ඉන්දරතන හිමියන්ගේ පරමත්ත පාරමිතාව අපට ආධ්‍යාත්මික අවියක් වනු නොඅනුමානය..!

bodu bala Ganasara himi pilipthuru

2013 වෙසක් සඳින් නිකුත් වූයේ අන්ධකාරයකි. ඒ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විරාජමානව වැඩසිටින දළදා මාළිගාව අභියස දුටුවන් කම්පා කරවන අන්දමින් සිදුවු, මේ වන විට මෙරට ලොකු කුඩා සියලූ දෙනා හොඳින්ම දන්නා සංසිද්ධිය නිසාය. උද්ඝෝෂණයකට මිනිසුන් කැඳවා ගැනීම දේශපාලන ඇයි හොඳයිකම් මත හෝ කීයක් හෝ අතමිට මොළවා කළ හැක.එහෙත් යම් පරමාර්ථයක් වෙනුවෙන් බලපෑම් කරනු වස් තම සිරුර ගිණි ගෙන දැවෙනතෙක් ඉවසා සිටිය හැකි පුද්ගලයින් ? එබඳු භික්ෂූන් වහන්සේ ගැන කලකට ඉහතදී වියට්නාමයෙනුත් මෑතකදී ටිඛෙටයෙනුත් අසන්නට ලැබිණි. සිරුර ගිණි ජාලාවක් වු පසුව වියරුවෙන් කෑමොර දෙමින් දිවයනු වෙනුවට තමා සම්පූර්ණයෙන්ම අඩපනව ඇදවැටෙන තෙක් තමන් වහන්සේ පෙනී සිටින පරමාර්ථය පුනරුච්ඡාරණය කරමින් ඔබමොබ ඇවිදගිය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් අතීතයේ ජීවිත පරිත්‍යාගයෙන් රට දැය සසුන රැකගත් කවර නම් අභීත බුද්ධ පුත්‍රයන් වහන්සේ සමග ගළපාගත යුතුදැයි සිතීමටවත් සිහි එළවා ගැනීමට අපට බොහෝ වේලා ගත විය. උන් වහන්සේ පිළිබඳව පළවූ හා පළවන හැම ප්‍රවෘත්තියක්ම විශේෂාංගයක්ම ඇරඹුනේ, ‘ ගව ඝාතනයට එරෙහිව ගිණි තබාගෙන අපවත්වූ හිමිනම’ ආදී වශයෙන් බවද කණගාටුවෙන් අප සිහිපත් කරන්නේ ස්වකීය ජීවිත පූජාවට මත්තෙන් උන් වහන්සේ මේ අකාරුණික සමාජයේ කාට හෝ කියවා දැනුවත් වන්නට ලියා තුබූ කුඩා සටහනෙහි අවධාරණය කරනු ලැබ තිබූ අයථා අන්‍යාගමිකකරණයට ප්‍රතිපත්තිමය වශයෙන් එරෙහිවීමේ කාලීන දැඩි අවශ්‍යතාව වැනි දැවැන්ත කරුණු ඉතා සරල ලෙස එහෙත් ක්‍රමෝපායිකව හෑල්ලූවට ලක් කර තිබීම නිසාය. ඇතැමෙක් මෙම සංසිද්ධිය හෙලාදැකීමට මහායාන, හීනයාන සම්ප්‍රදායන් ගැන පමනක් නොව නිකාය ඉතිහාසය පවා පිරික්සීමට උත්සුක වූහ. ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පූජාව ‘සියදිවි නසාගැනීමක්’ බව තහවුරු කිරීමට වෙරදරන්නා වූ අදිසි ‘බෞද්ධ න්‍යායවාදීන්’ තුළ මෙම අවාසනාවන්ත සිදුවීමෙහි හේතු-ඵල සබඳතාව පිළිබඳව ඇති මුග්ධ දෘෂ්ටිය අප සිත්හි ඇති කරන්නේ කම්පනයකි. සර්වාගමික පූට්ටුව නැමැති පැණි හැළියට පැන කටමත්තටම ගිලී පැනි බොමින් මනෝරාජික සුවයක පසුවූ අපේ ලොකු කුඩා උන්නාන්සේලාගේත් ඒ නිකායේ ඇබිත්තයන්ගේ බමන ප්‍රීති ප්‍රමෝදයට ඉන්ද්‍රරතන හිමියන්ගේ ‘ගරු ඇවත’ බාධා කර තිබේ. ශ්‍රී ලංකාද්වීපය සිංහල බෞද්ධ දේශයක්ය යන්න දෙසවන වැකීම පවා වහකදුරු වී සිංහල බෞද්ධත්වයට එරෙහි මතවාදයක් සමාජගත කරනු පිණිස කුළියට ලියන පරදේසක්කාර කුළී හේවායින්ගේ උතෝපීය න්‍යායන්ට අනුව ඉන්ද්‍රරතන හිමියන්ගේ ක්‍රමවේදය ˜බරපතල සමාජ හිංසනයක්˜ද වී තිබේ. උන්වහන්සේ ‘ගිණි තබාගැනීම˜ නම් වූ ඵලයට පදනම් වූ හේතුව කුමක්දැයි යුක්තියුක්තව විමසීම මේ කවුරු කවුරුත් හිතාමතාම අමතක කිරීමට තරම් අකාරුණිකවීම අපට හඬගා සපථ කරන සත්‍යයන් දෙකක් ඇත. පළමුවැන්න, බෞද්ධ සමාජ සංස්ථාවේ සෝදාපාළුව ඉදිරියේදී ගුප්ත ලෙස මුනිවත රැකීමට පමනක් නොව එම සෝදා පාළුවට එරෙහිව දියත්වන ඕනෑම තීරණාත්මක සටනක් දියාරු කරවනසුළු, පාවාදෙනසුළු න්‍යයයන් ගොඩ නැංවීමට බුදු සමය පවා අපහරණය කරන පිරිසක් බවට ඔවුන් පත්කරනු ලැබ ඇති බවය. ඔවුන් අත්විඳිමින් සිටින්නා වූ මේ ‘ සමාජ සංහිඳියාව˜ ඉන්ද්‍රරතන හිමියන්ගේ ‘හිංසාකාරී හැසිරීම’ විසින් බරපතල කම්පනයකට ලක් කර තිබේ. එහෙයින් ඔවුහු මේ සංසිද්ධියෙහි ‘ඵලයට˜ නිරන්තරයෙන් දෙස්දෙවොල් තබමින් සිටිති. අප ඔවුන්ගෙන් විමසා සිටින්නේ පරමත්ත පාරමිතාවකදී අනුන් වෙනුවෙන් ස්වකීය ජීවිතාශාව පවා අතහැරීමේ අවස්ථා කොතෙකුත් නම් බෝධි සත්ත්වයානන් වහන්සේගේ ජීවිතය ආශ්‍රයෙන් පෙන්වාදිය හැකිද යන්නයි. මේ අනුව අපට පිළිගැනීමට සිදුවී ඇති දෙවන සත්‍යය නම් මෙබඳු සංසිද්ධියක් විග්‍රහ කර ගැනීමේදී පවා මේ සමාජය ඉදිරියේ ප්‍රබුද්ධයින් වගකිවයුත්තන් ලෙස පෙනී සිට ප්‍රකාශ නිකුත් කරන පැවිදි, ගිහි කවුරුත් මතවාදීමය වශයෙන් බෞද්ධ දෘෂ්ටිකෝණයක නොපිහිටා කටයුතු කරන බවය. සිංහලකම, ආගම දහම හා බැඳුනු දේශීය ගොවිතැනෙහි ඓතිහාසික තිරසාරභාවය ගැන ලෝකයම කතාකරද්දී, ‘කෘෂි ආර්ථික විද්‍යාත්මකව’ ගවයින් නොමරා සිටිය නොහැකි බව දෙසා බාමින් මිනිසුන්ගේ කුස් පුරවනු පිනිස මරාදමනු ලබන එක් සත්ත්ව කොට්ටාසයක් පිළිබඳව ඉන්ද්‍රරතන හිමියන් සපථ කළ කරුනාව බාල බොළඳ ඉල්ලීමක් බවට හුවාදැක්වීමට වෙරදැරීම එබඳු එක් නින්දිත අවස්ථාවකි. එම ප්‍රකාශ ඔස්සේ අපට ඉස්මතු වී පෙනෙන්නේ කෘෂි ආර්ථික විද්‍යාවට වඩා ලාඛෙට හරක් මස් ටිකක් ගිල දැමීමට ඇති අවස්ථාව ගිලිහීයයිද යන ජුගුප්සාජනක භීතියයි. වඩාත් උපහාසාත්මක කරුණ නම් සිංහල බෞද්ධ මිනිසුන්හට පශු පාලනය තිරසාරව සිදුකිරීමට නම් නිබඳවම ගවමස් බුදින ‘ සහෝදර ජාතියක්ද’ සිටිය යුතු බව නිර්දේශ කිරීමට තරම් ඒ කෘෂි ආර්ථික දර්ශනය ‘හලාල්’ වී ‘ජාතික සමගිය සමගද ඒකාබද්ධ වී’ තිබීමයි. සමහරුන් සිතන්නේ ඉන්ද්‍රරතන හිමියන් සිය සිරුරට ගිණි තබා ගැනීම හදිසියේ පහළ වූ මනෝභාවයකින් සිදුකළ බවය. එ හිමියන්ගේ සමාජ දේශපාලනික අතීතය පරීක්ෂා කිරීමේදී උන් වහන්සේ බෞද්ධ සමාජ සංස්ථාවේ පරිහානියට එරෙහිව සැලකිවයුතු සටනක නිරතවී සිට ඇති බව ඉතාම පැහැදිළිය. එහෙත් උන් වහන්සේ සමාජමය හා දේශපාලනික ප්‍රතිගාමීත්වයේ හේතුවෙන් බරපතල පරාරෝපනයකට ලක්ව සිටි බවත් ඉඳුරාම පැහැදිළිය. අනතුරුව උන් වහන්සේ තමන් වහන්සේ නියෝජනය කළ දේශපාලන කඳවුරට හෝ වෙනත් කිසිවකුවත් ගල් කැටක් ගෙන දමා ගැසුවේ නැත. ඒ වෙනුවට උත්තරීතර පරමාර්ථ රැසක් පෙරදැරි කරගෙන මේ නිර්වින්දිත සමාජය අවදි කරවන සුළු අන්දමින් පරමත්ත පාරමිතාවක නිරතවූහ. උන් වහන්සේ පන්සලේ දේපොළ ඛෙදා ගැනීමට නොහැකිව, නොඑසේනම් වෙනත් නොමනා ක්‍රියාවක නිරතවී මේ සමාජයට මුහුණදිය නොහැකිව, සියදිවි නසා ‘නොගත් බව කවුරුත් සිහියට නගා ගැනීම වටී’ එහෙයින් ඉන්ද්‍රරතන හිමියන් කළ පූජාවට අංශු මාත්‍ර වශයෙන් හෝ සැසඳිය හැකි කැපකිරීමක් කළ නොහැකි ඇස් පනාපිට සිදුවන ජාතික ශාසනික විනාශයට එරෙහිව කට අරින්නට බය උන්නාන්සේලාත් ඇබිත්තයෝත් උන් වහන්සේගේ මහා පාරමිතාවට නින්දිත අර්ථකතන සපයා තම නොහැකියාවේ විළි වසාගැනීමට උත්සහ නොකළ යුතු බව අපි අවධාරනය කරමු. ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පූජාව වරදක් නම් එහි වගකීම උන් වහන්සේ මත පමනක් පටවා ‘නිවැරදිකරුවන්’ වීමටත්, උන් වහන්සේට තිබුනේ ජීවත් වෙමින් සටන් කිරීමටැයි ‘වැදි බණ කීමටත් හදිසි වී සිටින ඊනියා බෞද්ධ න්‍යායවාදීන් එම සිදුවීමට හේතු පාදක වූ සමාජ තත්ත්වයන් වෙනස් කිරීමට සුලූවෙන් හෝ උත්සහ නොකළ බව බොදු බල සේනාවෙහි විශ්වාසයයි. උන් වහන්සේට ජීවත් වෙමින් සටන් කිරීමට තුබූ අවස්ථාව අහිමි කළෝද උන්මය. මෙය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ මෙබඳු සිදුවීමක් වාර්තාවූ ප්‍රතම වතාව මෙන්ම එය එක් නිමේශයකින් ලොව පුරා ව්‍යාප්තවූ ද අවස්ථාවෙකි. එහෙත් එම සිදුවීම සම්භන්ධයෙන් බහුතර ජනතාව බෞද්ධයින් යැයි උදම් අනන මේ ධර්මදීපයේ සමස්ත සමාජ ප්‍රතිචාරය කෙතරම් දුර්වලද? එය බොහෝ දෙනෙකුට වැල් ටෙලි නාට්‍යයක තවත් ජවනිකාවක් පමනක් වූ සෙයකි. සමාජය ඊට ප්‍රතිචාර දැක්වූයේ ඉන්ද්‍රරතන හිමියන් උන් වහන්සේගේ පෞද්ගලික අරමුනක් වෙනුවෙන් පෙනීසිටි ලෙසිනි. මේ නිර්වින්දිත තත්ත්වය දෙස බලා ඉන්ද්‍රරතන හිමියන්ගේ පූජාවට ගරහන පිරිසද, උන් වහන්සේ 21 වන සියවසට නුසුදුසුයැයි කටමැත දොඩවන පිරිසද අපට මතක් කරන්නේ මේ සමාජය සිංහල බෞද්ධ අනන්‍යතාවයෙන් කෙතරම් නම් ඈත්වී ඇතිද යන බවයි. අපට යාබද ඉන්දියාවේ දුම්රියක් පීලිපැන්නද ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වේ. අප මේ යෝජනා කරන්නේ රජයට ඉල්ලා අස්වීමට නොවේ. එහෙත් පක්ෂයක බලය අවදානමට ලක්වෙද්දී මධ්‍යම රාත්‍රියේ වුව අමාත්‍ය මණ්ඩල රැස්වීම් කැඳවන මෙරට ‘සිංහල බෞද්ධ’ දේශපාලන සංස්කෘතියට හදිසි කැබිනට් රැස්වීමක් හෝ පවත්වා මේ තත්ත්වය ගැන කතා කිරීමේ යුතුකමක් තිබුණි. වගකිවයුතු තවත් අමාත්‍යවරයෙකු මෙම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් ‘ගව ඝාතනය තහනම් කිරීම එතරම් පහසු නොවන බව’ ජනමාධ්‍ය අමතා කියා තිබිණි. ඒ අතර උන් වහන්සේට පෙට්‍රල් සැපයූ පුද්ගලයා සොයා පුලූල් පරීක්ෂණ ඇරඹීම වැනි විසුලූ කථාද අසන්නට ලැබිණි. මේ ඉන්ද්‍රරතන හිමියන්ගේ පරමාර්ථ පිළිබඳ වගකිවයුත්තන්ගේ විග්‍රහයේ දිග පළලෙහි ස්වභාවයයි. ‘රජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය’ කියා ව්‍යවස්ථාවෙහි ලියා තිබුණද එය හුදු ප්‍රකාශයක් පමනක් බව යළියළිත් අප කියන්නේ එනිසාය. බෞද්ධ සමාජ සංස්ථාවේ පුරෝගාමියා හෝ කුළ දේවතාවා වූ භික්ෂූන් වහන්සේගේ විනාශයම පැතූ තවත් පිරිසකගේ මන්දස්මිතයට හේතුව එක් අභීත බුද්ධ පුත්‍රයකු හෝ මෙළොවින් සමුගැනීමෙන් උපන් කුරිරු සතුට බව අපි දනිමු. සමාජය ඉදිරියේ සාධූන් මෙන් පෙනී සිටින ඒ සාපරාධී අපරාධකරුවන්ටත්, ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පූජාවට නිගා කරමින් උන් වහන්සේ ඝාතනයට වෙරදරන පාපතර මුග්ධයින්ටත් බොදු බල සේනාවෙහි අපි එක් සත්‍යයක් අවධාරණය කරමු. ඒ, නුඹලාගේ කැණහිලූ අභිප්‍රායන් පරදා දැමුමට ඉන්ද්‍රරතන හිමියන්ගේ පරමාදර්ශී පූජාවෙහි පණිවුඩය අප ආධ්‍යාත්මික අවියක් කරගන්නා බවය. පුරන් අප්පු පාවාදෙනු වෙනුවට තම මරණය තෝරාගත් කුඩාපොළ රාහුල පරපුර තවමත් නොඅවසන් බව ස්ඵුට කරමින් පරමත්ත පාරමිතාවක් පුරා, නිවනට ඇති දුර ලඝු කරගත් ඒ අභීත උතුම් බුද්ධ පුත්‍රයානන්ගේ පරමාර්ථ ඉටු කිරීමට දිවිහිමියෙන් කැපවන බවටද අපි ප්‍රතිඥා දෙන්නෙමු. බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිතපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s