අභිධර්මය පාඩම

අභිධර්මය හැදැරීමට ඔබත් කැමතිද…!

අභිධර්මය බුද්ධ දේශනාවක් නොවේද? (අතිපූජනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේගේ පිළිතුරු)

අභිධර්මය උගැන්මට පෙර…! (1 කොටස)

අභිධර්මය උගැන්මට පෙර…! (2 කොටස)

අභිධර්ම පිටකය අබුද්ධ දේශිතය කැයි කියන්නවුන්ට, ආභිධම්මික අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගෙන් පිළිතුරු….!

අභිධර්මය බුද්ධ දේශනාවක් නොවේද? (අතිපූජනීය නාඋයනේ අරියධම්ම මහා නාහිමියන්ගෙන් පිළිතුරු)

උතුම් බුද්ධභාෂිත අභිධර්මය හෙලා දකින්නන්ට අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන්ගෙන් පිළිතුරු..!

“අභිධර්මය උගැන්මට පෙර….” (3 කොටස)

“අභිධර්මය උගැන්මට පෙර….” (4 කොටස)

“අභිධර්මය උගැන්මට පෙර….” (5 කොටස)

Advertisements

4 thoughts on “අභිධර්මය පාඩම

  1. අභිදර්මය අවශ්‍ය වන්නේ ඉතා දියුණු යු මනසක් සහිත පුද්ගනයකුටය. ම දන්නා පරිදි මේ දේශනාව බුදුපියාණන් කරන ලද්දේ ඉසිවරුන්ටය.( එසේ නොමැතිනම් දෙවියන්ටය)බුදුන්වහන්සේ අභිදර්මය දේශනා නොකල ද බොහෝ මිනිසුන් මාර්ගපල ලැබිය.
    බුදුසමය සුත්‍ර වල තිබෙන්නේ නිර්මල දහමද . කියල නොයෙක් මැති මතාන්තර තිබුනද ඒවා පිළිපදින ප්රිතිපත්ති ගරුක ඕනෑම අයකුට( මිනිසකු,දෙවියකු..)නිවන් ඇත නොවේ.
    අප මනස අභිජ්හ තත්වට ගොස් තිබුනේනම් අභිධර්මය ඉගෙන තවදුරටත් සිතේ රාග , ද්වේශ සහ මෝහ ඉවත් කල හැකිය .එසේ නොමැතිව අභ්ධර්මය දැනගත්ත කියල එයට මේ කෙලෙස් විශාල වශයෙන් තිබෙනවානම් වෙඩක් නැත.

    • දෙවියන් හා මිනිසුන්ට නිවන් දෙකක් නැත. ඇත්තේ එකම නිවනකි. බුදුරදුන් දෙසූ සියලු ධර්මය එම නිවනට මග පෙන්වති. ධර්මය යනු සූත්‍ර හා අභිධර්මය යි. ඒ නිසා බුද්ධ වචනයට ගරු කරමින් නිවන් මග වැඩීමෙන් නිවන් දැකිය හැක. මෙතෙක් කල් රහතන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය රැකගෙන ආ ත්‍රිපිටක බුද්ධ වචනයට අනුව දහම් මග වඩන්නන්ට නිවැරදිව නිවන් මග වැඩිය හැක.

      එසේ නොමැතිව තිසරණය වෙනුව මහමෙව්නාව සරණ යන්නන්ට බුද්ධවචනය හෝ බුදුරදුන්ට වඩා වෙනත් දෘෂ්ටීන් වැදගත්වී තිබීම කනගාටුවකි..!

  2. I cannot understand what is happenning in the country for the time being actually, even the leaders, country’s rulers told something and doing another thing now. Well, we dont wanna follow what leaders said yet my question is, when too many things hapenning in the society can anyone keep their minds in a straight or single aim and full-fill what to escape from this useless social pattern with straight mind. Furthermore can some one tell me to follow a session of Q & A, a dialogue like something, to make my knowledge wise.

  3. ප්‍රශ්නය- මහනායක හාමුදුරුවනේ, අභිධර්මය බුද්ධ දේශනාවක් වශයෙන්ම පිළිගත හැකි ද?

    පිළිතුර- අභිධර්මය පිළිගන්න බෑ කියල කියන අය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඒ විස්තරය පිළිගත්තේ නැද්ද? මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ අනුමත කළ මේ ත්‍රිපිටකය වටා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ළංවෙලා හිටියෙ ඒ වගේ මහ රහතන් වහන්සේලා.

    අපට වඩා බුදුරජාණන් වහන්සේගේ අදහස් ඒ ඇත්තෝ දන්නවා. ඉතින් මොකද එය ප්‍රතික්ෂේප කරන්නෙ.

    අනිත්‍ය, දුක්,අනාත්ම පිළිබඳව අභිධර්මය හැර විස්තර කරන්න වෙන කිසිම ක්‍රමයක් නෑ.

    බුදුහාමුදුරුවො වැඩ සිටින කාලයේදි අභිධර්මය පිළිබඳ සාකච්ඡා ඇති වුණා කියන එක අපේ ත්‍රිපිටක පාලියේ පොත්වල හමුවෙනවා. ඒවා පසුව ඇතිකරපු එකක් නොවේ.

    .

    ප්‍රශ්නය- බුදුරජාණන් වහන්සේගේ අභිධර්ම දේශනාව සිදු වූයේ දෙවියන්ට පමණක් ද?

    පිළිතුර – අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තත්ත්වය හෙළි කරන දේශනාව අභිධර්ම දේශනාවයි.

    අභිධර්ම දේශනාව බුදුහාමුදුරුවො දෙවියන්ටත් මනුෂ්‍යයන්ටත් කොතෙකුත් අවස්ථාවල දේශනා කර තිබෙනවා. කුසල ධම්ම අකුසල ධම්ම පිළිබඳ අභිධර්ම පිටකයේ විස්තර කරනවා. එතැන අභිධර්ම දේශනාව දෙව්ලොවදීත් නුවණ ඇති දෙවියන්ටත් මාතෘ දිව්‍ය පුත්‍රයා ප්‍රධාන දෙවියන්ටත් මිනිස් ලොවේදීත් නොයෙක් අවස්ථාවල අභිධර්ම දේශනාව වදාළ බව සඳහන් වෙනවා. අභිධර්ම පිටකයේ දැන් සඳහන් බුදුරජාණන් වහන්සේ වදාළ වදන විස්තර කිරීම කුසල ධම්ම වශයෙන් අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර දේශනා කළහ. ධම්ම සංගණී විභංහ ආදී වශයෙන් ප්‍රකරණයක විස්තර තියෙනවා.

    අග්‍රශ්‍රාවක ප්‍රඥාවන්තයන් අතුරෙන් අග තැන් ලැබූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය පරිදි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව විස්තර කළා. එය ඇයි අප ප්‍රතික්ෂේප කරන්නේ.

    බුදුරජාණන් වහන්සේගේ චිත්ත ඤාණ දන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුද්ධ වචනයයි එසේ විස්තර කළේ. අභිධර්ම ප්‍රකරණය හයකට අප කොහොමද ඒක ප්‍රතික්ෂේප කරන්නෙ. පළමුවැනි ධර්ම සංගායනාවට මාතිකා නමින් ආවේ බුදුරජාණන් වහන්සේ වදාළ අභිධම්ම මාතිකාව. එය කුසලා ධම්ම කුසලා ධම්මා ආදී වශයෙනි. සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රකරණ හයකින් විස්තර කළේ ඒවා යි.

    තුන්වන සංගායනාවේ දී මුඛ පාඩමින් ඒ ඒ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් රැකගෙන ඒමෙන් අටුවාවක් වශයෙන් වෙනම ප්‍රකරණයක් මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් භේද දුරු කිරීමට ප්‍රකරණයම වශයෙන් එකතු කළා.

    බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් සමඟ සාකච්ඡා කර 1997 වසරේ බුදුසරණ පුවත්පතෙහි පළවූ ලිපි පෙළ ඇසුරෙනි.
    බුදුසරණ පුවත්පත: 2013/03/19
    ප්‍රශ්නය- මහනායක හාමුදුරුවනේ, අභිධර්මය බුද්ධ දේශනාවක් වශයෙන්ම පිළිගත හැකි ද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s