය. නමුත් අවාසනාවකට මෙරට ජඩ මාධ්‍ය බොහෝමයක් විසින් උන්වහන්සේව ‘ගව ඝාතනයට එරෙහිව දිවි නසාගත් මෝඩයෙකැයි හංවඩු ගසා’ අපහාස කර ජනතාව තුල වැරදි මතයක් ගොඩනැගීමේ නිර්ලජ්ජිත උත්සාහයක මේ වනවිට නිරතව සිටී. කනගාටුවට කරුණ වනුයේ මේ සඳහා ඇතැම් භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙකුගේද සහාය ලැබී තිබීමයි. ඉන්දරතන හිමියන්ගේ අභීත ක්‍රියාව හරහා පහර වැදුනු දේශපාලන බලාධිකාරය මේ ව්‍යාපාර පිටුපස සිටිනා බව ඔබට අපට නොරහසක් වුවත්, facebook වලින් එපිට මාධ්‍ය මතින් තීරණ ගන්නා සාමාන්‍ය බහුතර ජනතාව තුල මේ සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් නොමැතිබව පෙනේ.

තම මතය, ජනමතය කිරීමට උත්සාහ දරනා කුලී මාධ්‍ය වලට වඩා ශක්තියක්, ජාතිමාමක සිංහල බෞද්ධ අප තුල ඇතිබව පෙන්වීමට දැන් ඔබ සූදානම් විය යුතුය. ඉන්දරතන හිමියන් ජීවිතය කැපකලේ අපේ රට ජාතිය ආගම වෙනුවෙන් හා අහිංසක සතුන් වෙනුවෙනි. උන්වහන්සේගේ අරමුණු ඇතුලත් කොට අප විසින් සකසන ලද 6′ x 3′ ප්‍රමාණයේ බැනරය, රු. 1000 කටත් අඩු මුදලක් හා සුළු කාලයක් වැයකොට, ඔබගේ නගරයේ, ගමේ හෝ වෙනත් ඕනෑම තැනක ප්‍රදර්ශනය කරවා, එම ප්‍රාර්ථනාවන් පිලිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන්න. ‘ඉන්දරතන හිමියන් ජීවිත පූජාවෙන් කළ ප්‍රාර්ථනා ඉටුවේවා’ යැයි ප්‍රාර්ථනයක් සෑම සිංහල බෞද්ධ හදවතක් තුලම ඇතිකිරීමට ඔබේ දායකත්වය ලබාදෙන්න. එම ප්‍රාර්ථනා ශක්තියේ බලයෙන් ඉන්දරතන හිමියන්ගේ ප්‍රාර්ථනාවන් ඉටුවීමට අවශ්‍ය වටපිටාවක් සකස්වනු නොඅනුමානය..!

ඔබට මීට සම්බන්ධ වීමට යම් අපහසුවක් වෙත් නම්, වෙනත් එක් අයෙකු හෝ මේ සඳහා යොමු කරන්න. විදේශගතව සිටින සහෘදයින් හට, තම නෑහිත මිතුරන් දැනුවත් කිරීමෙන් මීට සහාය විය හැක. හැකි තරම් මෙම කටයුත්ත පිලිබද පිරිස් දැනුවත් කරන්න. ඔබ සම්බන්ධ පේජ් හරහා මේ ගැන දැනුවත් කිරීම් කරන්නේ නම්, අප ගැන හෝ අපගේ පේජ් ගැන හෝ සඳහන් කිරීමක් අවශ්‍ය නැත. සිදුවිය යුත්තේ අදාල කටයුත්ත සිදුවීම පමණකි. මෙය ආරම්භයක් කොට ගෙන තවත් ඉදිරියට මෙවන් ක්‍රියාමාර්ග තුලින් යම් ජනබලයක් ගොඩනැගීමට අප උත්සාහ කළ යුතුය. එසේ ගොඩනැගෙන බලවේගයක් හරහා රජයට බලපෑම් කිරීමෙන් ඉන්දරතන හිමියන්ගේ ප්‍රාර්ථනා ඉටුකරගැනීමට අවස්ථාවක් සලසා ගැනීම සිදුකල යුතුය. මීට සම්බන්ධ වන ‘ඔබ කැමති නම් පමණක් ‘ බැනරය ප්‍රදර්ශනය කරන ස්ථානය කමෙන්ටුවක් මගින් දැක්වීම තුලින් අන් අයටද මේ සඳහා දිරියක් උනන්දුවක් පෙළඹවීමක් ඇතිකිරීමට හැකි වනු ඇත.

අසූහාරදහසක් ධර්මස්කන්ධය අතුරින්, බුද්ධ භාෂිතය වශයෙන් සැලකෙන අසූදෙදහසක් ධර්මස්කන්ධය ස්පර්ශ වූ දළඳා වහන්සේ හට තම ජීවිතය පූජා කරමි… යනුවෙන්, මනා සිහි නුවනින් යුතුව ලියා ඇති ඉන්දරතන හිමියන්ගේ අවසන් ලිපිය අවසාන කරනුයේ, බලවේගයක් වී හෝ මෙම ප්‍රාර්ථනා ඉටුකරගැනීමට රජයට බලපෑම් කරමි යනුවෙනි. උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු සියලු සිංහල බෞද්ධ සංවිධාන එකට එක් කරමින් ගොඩනැගෙමින් පවතින එම බලවේගය යටපත්කිරීමට, දේශපාලුවන්, ජඩ මාධ්‍ය, මාක්ස්වාදීන් හා සර්වාගමික පූට්ටු කරුවන් ඇතුලු සියලු පාපීන් අනෙක් පෙරමුණකට එක්ව ඇති බව පෙනේ. ඊට එරෙහිව හඩ නැගීමට ජාතිමාමක සිංහල බෞද්ධ සියලුදෙනාම එකාවන්ව සූදානම් විය යුතුය. ගොඩනැගෙන බොදුපුනරුද බලය ඉදිරියට ගෙනයෑමේ වගකීම දැන් ඇත්තේ ඔබ අපගේ කරමත ය. උන්වහන්සේගේ ජීවිත පූජාව තුලින් ලබාදුන් මහා ශක්තිය තුලින් එම බොදුබලය ඉදිරියට ගෙන යමු…! ඉන්දරතන හිමියන්ගේ ප්‍රාර්ථනා ඉටුවන තුරු සටන අත් නොහරිමු…! ඒ සඳහා දිවි හිමියෙන් කැපවෙමු..!

(පහත ලින්ක් එක භාවිතා කර අදාල බැනරය බාගත කරගන්න)

https://docs.google.com/file/d/0ByoNnbsemXfONUVNWjJyTk1OejA/edit?usp=sharin

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s