මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?

Asapuwa-01

බුදුරජාණන් වහන්සේ විසින් සසරේ බැඳී දුක් විඳින සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන්, සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා තමන් වහන්සේ විසින් අවබෝධ කල උතුම් වූ ධර්මය දේශනා කල සේක. ඒ නිර්මල දහම, මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කිරීමෙන් අනතුරුව මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආරක්ෂාකර ගෙන ඒමෙන් නිර්මල ථේරවාද ත්‍රිපිටක ධර්මය ලෙස අද අප වෙත ලැබී ඇත. විනය, සුත්‍ර, අභිධර්මය ලෙස පිටක තුනක් වශයෙන් මේ දක්වා පවත්වාගෙන ආ උතුම් සද්ධර්මයට එරෙහිව කාලයෙන් කාලයට නොයෙක් අභියෝග, උවදුරු එල්ල විය. එහෙත් මහා සංඝරත්නයේ විනයධර, ධර්මධර භික්ෂූන් වහන්සේලා විසින් ඒ පරවාද මැඩ තවදුරටත් පිරිසිදු ථේරවාදී බුදුදහම අද දක්වාම රැකගෙන ඒමට කටයුතු කරන ලදී.

මේ අතරිනුත් වැඩිපුරම චෝදනා එල්ලවූයේ බුදු හිමියන්ගේ විශිෂ්ටතම පරමාර්ථ දේශනාව වූ අභිධර්මයටය. බොහෝ විට මේ ධර්මය ඔවුන්ට තේරුම්ගැනීමට අපහසුවීම එසේ සැක කිරීමට හේතුවක් වූ බව පෙනේ. අනුවණයින්ට නොව ප්‍රඥාවන්තයිනට දෙසූ දහමක් වන බුදු දහමේ අගය නොදත් ඇතැම් පිරිස් තමන්ගේ චින්තනයන්ට අනුව සිතමින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ශාසනයේ විනාශයට පාර කපමින් සිටී. මෙවැනි අදහස් ඇත්තෝ අතීතයේ ද සිටි බවට ශාසන ඉතිහාසය පුරාවට ශාක්ෂි ඇත. මෑත කාලයේ පමණක් නොව තුන්වන සංගායනාවේ මුලසුන ගත් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ පවා එකල පැවති අභිධර්ම විරෝධී මත ඇතුළු තවත් පරවාද මැඩීමට කටයුතු කරන ලදී. මෑත කාලයේදී යුරෝපීය පඩිවරුන් කිහිප දෙනෙකුගේ මතයන් ඔස්සේ කල්පනා කල අපේ රටේ කිහිප දෙනෙකු විසින් ද නැවතත් අභිධර්ම පිටකය ගැන සැක මතු කරන ලදී. ඒ අතරින් හේන්පිටගෙදර ඥානසීහ හිමියන් මුල්තැනක් ගනී. උන්වහන්සේ තමන් තුල තිබූ පණ්ඩිතමානී බව උපයෝගී කරගෙන අභිධර්මය සංස්කරණය කිරීමට ගත් උත්සාහයෙන් ‘අභිධර්ම පරීක්ෂණය‘ නැමති ග්‍රන්ථයක් සකස් කරන ලදී.

වර්තමානයේදී මහමෙව්නාවේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ද තම අසපු තුල අභිධර්මය භාවිතා නොකිරීමට කටයුතු කර ඇත. එයට පැහැදිලි හේතුවක් තමන් අනුගමනය කරන ශ්‍රාවක පිරිසට පවසා නැතත්, එසේ කරන්නේ තමන් තුල අභිධර්මය ගැන ඇති සැකය නිසා බවත්, ඒ සැකය උපන්නේ ‘අභිධර්මය පරීක්ෂණය‘ පොත කියවීමෙන් පසුව බවත් උන්වහන්සේ විසින් සිළුමිණ පුවත් පතේ පළ කල ලිපියකින් පවසා ඇත. මේ ලිපියේ මාතෘකාවෙන්ම උන්වහන්සේ ඇඟවීමට උත්සාහ කරන්නේ අභිධර්ම පිටකය බුදුන් වදාල ධර්මයක් නොවන බවයි.

http://dharmanidhaana.files.wordpress.com/2011/05/ven-kiribathgodas-article-highlighted.jpg

උන්වහන්සේ වැනි ධර්මධර භික්ෂුවක්, යම් එක් ස්වාමීන් වහන්සේ නමකගේ පොතක් කියවා උතුම් බුද්ධ වචනය සැකයට ලක් කිරීම තරම් නොවන්නකි. ඥානසීහ හිමියන් යනු තම දැනුම තුලින් ධර්මය තව දුරටත් සැක කළ හිමි නමකි. උන්වහන්සේ විසින් තමන්ගේ ‘ශුන්‍යතා දර්ශනය හා මහරහතන් වහන්සේ‘ යන ග්‍රන්ථයෙන් දක්වන්නේ රහතන් වහන්සේලා තම රහත් බවින්ද නැවතත් පිරිහීමට හැකි බවයි. ඒ අනුව අපට විමසීමට ඇත්තේ කිරිබත්ගොඩ හිමියන් විසින්ද ඥානසීහ හිමියන්ගේ මේ මතය අනුව අර්හත්වය, රහතන් වහන්සේලා සැක කරන්නේද යන්නයි. තවද ඥානසීහ හිමියන් පිලිගත් අන්තරාභවය උන්වහන්සේ පිලිගන්නේද යන්නද විමසිය යුත්තකි.

ඉහත ලිපියේ දක්වා ඇති පරිදි උන්වහන්සේ තවත් පිරිසකගේ මතයට අනුව අභිධර්මය තුන්වෙනි සංගායනාවේදී එක් වූ බවට සැක කරයි. ඒ අනුව උන්වහන්සේ සැක කරන්නේ මහරහතන් වහන්සේලා 1000 නමක් විසින් තුන්වන සංගායනාවේදී සංගායනා කරන ලද ධර්මයකි. රහතන් වහන්සේලා බුද්ධ භාෂිතය යැයි කිසිවෙක් විසින් ගොතන ලද යමක් ධර්මයට එක් කලා යැයි පිලිගත හැකිද? එසේ පිලිගන්නේ නම් රහතන් වහන්සේලාවද සැක කලා වෙයි. එනයින් ගත්කල සංඝරත්නයේ සරණ යෑමක් කොහින්ද? බුද්ධ භාෂිතය, අබුද්ධ දේශිතයකැයි කියා ධර්මය සැක කරන්නන්, අඩුම තරමේ තෙරුවන් සරණවත් යන්නේ කෙසේද? තෙරුවන් සරණ නොගොස් අවම වශයෙන් වත් බෞද්ධයෙක් වන්නේ කෙසේද?

තව දුරටත් දක්වන්නේ නම්, ‘මහමෙව්නාවේ බෝධි ඥාන සභාව‘ නම් ග්‍රන්ථයේ දැක්වෙන පරිදිද කිරිබත්ගොඩ හිමියන් ශුද්ධවූ ධර්ම කොටස් ලෙස පිලිගන්නේ ත්‍රිපිටකයේ, සූත්‍ර හා විනය කොටස් පමණක් බවයි. එයින්ද ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ 15 න් කිහිපයක් උන්වහන්සේ විසින් අශුද්ධ වූ ධර්ම කොටසක් ලෙස සලකා ඉවත් කොට ඇත. සම්පූර්ණ අභිධර්ම පිටකයම එසේ අශුද්ධ යැයි සලකා භාවිතයෙන් ඉවත්කොට ඇත. පහත දැක්වෙන එම ව්‍යවස්ථාවේ 95, 96 පිටුව බලන්න…!

http://www.slideshare.net/dharmaparyeshanalaya/ss-10701882?from=embed

අවාසනාවන්ත කරුණ වනුයේ, උන්වහන්සේගේ මේ මතවාද නිසා මහමෙව්නාවට සම්බන්ධ විශාල පිරිසකට අනර්ථයක් සිද්ධ වීමයි. කිරිබත්ගොඩ හිමියන් තුල අභිධර්මය ගැන සැකයක් ඇති බව අසපුවට සම්බන්ධ බොහෝ දෙනෙක් දන්නේ නැත. ඒ අසපුව තුල අභිධර්මය යනු තහනම් වචනයක් නිසාය. ඉහත ව්‍යවස්ථාවේද අභිධර්මය ගැන වචනයක්වත් සඳහන් කොට නැත. එහිදී අභිධර්මය ප්‍රතික්ෂේප කර ඇති බව එය කියවන මහමෙව්නාවට ලැදි ජනතාව නොදනී. ඒ බව විමසූ විටද හරි ආකාර පිලිතුරක් නොලැබේ. ‘ඕව දෙවියන්ට දේශනා කල ධර්මය, මිනිසුන්ට දෙසූවක් නොවේ‘ ‘අභිධර්මය නිවනට අවශ්‍ය නොවේ‘ ‘ඉස්සෙල්ලා සූත්‍ර පිටකය ඉගෙන ගෙන ඉන්න ඕන‘ වැනි විවිධ අදහස් මහමෙව්නාව තුලින් විමසීමේදී ලැබේ. අභිධර්මය සම්බන්ධව ලියැවුනු වෙනත් පොත් පත් පවා පරිශීලනය නොකල යුතුබව ඔවුන්ට පවසයි. ඒ සම්බන්ධ ප්‍රශ්න කිරීම් වලට මහමෙව්නාවට සම්බන්ධ facebook pages වල හෝ මහමෙව්නාව web අඩවියේ හෝ ඉඩක් නැත. අභිධර්මය ගැන ඔවුන්ගේ මතය විමසූ විට ලැබෙන පිලිතුර block කිරීම පමණි. එසේ කරනුයේ තමන් වටා එක් වී සිටින අනුගාමිකයින් සත්‍ය වටහාගෙන තමන්ගෙන් දුරස්වේ යැයි ඔවුන් සිතන නිසා විය හැක. තෙරුවන් සරණ යනවා වෙනුවට කිරිබත්ගොඩ හිමියන් සරණ ගිය විශාල පිරිසකට සිදුව ඇත්තේ මහත් අලාභයකි.

මේ ආකාරයට ධර්මය ප්‍රතික්ෂේප කිරීම යනු ශාසනය විනාශය කරා රැගෙන යාමකි. මෙවැනි මගපෙන්වීම් යටතේ අනාගතයේදී තවත් පිරිසක් විසින් තමන්ට රකිනු බැරි නිසා විනය පිටකය ප්‍රතික්ෂේප කරනු ඇත. තවත් පිරිසක් සූත්‍ර පිටකයේ තමන්ට නොවැටහෙන තැන්ද ප්‍රතික්ෂේප කරනු ඇත. දහම නැති තැන ශාසනයක් කෙසේ පවතින්නද? ශාසන අන්තර්දහනය යනු මෙයම නොවේද? බුදුහිමියන් වදාලේ, මේ ශාසනය බාහිර සතර මහ භූතයන්ගේ බලපෑමෙන් විනාශ නොවන බවයි. මේ ශාසනයේම සිටින හිස් පුරුෂයින්ගේ ක්‍රියාවලින්ම ඒ විනාශය සිදුවන බවයි. වර්තමානයේ මෛත්‍රී බුදුන් යැයි කියාගන්නා සිරිවර්ධන, සකදාගාමී වූවා යැයි කියන සිරිධම්ම හිමියන්, බුදුහිමි ලංකාවේ උපන්නා යැයි කියන මීවනපලානේ හිමි වැනි පිරිස් ශාසනයට, ධර්මයට කරන හානියට ඔබ අප කවුරුත් දන්නා දේ ය. තම තමන්ට වැටහෙන පරිදි දහම දේශනා කරන්නට යෑමෙන් මේ හානිය සිදුවී ඇති බව පැහැදිලිය. කිරිබත්ගොඩ හිමි හා මහමෙව්නාවට සම්බන්ධ විශාල සැදැහැවත් පිරිස ඒ තත්වයට වැටිය යුතු නොවේ. ශාසනයේ හානියට හවුල්කරුවන් විය යුතු නොවේ.

කෙසේ වෙතත් පැවසිය යුත්තේ සත්‍යය සැමදාම බලයෙන් යටපත් කර තැබිය නොහැකි බවයි. ඉතා ඉක්මනින් වැඩි දෙනෙක් සත්‍යය තෙරුම්ගන්නවා ඇත. සත්‍යය සැඟවීමට මහමෙව්නාවෙන් ගන්නා උත්සාහය නිසාම තව තවත් ඉක්මනින් සත්‍යයේ මතුවීම සිදුවන බව පෙනේ.

ධර්මය අවලංගු කිරීම බලවත් පාපයකි. එහි බරපතල බව බුදුහිමියන් විසින් දේශනා කර ඇත්තේ මෙසේය.

“මහණෙනි, යම් ඒ භික්ෂූහු තථාගතයන් වහන්සේ විසින් දේශනය කළ ධර්මයක් තථාගතයන් වහන්සේ විසින් නො දෙසන ලද්දේ ය යි කියත් ද, ඒ භික්ෂූහු බොහෝ ජනයාට අහිත පිණිස පිළිපන්නෝ ය. බොහෝ ජනයාට දුක පිණිස බොහෝ ජනයාට අනර්ථය පිණිස පිළිපන්නෝ ය. දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නෝය. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුසල් රැස් කර ගන්නාහ. ඔවුහු මේ සද්ධර්මය නසන්නෝ ය.“

බුදුහිමියන් නොයෙක් අවස්ථාවල දක්වා ඇත්තේ නියම ධර්ම කථිකයා නම් ආභිධම්මිකයා බවයි. අභිධර්මය නොදන්නා භික්ෂුව ධර්මය අවුල්කර දේශනා කරන බව දම්සඟුණු අටුවාවෙහි දක්වා ඇත. ඒ කරුණ මැනවින් තහවුරු කරමින් කිරිබත්ගොඩ හිමියන් විසින් රචිත ග්‍රන්ථ වලද නොයෙක් ගැටලු සහිත තැන් දක්නට ඇත. උන්වහන්සේගේ දේශනා වලත් මහමෙව්නාවේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලොගේ දේශනා වලත් මෙවැනි අර්බුදකාරී තැන් දැකිය හැක. ‘විස්මිත අවබෝධය“ නම් වූ පටිච්ච සමුප්පාදය විවරණය කිරීමට උත්සාහ කරමින් කිරිබත්ගොඩ හිමියන් රචනාකොට ඇති ග්‍රන්ථය පුරාම අවුල් තැන් රැසකි. එහිදී පංචස්කන්ධය විස්තර කරන්නේ ද අමුතුම ආකාරයකටය. තමන් දන්නා සූත්‍ර ධර්මයන්ට ගැලපීමට උත්සාහ කරමින් උන්වහන්සේ විසින් ගැඹුරු පටිච්ච සමුප්පාද ධර්මය විකෘති කරයි. මෙවැනි අවුල්සහගත තැන් උන්වහන්සේගේ ග්‍රන්ථ වලින් සෑහෙන සොයාගත හැක. අවාසනාව වන්නේ මේ පොත් පත් පමණක් පරිශීලනය කරන පිරිසට මේ බව තේරුම්ගැනීමට අවස්ථාවක් නැතිවීම හා ඒ සමහරුන්ගේ අන්ධ භක්තිය හා අමූලික ශ්‍රද්ධාව විසින් සියලු සත්‍යයන් යටපත් කිරීමයි.

ආභිධම්මික අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහනාහිමියන් විසින්, අභිධර්මය අබුද්ධ දේශතයකැයි කියන්නවුන්ට දුන් පිලිතුරු පහත දැක්වේ. සියල්ලෝ මෙය කියවා බලා තම ගැටළු නිරාකරණය කරගැනීමට උත්සාහවත් වෙත්වා…!

https://docs.google.com/viewer?url=http%3A%2F%2Fassets4.dhammikaweb.com%2Fuploads%2F2011%2F03%2FAbhidharmaya_Buddha_Deshanawak_Nowe_Kiyannanta.pdf&embedded=true

තවදුරටත් පැහැදිලි කිරීම් අවශ්‍ය අය පහත link එකට ගොස් රේරුකානේ මානාහිමියන් විසින් රචිත ‘පටිච්ච සමුප්පාද විවරණය‘ ග්‍රන්ථයේ 253 පිටුවේ සිට කියවන්න.

http://www.ogatharana.org/

අතිපූජනීය නාඋයනේ අරියධම්ම හිමිපාණන් විසින් සිදුකරන ලද පහත දේශනාවෙන්ද අභිධර්මය ගැන පැහැදිලි විස්තරයක් දක්වා ඇත.

http://www.youtube.com/watch?v=67J0bA2D3Zg

ශාසනයේ මේ දක්වා පහල වූ මහ රහතන් වහන්සේලාත් විනයධර, ධර්මධර මහා තෙරවරුනුත් විසින් පිලිගත් ත්‍රිපිටක ධර්මය තවදුරටත් ප්‍රතික්ෂේප කරන අය මෙම කාරණා සඳහා වහාම පිලිතුරු දිය යුතුය. නොඑසේ නම් තමන් විසින් දැන හෝ නොදැන සිදුකරන ශාසන හානිය පිලිගෙන එය ඉදිරියටවත් නිවැරදි කල යුතුය. මෙහි දක්වා ඇති කාරණා නොදැන සිටීම නිසා වැරදි අවබෝධයකින් කටයුතු කල සියලු දෙනාටම දැන් නිවැරදි වීමට අවස්ථාවයි. ඔබටත් එසේ දහම විමසා බැලීමට නුවණක් තිබෙනම් සිතන්න. එක් ස්වාමීන් වහන්සේ නමක් සරණ යනවාද, නැතිනම් නිවැරදිව තෙරුවන් සරණ යනවාද කියා…!

අවසානයට සදහන් කළ යුත්තේ මේ සියළු කරුනු ඔබ හමුවේ පැහැදිලි කිරීමට ගත් උත්සාහය කිසිවෙකුටවත් අපහාස කිරීමේ අරමුණින් සිදුකරන ලද්දක් නොවන බවයි. බුද්ධ භාෂිතය අබුද්ධ දේශිතයකැයි පවසා තමන්ට හා අනුන්ට අනර්ථයක් කරගනිමින්, දැන හෝ නොදැන සද්ධර්මයේද විනාශයට පාර කපන කිරිබත්ගොඩ හිමියන් හට හා උන්වහන්සේ අනුව යන හිමිවරුන්ටත් මහමෙව්නාවට සම්බන්ධ සියලු දෙනාටත් සත්‍යය පෙන්වා දීමේ අරමුණින් මේ කරුණු දක්වන ලදී. කිසිවෙකුට හෝ පරිභ්‍රව කිරීමට මෙතැන හෝ මේ අදහස් යොදානොගන්නා ලෙස සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටින අතර මෙහි දැක්වූ අදහස් වලින් කිසිවකුගේ හෝ සිත් බිඳීමක් සිදුවූයේ නම් සමාව ඉල්ලා සිටිමි…! ඉදිරියේදී වත් නිවැරදි මගට පිවිස මහමෙව්නාවෙන් සිදුකරගෙන යන කටයුතු සියලු දෙනාගේම යහපත පිණිසත්, සද්ධර්මයේ උන්නතිය පිණිසත් යෙදවීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි….!

Advertisements

26 thoughts on “මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?

  1. සියළු මිතුරන් වෙත,

    මහමෙව්නාවෙන් සිදුවන ධර්ම හානිය පෙන්වා දීමේ අදහසින් මා විසින් ආරම්භ කොට පවත්වාගෙන යන ‘තිසරණයට දිවි පුදමි’ facebook එකවුන්ට් එක මේ වන විට ආරම්භකර දින කිහිපයක් ඇතුලත හත් අට වතාවක්ම අවහිර කරන ලදී. මෙය මහමෙව්නාවට සම්බන්ධ පිරිස් විසින් මාගේ එකවුන්ට් එක ගැන report කිරීම නිසා සිදුවන්නක් බව පැහැදිලිය. ඔවුන්ට සම්බන්ධ ප්‍රධාන pages කිහිපයකින්ම, මහමෙව්නාව සම්පූර්ණ ත්‍රිපිටකයම පිලිනොගන්නේ මන්ද යැයි මා විමසූ විට මුලින්ම කලේ එම කමෙන්ට් මකා මා බ්ලොක් කිරීමය. එයිනුදු නොනැවති මා විසින් ධර්මයේ නාමයෙන් සිදුකරන මෙම දැනුවත් කිරීම අවහිර කිරීමටද අසාර්ථක උත්සාහයක නිරතවන බව පෙනේ. මා විසින් පහත බ්ලොග් අඩවිය නිර්මාණය කරන ලද්දේ ඔවුන්ගේ බලපෑම් හමුවේ වුවද මා කරනා කාර්යය ඉදිරියටත් කරගෙන යැමේ අරමුණිනි.

    https://srisadaham.wordpress.com/

    තමන් ගේ අනුගාමිකයින් කෙරේ සැබෑ අනුකම්පාවකින් ධර්මය ප්‍රචාරය කරනවා නම් ඔවුන් මෙසේ තම ශ්‍රාවක පිරිසගෙන් සත්‍ය වසන් කිරීමට වලිකෑ යුතු නොවේ. මක්නිසාද යත්, තම මතය ගැන ඔතරම් විශ්වාසයක් ඇත්නම් ඒ පිලිබද යහපත් සංවාදයක යෙදීමට බිය විය යුතු නොවන බැවිනි. මාගේ post එකෙන් වැරදි කරුණු දක්වා ඇත්නම් කල යුත්තේ ඒවාට පිලිතුරු දීම විනා මෙසේ පහත් අයුරින් හැසිරීම නොවේ. එය තමන් සරණ යන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට තමන් ගැන ඇති පැහැදීම තවත් විනාශ කරගැනීමේ මගක් බව ඔවුන්ට නොතේරේ.

    කනගාටුවෙන් වුවත් අවසානයේ මේ සියලු සත්‍ය ඔබ සැම වෙත හෙලි කිරීමට සිදුවූයේ ධර්මය යටපත් කරමින් කටයුතු කරනා අතර තමන් තුල ඇති දුර්මත නිසාම විශාල පිරිසකට හානිගෙන දෙන ක්‍රියාමාර්ගයකට යොමුවී ඇති සුළු පිරිසක් ගැන හෙලිදරව් කිරීමටය. මහමෙව්නාවට සම්බන්ධ අහිංසක ස්වාමීන් වහන්සේලා වැඩි පිරිසක් හා අනුගාමිකයින් විශාල පිරිසක් මේ කතන්දරය නොදන්නා බව මම දනිමි.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු කෙරෙහි හිත් අපැහැදීමක් ඇතිකර නොගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. ඉදිරියේදී වත් තමන්ගේ දුර්මත ඉවතලා ධර්මයේ නාමයෙන් නියම බුද්ධ ශ්‍රාවකයින් ලෙස හැසිරීමට කටයුතු කරනා අතර මෙතෙක් කල් අඛණ්ඩව මහා සංඝරත්නය විසින් රැකගෙන ආ උතුම් ත්‍රිපිටක ධර්මය පිලිගැනීමට කටයුතු කරන ලෙසත් තමන් අතින් ධර්මයට සිදුවී ඇති වැරදි නිවැරදි කරන ලෙසත් කරුණාවෙන් ඉල්ලා සිටිමි. කිහිප දෙනෙක් විසින් දැන හෝ නොදැන ධර්මයට සිදුකරනා හානිය හෙලි කිරීම ඉදිරියටත් කරගෙන යන අතර එය වැලැක්වීමට ගන්නා අසාර්ථක උත්සාහයන් හමුවේ තවත් ඉක්මනින් සත්‍යය ජනතාව හමුවට විවර වන බව ඔවුන් විසින් දැන්වත් අවබෝධ කරගත යුතුය.

  2. නියමයි.. !! කාලකන්නි ගොන් හරක් රෑන එකතු වෙලා අධි භක්තියෙන් මේක වනසල දන්නා කලින් මොනා හරි කරන්න ඕනේ..!!! නැත්තන් බුද්ධ කියන වචනය හරි ඇහෙන කලෙක ඉපදිච්ච අපෙන් වැඩක් නෑ !!!!!!!!!!!!!!!

    • කිසිවෙකුටත් අපහාස නොවන පරිදි හා ධර්මයට හානිදායක නොවන අයුරින් තම අදහස් පළ කරන ලෙස සැම දෙනාගෙන්ම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

      උතුම් වූ බුද්ධ ශාසනයේ නාමයෙන් ඔබගේ මිතුරන් හැකි තරම් මේ ගැන දැනුවත් කරන්න…!

    • අවභෝධය කියන දෙයයි ශ්‍රධ්ධාවයි දෙකක් !! මහමෙවුනා මානසික රෝගීන් කරන්නේ අන් මිත්යාදුෂ්ටික ආගම් වල පවතින අන්ධ භක්තිය, විකුර්ති මානසික යාතිකා මේ මෙතුවක් කල් ලොව බිහි වූ අසම සම බුදුන් අභියසත් ගායනා කිරීමට මිනිසුන් ව හුරු කරනවා නම් ඊට වඩා ආනන්තරිය පාප කර්මයක් මේ ලෝකේ මා දකින්නේ නෑ !!!
      අද ලොවුතුරා බුදුන් ව අපවත් කිරීමට හෝ ලේ සොලවන්න බෑ, දෙවනුව සිටින්නේ ධර්මය මිස සංඝ රත්නය නොවේ !!
      ධර්මය බුදුන් ජීවමාන ව වැඩ සිටීමක් හා සමාන දෙයක්.. එය විකුර්ති කර, දේව යාදින්නක් කරන මහමෙවුනා උන්මන්තකයින් මේ ආත්මයේ කරන අන්ධ පාපකර්මයෙන් ගලවා නොගතහොත්, ඊළඟ ආත්මයේ ඔවුහු උපදින්නේ අබුධ්ධ කාලයක හෝ අන් ආගමක බව නම් නිසැකයි !!!

      කුමන ස්වාමින්වහන්සේ උනත් සිහල ජාතියට හෝ බුදු දහමට, ධර්මයෙහි අන්ධ වී හෝ, යටි අරමුණින් නිගා දෙනවනං බය නැතුව කතා කල යුතුමයි !!
      නැතහොත් බුධ්ධඝෝෂයන් ගෙන් ශාසනයට වූ හානිය නැවත වරක් වේවි..!

      අද අපට අන්දක / සංකේප අටුවා නැත.., තපස්සු සුත්‍රය හෝ භල්ලුක සුත්‍රය නැත.. මෙවන් ම කාලයක් අතීතයේ තිබෙන්නට ඇති, අද අපි අපේ මුතුන් මිත්තන් ගැන කලකිරෙන්නේ ඇතුන් හත් දෙනෙක් උසට අටුවා ගිනි තබද්දී මොනාද කලේ යයි අසමිනි. ..!!!

      එදාට තුන් පිටකය නොව දෙපිටකය වෙනවාට සැකයක් නැත !!
      එවන් දවසක තුන් පිටකයක් ගැන බිඳක් හෝ දැනගතහොත්, අපගේම දරුවන් අපට සාප කරනවා ඇති. .!

      • බුද්ධඝෝෂ හිමියන් සම්බන්ධ ඔබගේ අදහස හා එකගවිය නොහැක.

        කිසිවෙකුටත් අපහාස නොවන පරිදි හා ධර්මයට හානිදායක නොවන අයුරින් තම අදහස් පළ කරන ලෙස සැම දෙනාගෙන්ම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

  3. කිසිවෙකුටත් අපහාස නොවන පරිදි හා ධර්මයට හානිදායක නොවන අයුරින් තම අදහස් පළ කරන ලෙස සැම දෙනාගෙන්ම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

  4. ඔබ කල්පනාවෙන් ත්‍රිපිටකය කියවුවහොත් ඔබටම එය වැටහේවි. .. බොහෝ තැන් ගැටළු සහගත වේ… උදාහරණයක් හැටියට මිත්තතා මෙත්තතා පටලවා ඇත. ත්‍රිපිටකාචාර්ය ස්වාමීන්වහන්සේ නමකගෙන් විමසා බලන්න, ඉතිහාසය සොයා බලන්න, අපගේ අටුවා ගිනි තැබුවේ කුමන අරමුණක් ද කියා වැටහේවි…

    • ත්‍රිපිටකය සමග බුද්ධඝෝෂ හිමියන්ගේ සම්බන්ධය කුමක්ද?

      බුද්ධඝෝෂ හිමියන් විසින් සිදුකරන ලද්දේ ඒ දක්වා හෙළ බසින් පැවති අටුවා පාලි භාෂාවට පරිවර්තනය කිරීමයි. ත්‍රිපිටකය ඉතා මෑතක් වන තුරුම පැවතියේ පාලි භාෂාවෙන් පමණි.

      • ” හෙළ බසින් පැවති අටුවා පාලි භාෂාවට පරිවර්තනය කිරීමයි” 🙂
        හෙළ බසින් තිබු ඒවාට මොකෝ උනේ ? අයි ඒවා ඇතුන් හත් දෙනෙක් උසට ගොඩ ගසා ගිනි තිබ්බේ ? ( එය අප වෙන මාතෘකාවක දී කතා කරමු… කිමද, මහමෙවුනාව මෙහි ප්‍රධාන මාතෘකාවෙන් බැහැරට යන බවක් දැනෙනවා..)

      • ඔබ විසින් මුලින් පැවසුවේ ත්‍රිපිටකයේ වැරදි තැන් ඇති බවත්, ඔබ පැවසූ ඒ වැරදි තැන් වලට බුද්ධඝෝෂ හිමියන් වගකිවයුතු බවත්ය. එය වැරදි අදහසක් බවත් බුද්ධඝෝෂ හිමියන් අතින් හෝ වෙන කිසිවෙක් අතින් හෝ ත්‍රිපිටක ධර්මයට හානියක් වී නැති බව දැන් ඔබට වැටහෙනවා ඇත.

        පාලි ත්‍රිපිටකයේ අර්ථ විස්තර වශයෙන් හෙළ බසින් පවත්වාගෙන ආ අටුවාවන් අතරින් වැඩි ප්‍රමාණයක් බුද්ධඝෝෂ හිමියන් විසින් පාලියට පරිවර්තනය කිරීම නිසා මේ දක්වා සුරැකී තිබේ. ඒ ගෞරවය උන්වහන්සේට ලබාදිය යුතුය.

        හෙළ අටුවා විනාශ කිරීමේ සිද්ධිය ඔබ පවසන ආකාරයටම මෙම මාතෘකාවට එතරම් අදාල නොවේ..!

  5. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරමින්, ධර්ම නිධාන වෙබ් අඩවියේ, ධර්මචාරී පිරිස විසින් අපට ලබාදෙන සහයෝගය ඉතා අගය කරමි.

    ධර්ම නිධාන වෙබ් අඩවිය
    http://dharmanidhaana.wordpress.com/

    මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථාවට උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?
    http://goo.gl/L1Ik9

    • මා තවත් විස්තර වශයෙන් අඩවියේ පල නොකරන්නේ, මෙය කියවන ය සිතාවි මහමෙවුනාවට
      දොස් නගන අපි අතරේ ද අසමගියක් ඇති බව, ඔබට හැකි නම් මා මෙහි reply කර ඇති
      කරුනුන් අයින් කර දමන්න,

      ඔබ සිතාවි මා බුධ්ධධර්මය ට අදාළ ඉතිහාසය විකුර්ති කරන බව, නමුත් ම උගත් කරුණු
      කාරණා මෙසේය…
      ඔබ ඉතා සුහදශීලී පුද්ගලයකු ලෙස ම සමග විවාද කල නිසා, මා මේ දේවල් ඔබට පවසා
      සිටිමි, ඔබ සොයා බලන්න. .

      ඔබගේ ලේ කුපිත කරන මා හට සමාවෙන්න…

      බුධ්ධඝෝෂ යන දමිල සම්භවයක් ඇති ඉන්දියාවේ සිට ආ පුද්ගලයෙකු වේ, ඔහු ගේ මුල්
      නම “සඛනි” යයි යම් අයකු ඉන්දියානු මුලාශ්‍ර ඇසුරෙන් සොයා පෙන්වා දුනි.. මොහු
      මෙහි පැමිණ, පන්සල් ආශ්‍රිතව ජීවත් වී පැවිද්දෙකු ලෙසින් සිටියදී වේද ගන්ත්‍ර
      කට පාඩමින් ගයනා කිරීමෙන් මොහු ගේ කට හඬ, බුදුන් ගේ කට හඬ තරම් මිහිරි යයි මහා
      නායක ස්වාමින් වහන්සේ පවසා බුදුන් ගේ ශබ්දය ඇත්තා,

      බුද්ධ ගෝෂ ලෙස නම් තබන ලදී, නමුත් ඔහුගේ යම් යම් ක්‍රියාවලි නිසා කුපිත වූ
      ඇතැම් එකල ස්වාමීන් වහන්සේලා සහ ආචාර්යවරු, ඔහු කොටලුවෙකුගේ හඬක් ඇත්තා , අශ්ව
      ඝෝස ලෙස ආමන්ත්‍රණය කර තිබෙනවා ( ථූප වංශය ඉපැරණි සැකසීම / සද්ධම්ම සංග්‍රහ)
      කෙසේ හෝ මොහු පැමිණියේ මෙහි පවතී හෙළ අටුවා විනාශ කිරීමට බව නම් සැබෑවක්, මෙහි
      හෙළ අටුවා තිබියදී පාලි බසට හැරවීමට ඔහු පෙළඹුනේ ඇයි ? එවිටත් අපගේ සිංහල
      බුදුදහම යහතින් සුරකෙමින් පැවතුනු අතර, ඉතා පිරිසිදු නිර්මල දහම අපගේ අටුවා
      වල ලිය තබන ලද්දේ අපගේම සිංහල ස්වාමීන්වහන්සේලා ය..
      එසේ නම් මෙහි ඔහු පැමිණියේ යම්කිසි යටි අරමුණකින් බව සැබෑය, බුද්ධඝෝෂ හිමිව
      සුද්ද කරන්නේ මහාවංශය පමණි, එයද ලියා තිබෙන්නේ ඉන්දියානු සම්භවයක් ඇති මහානාම
      තෙරුන් වේ,

      මා සඳහන් කල පරිදි බුදුගොස් හිමියන් පරිවර්තනයේදී පටලවා ඇත, විශේෂයෙන්
      අභිදර්මය පටලවා ඇත්තේ මොන අරමුණක් නිසාද යන්න ප්‍රශ්නයකි…. ඉන් පසු අප හෙළ
      පොත් ගිනි තබා ඉන්දියාවට පලා ගොස් තිබේ..

      තව කීමට බොහෝ දා ඇත… නමුත් මෙය මා විසින් type කල දිගම ලිපිය වේ….
      මෙය මා පසුගිය අවුරුදු කීපය යම් යම් පුද්ගලයන් ඇසුරු කිරීමෙන් ලබාගත් දැනුමක්
      වේ, මෙය තර්කානුකූලව නිවැරදි බව මා හටද වැටහුනේ ත්‍රිපිටකය කියවීමට පටන් දා
      වේ… යම් දිනක ඔබට ම කියූ දා වැරදි යයි වටහුනොත් මා අමතන්න. ..

      මෙහි මා බුදු දහම කිසි ලෙස විකුර්ති නොකරමි, ම කතා කරන්නේ එහි ඉතිහාසය පමණි,
      බුදුන් ට කිසි දිනක පිටනොපාන මා ඉතිහාස ගැටළු තැන ඇති තැන විවාද කරමි, උතුම්
      පුරුෂයාගේ ධර්මය වනසන්නන්න්ට එරෙහිව කතා කරමි. යම්හෝ කාරණාවක් නිසා අපායේ
      ගියොත්. . එත් කම් නැත, එය මා එහිදී බෙරාගන්නම්… මගේ චේතනාව කුමක්ද යන්න මා
      පැහැදිලිව දන්නා නිසා මා බිය නොවෙමි ..

      තෙරුවන් සරණයි..

      2013/3/3 sri sadaham

      > **
      > srisadaham commented: “සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරමින්,
      > ධර්ම නිධාන වෙබ් අඩවියේ, ධර්මචාරී පිරිස විසින් අ”
      >

      • ඔබ වැරදි මගපෙන්වීමක් නිසා නොමග ගොස් ඇති බව පෙනේ. ඔබට මගපෙන්වන්නේ කව්ද කියා මම දනිමි. කිසිවෙක් කිව් පමණින් කිසිවක් පිලිනොගන්න. ත්‍රිපිටක ධර්මය හා සසඳා බලමින් උගත් වියත් මහා සංඝරත්නය ඇසුරෙන් ධර්මය ඉගෙන ගන්න. මා තරමක් දුරට ත්‍රිපිටකය හදාරා ඇත. එමෙන්ම මෙතෙක් කල් මහා සංඝරත්නය විසින් පවත්වාගෙන ආ ධර්මය හා ශාසන සම්ප්‍රදායන් ද මා විසින් පිලිගනිමි. තෙරුවන් කෙරෙහි අපමණ විශ්වාසයකින් කටයුතු කරන මාගේ ඒ ශ්‍රද්ධාව, කිසියම් හෝ පුද්ගලයෙකුගේ කීම මත වෙනස් කර නොගනිමි.

        ඔබ පවසන සියලු අදහස් ඔබ විසින් සොයාබලා නොව, වෙනත් පුද්ගලයෙකුගෙන් අසා පවසන බව දනිමි. නමුත් එසේ කිමෙන් වන හානිය සිදුවන්නේ ඔබටය. ඔබ කියන කරුණු ත්‍රිපිටක ධර්මය හා නොගැලපෙන බවත් පැවසිය යුතු අතර බුදුහිමියන්ට පමණක් ගෞරව කිරීම ප්‍රමාණවත් නොවන බවත් සිහියට ගන්න. බෞද්ධයින් වන අප බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයම ශ්‍රද්ධාවෙන් යුතුව සරණ යායුතු බව සිතන්න.

        මාගේ fb පිටුව හරහා සම්බන්ධ වුවහොත් මීට වඩා ඔබට උපකාර කලහැකි වේ යැයි සිතමි.
        http://www.facebook.com/theruwanatadivipudami

  6. කිසිවෙක් කියූ පමණින් පිලිගන්නවා නම් මේ කරුණු මා මෙහි ඉදිරිපත් කරන්නේ නැත…!
    අපට සියලු දේ ලැබුනේ විජයගෙන් පසුව හෝ, මිහිඳු හිමිගෙන් පසුව යන්න සිතේ තබා ගෙන කිසිවිටකත් ධර්මය හැදෑරීමෙන් වලකින්න!!
    ඔබ පවසන්නේ පතිරආරච්චි ගැන නම්, මා ඔහුට ගරු කරන බව සැබෑවක්, එත් ඔහු කියන හැම දේම පිළිගන්නේ නැත,
    මා ත්‍රිපිටකය කියවා තිබෙනවා, එම නිසා තමයි ඔබට නිවනට යන මගෙහි මිත්තත්තා යන්න පැහැදිලි කලේ. ..
    නමුත් හෙළ ත්‍රිපිටකය වනසා, පාලි බසින් හැරවූයේ ඇයි යන්නට කිසි ස්වාමීන් වහන්සේ නම අද වෙන තාක් කෙලින් පිළිතුරක් ලබා දී නැත !!

    • ත්‍රිපිටකය යනු මහරහතන් වහන්සේලා විසින් සංඝායනා කොට පවත්වාගෙන ආ විනය, සූත්‍ර, අභිධර්ම යන පාලි පෙළ දහම අඩංගු පිටකත්‍රයයි. මිහිදු මහරතන් වහන්සේගේ කාලයේ සිට පාලි ත්‍රිපිටක ග්‍රන්ථවල ගැඹුරු තැන් විස්තර කථා සහිතව අර්ථ පැහැදිලි කරමින්, නොයෙක් ආචාර්ය මතයන්ද එක්ව හෙළ බසින් පවත්වාගෙන ආවේ හෙළ අටුවාය. මෙම හෙළ අටුවාවන් වැඩි හරියක් පාලියට පරිවර්තනය කරමින් සංග්‍රහ කරන ලද්දේ බුද්ධඝෝෂ හිමියන් විසිනි. ත්‍රිපිටකය හා අටුවා යනු කුමක්දැයි පැටලීම, ඔබගේ ගැටළුවලට හේතුව යැයි පෙනේ. බුද්ධඝෝෂ හිමියන් විසින් හෙළ ත්‍රිපිටකය පාලි බසට හැරවූවා යැයි ඔබ කරනා ප්‍රකාශය වැරදි සහිතය. මෑතකදී බුද්ධ ජයන්ති පරිවර්තන ග්‍රන්ථ මාලාව එලිදක්වන තෙක්ම ත්‍රිපිටකය පැවතුනේ පාලි බසිනි.

      බුද්ධ ඝෝෂ හිමියන් ගැන, ඔබ අන් අදහස්ද විමසා බැලීමට කැමති නම් මේ ලින්ක් එකට ගොස් විශුද්ධි මාර්ගය ග්‍රන්ථය බාගතකරගෙන එහි ප්‍රස්ථාවනාව කිවන්න..
      http://www.ogatharana.org/page2.php

  7. විසුද්ධිමග්ග යම් තාක් දුරට ම කියවා තිබේ, මා එය නැවතත් බලන්නම්. .. ස්තූති.
    හෙළ ත්‍රිපිටකය යනුවෙන් මා අදහස් කලේ හෙළ බසින් පවත්වාගෙන අටුවා වල බුදු දහම මිස පැටලීමක් නොවේ…, එමෙන් ම
    තවමත් පාලි යන්නෙන් නම් තැබූ බසට නැවතත් ග්‍රන්ථාරූඪ කලේ ඇයි යන්නට ප්‍රශ්නය සොයා බලමු..

    පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් ගේ හෙළ අටුවා පරීක්ෂණය පොතේ මේ කරුණු පැහැදිලිව අඩංගු කර ඇත…,
    බුද්ධඝෝෂ හිමියන් පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීමේදී උන්වහන්සේ ජීවත් වූ කාලය පිළිබඳව ද නිශ්චිත නිගමනයක්‌ දීම අපහසුය. උන්වහන්සේගේ උපත ක්‍රි.ව. 5 සියවස ආරම්භයේදී සිදුවන්නට ඇතැයි සිතිය හැක.

    උන්වහන්සේගේ ළමා කාලය, පැවිදි ජීවිතයේ ආරම්භය පිළිබඳ තොරතුරු ලබාගැනීම අපහසුය. ලංකාවේ චුල වංසයට අනුව උන්වහන්සේ ක්‍රි.ව. 5 සියවසේ 03 දශකය තුළ මෙරටට පැමිණෙන්නට ඇත. ඒ වනවිට මෙරට බලය දරන ලද්දේ මහානාම රජුය.

    බුද්ධඝෝෂ හිමියන් මහාථූපය පිළිබඳ තම කෘති වල විස්‌තර කරනු දැකිය හැක. නමුත් දළදාව පිළිබඳ අවම විස්‌තරයක්‌වත් ඇතුළත්ව නැත්තේ ඇයි?
    බුද්ධඝෝෂ හිමි සිරිනිවාස නම් රජෙකු පිළිබඳ තම කෘතියේ සඳහන් කරයි. තමන් සමන්තපාසාදිකාව රචනා කළේ සිරිනිවාස රජුගේ විසිවන වර්ෂයේදී ආරම්භ කොට විසිඑක්‌ වන වර්ෂයේදී අවසන් කළ බව දක්‌වයි. නමුත් කතුවරයා ධම්මපදට්‌ඨ කතාවේදී සඳහන් කරන්නේ සිරිකුඩ්ඩ නම් රජෙක්‌ පිළිබඳවය. නමුත් මහාවංසය මතය සනාථ කිරීමට පශ්චාත් කාලීන කිසිදු මූලාශ්‍රයක තොරතුරු නැත. අඩුම තරමින් දඹදෙණි යුගය තුළ රචනා වූ පූජාවලියේද එවන් කරුණක්‌ සඳහන් වන්නේ නැත.

    මහාවංසය දක්‌වන විස්‌තරයට අනුව බුද්ධඝෝෂ හිමි විසුද්ධි මාර්ගය නම් පොත තුන්වතාවක්‌ ලියන ලද්දක්‌ බව පෙනේ. අවස්‌ථා දෙකකදීම එම පොත දෙවිවරුන් විසින් අතුරුදන් කර ඇත.

    පාලි සාහිත්‍ය රචනා කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් තම කෘතියේ සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් තම අරමුණ ඉටුවූ පසු හෙළ අටුවා සියල්ල මහසෑ මළුවට ගෙනවිත් ඒවා ඇතෙකුගේ උසට ගොඩගසා ගිනිතබා විනාශ කළ බව වාර්තා කරයි.

    හෙළටුවා විනාශ වීම ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් විනාශ කිරීමක් බඳු බව මගේ හැඟීමයි. හෙළටුවා විනාශ වීමෙන් අනතුරු ව බෞද්ධයාට ඉතිරිවූයේ බුද්ධඝෝෂ හිමි පාලියට පරිවර්තනය කරන ලද පාලි අටුවා පමණි.

    එමෙන් ම අටුවා හෙළ බසින් ලියැවීම ලාංකේය අපට වැදගත් භාෂාත්මක වර්ධනයකි. එය හෙළ බසින් ම අන්තර්ජාතිකත්වයට යා නොදී පාලි භාෂාවට පරිවර්තනය කර අන්තර්ජාතික කීර්තියට පත් කිරීමෙන් හෙළ බසට නිසි ගෞරවය නොලැබී යාම ද මේ විනාශයේ තවත් පැත්තකි.

    • ඔබගේ සියලු ගැටළු වලට පිලිතුරු, මා කලින් සඳහන් කළ පරිදිම විශුද්ධි මාර්ගය’ ග්‍රන්ථයේ ප්‍රස්ථාවනාවේ ඇත. එම ප්‍රස්ථාවනාව කියවා අවසාන් වනවිට ඔබට ඇති ගැටළු රැසක් විසඳෙනු ඇතැයි මම අපේක්ෂා කරමි.

      මේ සම්බන්ධ පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ අදහස් පිලිගත නොහැක්කේ ඇයි දැයි කියා එවිට ඔබට වැටහෙනු ඇත.

  8. පින්වත් මිතුර,

    මා දන්නා තරමට අභිධර්මය ත්‍රිපිටකයට එක්වුයේ 3 වන ධර්ම සංගායනාවෙන් පසුවය. වැරදිනම් මා නිවැරදි කරන්න.
    එමනිසා පළමු ධර්ම සංගායනාවේදී ධර්මයත් විනයත් ඒක රාශි කරනවිට අභිධර්මය අඩංගු නොවූ බව හැන්ගීයයි.
    එමනිසා ඒ ධර්ම කොටස රහතන්වහන්සේලා විසින් කටපාඩමින් රැගෙන ආවා නොවන්නට පිළිවන්.

    අභිධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් මාතෘ දිවය රාජයාට දේශනා කිරීමෙන් අනතුරුව යලි මිනිස් ලොවට වැඩම කොට සැරියුත් මහරහතන් වහන්සේට දේශනා කිරීමෙන් අනතුරුව උන් වහන්සේ ශිෂ්‍ය ස්වාමින්වහන්සේලට එය කියා දුන් බව ධර්මයේ සඳහන් වේ. සමහරවිට ඒ පරපුරෙන් පැමිණීම නිසා එය 3 වන සංගායනාවේදී ත්‍රිපිටකයට ඇතුලත් වීමට ඉඩ තිබේ.

    අනික භාග්‍යවතුන් වහන්සේ අභිධර්මය දේශනා කරන කාලය වන විට මා දන්නා තරමින් උන්වහන්සේ බුද්ධත්වයට පත්වී වසර 20ක් පමණ ගතවී අවසන්ය. ඒ වන විටත් අභිධර්මය ශරවනය නොකොට ස්වාමින්වහන්සේලා සහ උපාසක පිරිස ධර්මයේ හැසිරී සහ ධර්මය අවබෝධ කරගෙන එති බව පැහැදිලි වේ.

    මා ඉදිරිපත් කල කරුණු වල ගැටළු සහගත තැන් තිබිය හැක, නමුත් ඔබ අසන ප්‍රශ්නවලට මට පිළිතුරු දීමට කාලය නොමැතිවීමට ඉඩ ඇත, මන්ද යත් මා තරමක් කාර්ය බහුල වී සිටින බැවිනි.

    කෙසේවෙතත් මා සිතන ආකාරයට ඔබට ප්‍රශ්නයක් ඇත්නම් කෙලින්ම උන්වහන්සේගෙන් කාලයක් වෙන්කරවාගෙන ගොස් සාකච්චා කිරීම මැනවි. එවිට ඔබේ සැක දුරු කර ගැනීමට හෝ ඔබගේ දැනුම උන්වහන්සේට ඉදිරිපත් කල හැක. මෙසේ blog සහ නොයෙක් මාද්‍ය හරහා මෙවැනි ලිපි පල කිරීමෙන් බහුතර පිරිස් අකුසල් සිදු කරගන්නා අතර එය බොහෝ දෙනෙක්ට අහිත පිණිස දුක් පිණිස පවතිනවා ඇත. එමනිසා මට හැඟෙන පරිදි සුදුසුම දෙය වන්නේ කාලයක් වෙන්කරවාගෙන උන්වහන්සේ සමග සාකච්චාවක් පැවැත්වීමෙන් මේ සියලු ගැටළු නිරාකරණය කරගත හැකි බවයි. එම සකච්චවද හැකිනම් මෙහි පල කරන්න.
    එවිට හැම දෙනාටම නියම කරුණු කාරණා පැහැදිලි වේවි.

    තෙරුවන් සරණයි!

    • ඔබගේ විමසීම ගැන සතුටුයි..!

      මහමෙව්නාව තුලින් හෝ කුමන අයුරකින් හෝ ඔබ තුල ධර්මය ගැන වැරදි වැටහීම් ගණනාවක් ඇතිවී ඇති බව පෙනේ…!

      මගේ පෝස්ට් එක කියවන්න වෙලා නැතිනම්, කොහොම හරි පැය භාගයක් වෙන්කරගෙන මගේ බ්ලොග් එකේ මුලම තියෙන අතිපූජනීය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේගේ දේශනාව අහන්න. ඊටපස්සෙ ඔයාට යම් ගැටළුවක් තියෙනවා නම් අහන්න මම ඒවට උත්තර දෙන්නම්…!

      • පින්වත් මිතුර,

        ඉතාම සුන්දර ධර්ම දේශනාවක්! ඔබට ගොඩක් පින්, මගේ මතකය වැරදියි, 20 වසරක් නොවෙයි එය සත් වසරක් විය යුතුයි.

        කෙසේ වෙතත්, මෙලෙස නොයෙක් මාද්‍ය හරහා එක් එක් පාර්ශවයන් වාද විවාද කරගනීමනම් මා කිසි සෙත් අනුමත කරන්නේ නෑ.
        මන්ද යත් එයින් අපේ නූපදින ලද අකුසල් ඉපදීම සිදුවන බැවිනි.
        එබැවින් හොදම දේ තමයි, ඔබට තිබෙන ප්‍රශ්නය අදාළ පුදගලයා සමගම සාකච්චා කොට පිළිතුරක් සැපයීමයි.

        තෙරුවන් සරණයි!

      • අභිධර්මයේ ඇති වටිනාකමත් එය බුද්ධ වචනය නොවේ යැයි ඉවත දැමීමේ බරපතල කමත් මේ දේශනාව ඇසීමෙන් ඔබට හොඳින් වැටහෙන්නට ඇතැයි සිතමි.

        මා කීවේ වර්ෂය සම්බන්ධ වැරැද්ද පමණක් නොවේ.

        ඔබ, පළමු සංගායනාවේදී අභිධර්මය සංග්‍රහ වූ බව පිලි නොගන්නා බව කලින් සඳහන් කර ඇත. එය විශාල දුර්මතයකි. බුද්ධ වචනය සම්බන්ධයෙන් මෙවැනි දුර්මත රැසක් සමාජය තුල ප්‍රචලිත වීමට මහමෙව්නාවේ ක්‍රියාකලාපය උදව්වක් වී ඇති බව පෙනේ.තවමත් එම මතය ඔබ තුල ඇත්නම් මාගේ පෝස්ට් එකද ඉඩ ලද විටක කියවන මෙන් ඉල්ලා සිටිමි. කිරිබත්ගොඩ හිමියන් හා සාකච්ඡා කර මේ ගැටළුව විසඳිය හැකි වේදැයි ඉන්පසු ඔබට අදහසක් එනු ඇත…!

  9. පාලි ගාථා වලට සිංහල කවි යොදා ගනිමින් බුද්ධ වන්දනාව දේව වන්දනාව කරා යන ගමන ගැනද article එකක් ලියන්න…!
    මහමෙවුනාවෙන් සැබෑ ලෙසම ධර්මයට හානියක් වේ, මෙය මෙසේ වැරදිය එසේ වැරදිය කියා ත්‍රිපිටකයේ කිසි දෙයක් ඉවත ලිය නොහැක,
    ඉහත මාද විවාද කල නමුදු, බුදුගොස් හිමියන් ලියු දෑ පරිහරණය කරමි,
    එය ඉවතලිය නොහැක !!!!!!!!!

    මහමෙවුනාවෙන් ශාසනයට හා සංස්කෘතියට යටි අන්දමින් වන විනාශය අයි මේ මිනිසුන්ට නොපෙනෙන්නේ ?

    ඉටිපන්දම්, මල් බොකේ සංස්කෘතියක් කුමටද ? තරු සහ විවිද රට අඳින ලද බැනර් වලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක් ද ?

    බුදු පිළිම ගෑනු රූප හා සමානව නිර්මාණය කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ?

    මහමෙවුනාවට යන මිනිසුන් මද්‍යසාර පාවිච්චි කළා හා සමානව සිංහල කවි කියමින් මේ යන මිත්‍යාදෘෂ්ටික ගමනේ අරමුණ කුමක් ද ?

    සිහල ජාතියට නිගරු කරමින් ඔය කිරිබත්ගොඩ ස්වාමීන් අලුත් අවුරුද්ද අපගේ නොවන බව කියමින් යන ගමන කුමක් ද ? උන් වහන්සේ මහාවංශය කියූ පමණින් එවැනි ප්‍රකාශ කිරීම අපට කිසි සෙත් පිළිගත නොහැක,

    එමෙන් ම උන් වහන්සේ අභිධර්මය ඉතා ගැඹුරින් හදාරන ලද ඉතාමත් පින්වත් උතුම් බුද්ධ පුත්‍රයෙකුට යම් කිසි නාලිකාවක දී තදින් කතා කරනවා මා දුටිමි,
    මහාමෙවුනා මිත්යාදුෂ්ටිකයින් ඒවා පෙනී පෙනී ඉතාමත් පින්වත් ලෙස ආමන්ත්‍රණය කරන්නේ මා ඉහත කීලෙස මිත්‍යාවෙන් මත් වී, බුදුන් ගේ වහලෙකු වී පන්සල් යන නිසා බවක් මට පෙනේ. ..

    එය පැහැදිලිව අප මහා පුරුෂයා ගේ උතුම් ධර්මයට නිගරු කිරීමක් හා ඒ උතුම් බුදුන් මේ සංසාරය ගැන ලබා ගත අවභෝධය පහලට දැමීමකි, එවන් ය පන්සල් නොගොස්, දේව යාතිකා වලට සහභාගී වන ලෙස මා කාරුණිකව ඉල්ලා සිටිමි !

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s